කුරුණෑගල දිසා අධිකරණය වසා දමයි වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරු වූ පුද්ගලයකු සමඟ කුරුණෑගල දිසා අධිකරණ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු සමීපව ඇසුරු කිරීමේ සිද්ධියක් අනාවරණය වීමෙන් පසුව ආරක්ෂිත පියවරක් ලෙස කුරුණෑගල දිසා අධිකරණය සහ අතිරේක දිසා අධිකරණය අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත. 26 October 2020
අම්බලන්ගොඩ සියලුම පුස්තකාල දින නියමයක් නැතිව වසා දමයි අම්බලන්ගොඩ නගර සභාව මගින් පාලනය කරනු ලබන සියලුම පුස්තකාල අද (26 )දින සිට දින නියමයක් නොමැතිව වසා දමා ඇත. 26 October 2020
පුජාපිටියේ සියලු සතිපොලවල් නැවත දැනුම්දෙනතුරු වසා දමයි පූජාපිටිය ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල පවත්වාගෙන යනු ලබන සියලු සති පොළවල් සෞඛ්‍ය අංශවල උපදෙස් මත නැවත දැනුම් දෙන තුරු වසා ඇති බව පූජාපිටිය ප්‍රදේශිය සභාවේ සභාපති අනුර ප්‍රනාන්දු මහතා කීය. 26 October 2020
ගල්කිස්ස අධිකරණයේ වැඩ කටයුතු තාවකාලිකව නවත්වයි ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළට කොරෝනා රෝගීන් ඇතුළු වී ඇති බැවින් ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් නීතීඥවරුන් නඩුවලට පෙනී නොසිටීමෙන් අද(26) දිනට නියමිත නඩු කල් දැමීමට පියවර ගෙන ඇත. 26 October 2020
හලාවත පොදු වෙළඳපොල සතියක් වහයි හලාවත නගරයේ පවත්වා ගෙන යන පොදු මාළු හා එළවළු වෙළදපොළ හෙට (27) සිට සතියක කාලයකට වසා දැමීමට අද (26) හලාවත නගර සභාවේ පැවැති විශේෂ රැස්වීමක දි තීරණය කරණ ලදි. 26 October 2020
කොටගල නගරයේ වෙළෙඳසැල් වසා දමයි හැටන් කොටගල රොසිටා සහ ග්රෙටන් තේ වතු වලින් කොවිඩ් 19 වෛරසය අසාදනය වු රෝගින් දෙදෙනෙකු අද (26) දින හදුනාගැනීමත් සමඟ කොටගල වෙළෙඳසැල් සියල්ල වසා දැමීමට වෙළඳ සංගමය තීරණය කර තිබේ. 26 October 2020
ස්පාඤ්ඤය හදිසි නීතිය පනවයි : රටටම ඇඳිරි නීතිය නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල පාලනය කිරීමේ අරමුණින් ස්පාඤ්ඤය ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර රටටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇත. 26 October 2020
පාර්ලිමේන්තුව වසා දමා විෂබීජහරණය කරයි පාර්ලිමේන්තුවේ පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් නිලධරයකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් අද සහ හෙට පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නවතා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි පවසයි. 26 October 2020
ඉන්දීය මහබැංකු අධිපතිට කොරෝනා ඉන්දියාවේ මහ බැංකු අධිපති ශක්තිකාන්තා දාස් ට නව කොරෝනා වයිරස ආසාදනය වී ඇත. 26 October 2020
පියයුරු පිළිකා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් පියයුරු පිළිකා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අන්තර්ජාතික මාසය වෙනුවෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමය සංවිධානය කළ වැඩසටහන් රැසක් මේ මාසය මුළුල්ලේ පැවැත්විණි. 25 October 2020
16 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි අද (25) අලුයම කොළඹ ජාතික රෝහලේ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේදී මිය ගොස් ඇති රෝගියකු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා දැනුම් දෙයි. 25 October 2020
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල වසා දමයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලය සහ වෙරහැර කාර්යාලයද නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයද හෙට(26) සිට යළි දැනුම්දෙනතුරු මහජනතාවට විවෘත නොකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ලංකාදීපයට පැවසීය. 25 October 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුරට තවත් 85ක් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් අද (25) දිනයේදී පස්වරු 9.30 වනවිට ආසාදිතයන් තවත් 85දෙනෙකු වාර්තා වී ඇත. 25 October 2020
උසස් පෙළ සිසුන්ට වෙන් කළ දුම්රිය හැර සියලු දුම්රිය ධාවනය නවතයි අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගය සඳහා මුහුණදෙන සිසුන්ට වෙන්කළ දුම්රිය කිහිපයක් හැර අද(25) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම දුම්රිය මාර්ගවල සෙසු දුම්රියන් ධාවනය නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 25 October 2020
දුමින්ද සිල්වා නිදහස් කරන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඉල්ලති මරණ දඬුවම නියම වී සිරදඬුවම් විඳිමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදහස් කරන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙත්සමකට අත්සන් තබා ඇත. 25 October 2020
ගම්පහට 5,000 දීමනාව දෙන්න කෝටි 232ක් ඉල්ලයි නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් බල ප්‍රදේශ 15කට රුපියල් 5000 දීමනාව ලබාදීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පැවසීය. ඒ අනුව පවුල් 464,254ක් සඳහා ලබාදීමට රුපියල් කෝටි 232කට අධික මුදලක් ඇස්තමේන්තුකර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය. 25 October 2020
බේරුවල - අලුත්ගම - පයාගල ඇඳිරි නීතිය දිගටම බේරුවල, අලුත්ගම සහ පයාගල යන පොලිස් බල ප්‍රදේශවලට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 25 October 2020
පන්නල ඇඟලුම්හලක අංශ 3ක් වහයි පන්නල අපනයන ඇගලුම් කම්හලක අංශ 03 ක් තාවකාලිකව වසාදැමීමට උපදෙස් ලබාදුන්බව පන්නල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 25 October 2020
තවත් 263කට කොරෝනා තවත් ආසාදිතයන් 263දෙනෙකු අද(25) සවස 6.08 වනවිට වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 25 October 2020
කොළඹ සිට දුරගමන් බස්රථ ධාවනය අත්හිටුවයි කොළඹ සිට දුරගමන් සේවා බස්රථ අද(25) පස්වරු 6.00 සිට ධාවනය අත්හිටුවීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(ධාවන) ඒ. එච්. පණ්ඩුක මහතා ලංකාදීපයට පැවසීය. 25 October 2020
ඇඳිරිනීති සමයේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු සියල්ල කල්දමයි ඇඳිරි නීතිය බලපැවැත්වෙන දිනවලදී විභාග කිරීමට නියමිතව තිබූ සියලුම නඩු කල්දමා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කරයි. 25 October 2020
ලක්ෂ 10ක අයිස් සමග තිදෙනෙක් අත්අඩංගුවට තලවතුගොඩ වික්‍රමසිංහපුර ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 10කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය හා විද්‍යුත් තරාදි දෙකක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු අද (25) අත්අඩංගුවට ගත් බවත් තලංගම පොලීසිය කියයි. 25 October 2020
කොට්ටාවේ මාළු වෙළඳසැලකට මුද්‍රා තබයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු රැගෙන ආ , කොට්ටාව හොරණ පාරේ මාළු වෙළඳසැලක හිමිකරුට කොරෝනා වෛරසය වැළඳීම හේතුවෙන් එම වෙළඳසැල (25) දා මුද්‍රා තැබීමට පියවර ගත් බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය. 25 October 2020
රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි කොළඹ කොටුව දුම්රිය ස්ථානය පිහිටි කලාපයටද අද දින (25) නිරෝධායනය ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් අද දින ධාවනයට නියමිතව තිබු රාත්‍රී තැපැල් දුම්රියන් සියල්ල අවලංගු කර ඇති බව දුම්රිය ආරංචි මාර්ග පවසයි. 25 October 2020
මන්නාරමේදී බිම්බෝම්බයක් පුපුරා ළමුන් දෙදෙනෙකුට තුවාල මන්නාරම මඩු පොලිස් වසමේ ඉරනේරුප්පුකුලම්, මාන්කෙන්ඩි ප්‍රදේශයේදී බිම්බෝම්බයක් පුපුරා යාමෙන් අවුරුදු 12 ක් වයසැති ළමුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අද (25) දින රෝහල්ගත කල බව මඩු පොලීසිය පවසයි. 25 October 2020
දඹුල්ලේ මාළු වෙළඳසැල් සංකීර්ණය වහයි දඹුල්ල මහ නගර සභාවට අයත් දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි මාළු වෙළඳ සැල් සංකීරණය අද සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට දඹුල්ල මහ නගර සභාව අද(25) දින තීරණය කර තිබේ. 25 October 2020
ගම්පහ වෙළෙඳසැල් - ඔසුසල් - බැංකු හෙට විවෘතයි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෙට (26) පෙරවරු 8 සිට රාත්‍රී 10 දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි සැල්, ඖෂධ වෙළෙඳසැල් විවෘත කර තබන බව ‘කොවිඩ්-19’ වයිරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. 25 October 2020
වන්නිලාඇත්තෝ දඹාන වසාදමයි දඹාන ආදිවාසී ගම්මානය සංචාරකයන් හා ජනතාව සදහා විවෘත නොකිරීමට තීරණය කළ බව ආදිවාසී නායක වනස්පතී වන්නිලාඇත්තෝ මාධ්‍ය හමුවක් කැදවමින් දඹාන ආදිවාසී ගම්මානයේදී ප්‍රකාශ කර සිටියේය. 25 October 2020
අගමැති කාර්යාලයේ නිලධාරියාට කොරෝනා නැතිලු අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය හෝ විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ ආරක්ෂක අංශයේ කිසිඳු නිලධාරියෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පැතිර යන පුවතෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව අග්‍රමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 25 October 2020
හැටන් නගරයේ සියලු වෙළඳසැල් වසාදමයි හැටන් නගරයෙන් කොවිඩ් ආසාදිතයකු හමුවීමත් සමග හැටන් නගරයේ සියලුම වෙළඳසැල් වසා දැමීමට හැටන් දික්ඔය නගර සභාව මගින් පියවර ගෙන ඇත. 25 October 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026