(සුජිත් හේවාජුලිගේ )
සැර කොරෝනා ප්‍රභේද සොයන ජාන විශ්ලේෂණ පරීක්ෂණ සඳහා යොදා ගැනීමට විශේෂිත පරීක්ෂණ කට්ටල 15,000ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.
මේ පරීක්ෂණ කට්ටල කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයටත් ගාල්ල කරාපිටිය, මහනුවර ,අනුරාධපුර ,මඩකළපුව යන රෝහල්වලටත් ලබාදීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
ජාන විශ්ලේෂණ පරීක්ෂණ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සහ කොළඹ විශ්වවිද්‍යවල මේදිනවල සිදුකෙරෙන බව පැවසූ බටුවන්තුඩාව මහතා ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ලංකාවේ ප්‍රමුඛතම වයිරස ප්‍රභේදය බවට පත්වීමට ඉඩ ඇතැයිද පැවසුවේය.
ලෝකයේම ප්‍රබල වයිරසය බවට ඩෙල්ටා පත් විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවා සදහන් කර ඇතැයි ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේවයි කෙරෙන්න ඕනේ වැඩ... නිකන් පාස්කු ප්‍රහාර කරපු අය පසුපස දුවන එක නොවෙයි. ඒ අය මැරුණා.. මහා මොළකාරයා අවුරුදු 1400 කට කලින් මැරුණා..
ඔව්නේ, ඒවා වටිනා වැඩ... හැබැයි දුන් පොරොන්දු ඉටුකිරීමත් ඒ තරම්ම වැදගත් නේද?.. අපෙන් එදා කතිරෙ ගත්තේ ඒ පොරොන්දු පිට නොවැ.. !! චී චී මහත්තයෝ දිව හැරෙන අතට මොකටද දොඩන්නේ..?