(ඩයනා උදයංගනී)
ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් ගොස් ඇත්තේ අනුග්‍රාහකයන්ගෙන් ලබාගත් මුදල්වලින් මිස රජයේ මුදල්වලින් නොවේ යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (27) පැවසීය.
ඒ හේතුවෙන් මෙම සංචාරය නිසා රජයට හෝ භාණ්ඩාගාරයට වැඩි බලපෑමක් වී නැතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ජපානයේ මේ දිනවල පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙල නැරඹීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා සමඟ ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, විසිතුරු මසුන්, මිරිදිය මතස්‍ය සහ ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරු ද ගොස් සිටිති. ‘අනිසි වියදම් සීමා කරන ලෙස මුදල් අමාත්‍යවරයා අමාත්‍යාංශ හා රජයේ ආයතනවලින් ඉල්ලීමක් කර තිබියදීත් ඔලිම්පික්වලට ඇමතිවරු 4ක් ගොස් තිබෙනවා. ක්‍රීඩා විෂයට සම්බන්ධයක් නැති රාජ්‍ය ඇමතිවරුන් ද මෙවැනි අවස්ථාවක මේ සඳහා ගොස් සිටීම අනවශ්‍ය වියදමක් නොවේද?’ යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියා ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළේය.
එයට පිළිතුරු දෙමින් ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසුවේ එම ගමන සඳහා ඔවුන්ට රාජ්‍ය නොවන පෞද්ගලික අංශ ගණනාවක් අනුග්‍රහය දක්වා ඇති බවයි.
ඒ ගමන් වියදම් අනුග්‍රාහකයින්ගෙන් ලැබුණු නිසා රජයට හෝ මහා භාණ්ඩාගාරයට ඉන් දැවැන්ත බලපෑමක් වී නැතැයි ද ඇමතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පරණ කතාවක් තියෙනවා " මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවේ" කියලා. අනුග්‍රාහකයින් ගැන කියනකොට මොකද මන්දා මට ඒ කතාව මතක් වුණා. මොනවා වුණත් අනාගත රාජ්‍ය නායකයානේ... සල්ලි දුන්න අයට අත ලෙවකකා ඉන්න වෙන එකක් නැහැ මගේ හිතේ...
ඔහොම්ම තමයි 2011දී කොමන්වෙල්ත් ගේම්ස් ගන්න කියලා අනර්කලීලා එක්ක නාමල් සමඟ කබ්රාල් මහත්තයා ගියේ... නිමල් පෙරේරා එක්ක කෝච්චිත් ගියා. දන්න එවුන් දන්නවා එ්කට හරියන්න ඊ.පී.එෆ්. එකට හොඳටම කරපු විදිහ. මැරෙන්න ඉන්න ළමයෙක්ටවත් පිටරට ගිහින් ප්‍රතිකාර ගන්න සල්ලි දෙන්නේ නැති මිනිස්සු.. මේ අයට සතුටු වෙන්න ආදරේට දෙන්න ඇති. සල්ලි දුන්නු අයගේ ලිස්ට් එක ඉල්ලන්න තිබ්බේ.
ඒ වුණාට ඔවුන් පෙරලා පැමිණි පසු... අනුග්‍රාහකයින්ට සලකන්න වේවි නේද?
මෙයාලානම් දේශපාලුවෝම තමයි. ඇයි ඒ සල්ලිවලින් අහිංසක මිනිස්සුන්ට හාල් සේරුවක් අරන් දෙන්න තිබුණානේ... රට බංකොළොත්. මෙන්න රටට, ජනතාවට ආදරේ ඇති අය...
අනේ පව් අප්පා... එන්නතක් තියෙනවද දන්නේ නැහැ. කාලාබීලා ඉන්නවද දන්නේ නැහැ. මේවා දකිනකොට ඇඬෙනවා. මට නම් බයයි... මොකද දන්නවද? ජපානයේ දේශපාලකයෝ සහ මිනිස්සු මේක දැනගත්තොත් මේ අය 4 දෙනාට ලංකාවට එන්න දෙන එකක් නෑ. එහෙ නවත්වා ගනීවි... දේශපාලන උපදෙස් සහ වැඩකිඩ ටික දැනගන්න....
මාර තියරියක්.. අනුග්‍රාහකයන්ගේ සල්ලි මේ රටේ මුදල් නෙමෙයිද? ඒවාට රජයට හෝ මහා භාණ්ඩාගාරයට බරක් නෙවෙන්නේ ඒවා කලු සල්ලි නිසා නේද? රටට අනාගතයක් නැති මේ වාගේ බොරුවෙන්ම පාලනය කරපල්ලා..
අනේ කෙතරම් ත්‍යාගශීලි ආයතන ද මේ? මීය කැඩුවේ අත ලෙවකන්න වෙන්න ඇති...
ගිය කණ්ඩායමට හරියට නිලඇඳුමක්වත් දෙන්න බැරි අය...
විෂයට අදාල නැති අැමැතිලාට ඔලිම්පික් යන්න අැයි මේ අය වියදම් කරලා තියෙන්නේ? මොකක් හරි යටි අරමුණක් ඇති...!!
මොනවද හලෝ ඔය කියන කතා? කාවද ඔහේලා රවට්ටන්න හදන්නේ? අනුග්‍රාහකයන්ට දැන් සලකන්න ඕනෑ නේද? ඔහේ පොඩි බබා වෙන්න යන්න එපා. ඔය දුන්නේ පගාවක්... වෙන රටක නම් ඔවුන් ටික ගෙදර..
මෙයා කිව්වොත් කියන්නේ බොරු...
මේ අය හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්න ඔක්කොම මිනිස්සු එල හරක් කියලා...
කොහොමද ඔප්පු කරන්නේ..? බිල්පත්වල පිටපත් ඕනෑ කවුද ගෙව්වේ කියලා බලන්න.?
කාලකණ්ණි... තමයි..!
රටේ වෙන දේවල් වලට මේවා නිකන් ප්‍රවෘත්තියක් විතරයි. අපි ඔක්කොම වහල්ලු.. දේශපාලකයන්ට සැප...
ඕස්ට්‍රේලියාවේ කොටු පනින්න ගිහිල්ලා කකුල කඩාගෙන ජනාධිපති අරමුදලෙන් කෝටි ගාණක් ඉවරයි... ඊට පස්සේ තඩි බොරුවක් කිව්වා. ඒ රටේ ආණ්ඩුවට විරුද්ධව නඩුදානවා. මේක වැටිච්ච එකට එරට ආණ්ඩුව වගකියන්න ඕනෑ කියලා.. මේ නඩුවට මොනවද වුනේ කියලා.. මෙයාගෙන්මයි අහන්නේ. රටේ ඇමතිකම් කළා. රටට කරපු එක හොඳ වැඩක් කියන්න.
කොයි ලෝකෙද එහෙම දේශපාලකයින් ඉන්නේ...?
එතකොට ඔවුන් වියදම් කරන ඩොලර් ඩේසි ආච්චිගේ කිල්ලෝටෙන් හම්බුණාද? මේ අය තවම හිතන් ඉන්නේ අපි මෝඩ තකතීරුවන් කියලා.
විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇතිකිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන හා ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන... මේ දෙන්නා කොහොමද ක්‍රීඩාවට සම්බන්ධ වෙන්නේ? ජපානෙට පැනලා... මේ දෙන්නගේ අමාත්‍යාංශ මේ දවස්වල වැඩ බලන්නේ පොලිසියෙන්ද..?
හෙරොයින් කිලෝ 25ක් අරගෙන ගියයි කියන්නේ ඔය වියහියදම් මකාගන්න නේද?
එහෙම නම් සුද්දෙ දීපු සල්ලිවලින් වෙන්න ඇති යන්න ඇත්තේ...?
සාමාන්‍ය ජනතාවට ඩොලර් ගන්න ගියාම දාහක් ප්‍රශ්න... නමුත් මේ ගොල්ලන්ට සංචාර යන්න අතදිග හැරලා ඩොලර් කොහෙන්ද?