(රංජිත් රාජපක්ෂ)
වතු කම්කරුවන්ගේ දරුවන් මින් ඉදිරියට මෙහෙකාර සේවයේ යෙදවිමට කිසිවකුට නොහැකි වනසේ කම්කරු අඥා පනත ශක්තිමත් කිරිමට අපි මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පවසයි.
අපේ රටේ කම්කරු ආඥා පනත අවු 100 කට වඩා පැරණි.බාල වයස්කාර ළමයකු මෙහෙකාර සේවයේ යොදවන මව්පියන්ට දඩුවම් ලබාදිය හැකි සේ නව පනත් ගෙන්න අපි සැලසුම් කරලා තියෙන්නේ. මින් ඉදිරියට වතුකරයෙන් මෙහෙකාර සේවයට ළමුන් ගෙනියන්න කාටවත් බැ.
වතු කම්කරුවන්ගේ පවුල් වල අර්ථික ගැටළු තියෙනවා කියලා මම පිලිගන්නවා,ඒකට විසදුම ළමුන් මෙහෙකාර සේවයේ යෙදවිම නෙවෙයි.
ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් සිදු කරන පොලිස් විමර්ෂණ කටයුතු විදිමත් කරන්න කියලා අද සියළු දෙනා එකතු වෙලා බලපැම් කරනවා.ඒක හොද දෙයක් නමුත් ඇතැම් අය මේ සිද්ධිය දේශපාලන වාසියක් කරගන්න උත්සහ කරනවා. වතුකරයේ ළමුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහල දාන්න අපි මේ වන විට වැඩපිළිවෙළ රාශ්‍රියක් ආරම්භ කරලා තියෙනවා.
මිය ගිය ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය සිදු කරනු ලබන විමර්ෂණ කටයුතු සම්බන්ධව තමන් සැහිමකට පත්වන බව ද ඔහු පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතු කම්කරුවන්ගේ දරුවන් කොපමණ ඔබලාගේ නිවසේ මෙහෙකාර සේවයේ ස්ටින්නේද කියා ඔබ නොකීවට රටේ ජනතාව එය හොදින් දනී. දෙවනුව ඔබලා අසරණ වතු කම්කරුවන්ට සැලකුම් දක්වන්නේත් ඔවුන්ට කතා කරන්නෙත් ඉතාම නින්දිත පහත ආකාරයට බව අප දැක තිබේ. එමනිසා මිනිසක් වසලයකු වන්නේ උපතින් නොව ඔවුන් කරන ක්‍රියාවෙන් බව නොදන්නේද ? එසේ නොදන්නේනම් දන්නා කෙනෙකුගෙන් අසා දැනගන්න.
තමුන්ගේ සීයගේ, තාත්තගේ කරපු දේවල් හින්දා තමයි ඔය දුප්පත් අහිංසක වතුකරයේ ළමයින්ට ගෙවල්වල වැඩකරන්න සිද්ද වෙලා තියෙන්නේ. ඒ ළමයි මැරිලා ගියා... තවත් කතා කරනවා බොරුවට...
තමන්ට සර් කියවගන්න දඟලන උද්දච්ච බොරුකාරයා. මෙයාට පුලුවන් කම්කරු මුට්ට කාසි වලින් සැප වීඳීම විතරයි.
තමුන්නාන්සෙගෙ මී මුත්තා , සීයා , පියා, නොකල දෙයකට මේ අතගහන්න හදන්නෙ, එහෙම කලොත් ඉතිහාස ගතවෙයි. හැබැයි වසර හැට හැත්තෑවක් වතු කම්කරුවන්ගෙන් හූර ගනිපු ධනය ටිකක් වියදම් කරල මොවුන්ගෙ ණය බර නිදහස් කරන්න වෙයි. අර දැරියගෙ පියා කිව්වෙ ණය ගෙවාගන්න බැරිව තම දරුවා බ්‍රෝකර්ට දුන්නා කියලා .
සිද්ධියක් මතු වුණාට පස්සේ ඒ ගැන කතා කරන්න ඕනෑතරම් ඉන්නවා. මෙය අද ඊයේ ගැටළුවක් නෙවෙයි. කිසිම රජයක් ළමයි ගැන හිතන්නේ නැහැ.
අනේ මෙයාගේ සීයාගෙයි, අප්පගෙයි කාලේ ඉඳන් කරනවනේ.. !
ඉතාම හොඳයි... ඒ වගේම ඒ දැරිවියන් වතුවලදී සිදුවන හිරිහැරයන් නවත්වන්න. එයාලා මෙහෙකාර සේවයට එනකොටත් ගොඩක් අත්දැකීම් එක්ක එන්නේ... ඒ ගැනත් අවධානය දෙන්න...
සීයාගේ ඉඳලා කරපු දියුණුව තමයි ඒකෙන් පේන්නේ...!!!