(නිමන්ති රණසිංහ)
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් වන පරීක්ෂණයට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රිෂාඞ් බදියුදීන් මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කටයුතු කරන බව බොරැල්ල පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගෙන් මියගිය දැරිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇති බැවින් ඉදිරියේදී එම ප්‍රකාශය සටහන් කර ගැනීමට කටයුතු කරන බව ද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.
මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා මහත්මිය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී පොලීසිය බී වාර්තාවක් මගින් එලෙස අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මේ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටි හිටපු අමාත්‍යවරයාට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඉකුත් 17 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබූ අතර දින 08කට පසු ඊයේ නැවතත් ඔහු එම දෙපාර්තමේන්තුවට රැගෙන ගොස් ඇත.
කොළඹ ජාතික රෝහලේ 55 වන වාට්ටුවට ඇතුළත් කෙරුණු රිෂාඞ් බදුර්දීන් මහතාට වෛද්‍ය නිර්දේශ මත ලබා දුන් ඖෂධ ලබානොගෙන හොර රහසේ ඉවතට විසිකර දමා ඇති බවට කරුණු හෙළි වී ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රිෂාඞ් බදියුදීන්ගේ නිවසේදී ගිනි ගැනීමකට ලක්ව මියගිය දැරිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පොලිසිය මෙතරම් ඉක්මන් වන්නේ කුමටද ? සති 2 කට පසුවවත් මෙතෙක් ප්‍රකාශ සටහන් කර ගැනීමට යාම පිළිබදවම සැකයක් සහ පිළිතුරු නොමැති ප්‍රශ්ණ ගණනාවක් මතුව ඇත. ( ඉදිරියේදී එම ප්‍රකාශය සටහන් කර ගැනීමට ) රිෂාඞ් බදියුදීන්ගේ සහෝදරයා මෙම නිවසට පැමිණියේද සහ මෙම නිවාස කන්‍යාවියන් දුෂණය කිරීමට යොදා ගත්තේද කියා සොයා බලන්න
තම්බියො ඔහොමම තමයි.
වයස 15 ක දරුවෙක් මෙහෙකාර සේවයේ තබා ගැනීම නීතියෙන් දඬුවම් ලැබෙන වරදක්. මේකට අදාළ ගෘහ මුලිකයා වහාම අත්අඩංගුවට ගෙන උසාවි දාන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට නම් වෙන්නේ මේකයි. එත් මෙතන ලොකු බලපෑමක් තියෙනවා රිෂාඩ් ශේප් කරන්න. සමහරවිට පාර්ලිමේන්තුවේ 2/3 දීමට සහය වන නිසා වෙන්න ඇති. අද දින තොන්ඩමන් ඇමතිතුමා කල ප්‍රකාශයෙන් මේ බව තහවුරු වෙනවා.
මෙන්න දියවන්නාව පට්ටියේ අම්බරුවන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කරනෝ..!!! කෝ අම්බරුවන්ගේ වරප්‍රසාද පිළිබඳ ජාතික සංසදයක් නැද්දෝ..? විපක්ෂයේ අම්බරුවන් විරුද්ධ නොවෙන්නේ මොකද...? කෝ මේ "සුදු" කුමාරගේ අන්තරේ ඉන්න අන්දරේලාට "වහා වල් ඌරාව නිදහස් කරනු, වල් ඌරාට අත නොතබනු" වැනි වැදගත් පෝස්ටර් අඳින්න අවස්ථාවක් නැද්දෝ...!!! කෝ මේ අයගේ අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර NGO ටකරං මඩු අයිතිකාර නෝනලා මහත්තයා හැබෑටම..?
සාමාන්‍ය කෙනෙකුගේ නිවසක බාල වයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදෙව්වා නම් පොලිසිය ඉස්සෙල්ලාම කරන්නේ ගෘහ මූලිකයා අත්අඩංගුවට අරන් උසාවි දාන එක... නමුත් දැන් පැහැදිලියි.. මේ රටේ නීතිය පුද්ගලයා අනුව වෙනස් වෙනවා කියන එක...