(අජිත්ලාල් ශාන්තඋදය)
වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රත්නපුර, ශ‍්‍රී පලාබද්දල පිහිටි සමනළ ස්වභාව රක්‍ෂිත කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු කෝවිඞ් ආසාදිත බව තහවුරුවීමෙන් පසු එම කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් ලබන මස 02දා තෙක් කාර්යාල පරිශ‍්‍රය තුල නිරෝධායනයට ලක් කල බව සෞඛ්‍ය අංශ කියයි.
මේ සම්බන්‍ධයෙන් සමනළ ස්වභාව රක්‍ෂිතභාර අඩවි ආරක්‍ෂක ඞී.පී. සියාසිංහ මහතාගෙන් විමසූවිට ඔහු ද තහවුරු කලේය.
සෙම්ප‍්‍රතිශ්‍යාව තිබූ සිය කාර්ය මණ්ඩලයේ සිවු දෙනෙක් හදිසි රැපිඞ් ඇන්ටිජන් පරීක්‍ෂණයකට යොමුකළ අවස්ථාවේ ඔවුන් සිවු දෙනාම පොසිටිව් වූ බවද සියාසිංහ මහතා කීවේය.
ඒ අනුව ඔවුන් සිව් දෙනා බෙලිහුල්ඔය ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට රැගෙන ගිය බවත් තමන් ඇතුලූ කාර්ය මණ්ඩලයේ සෙසු දහදෙනා කාර්යාල පරිශ‍්‍රය තුල ලබන 02දා තෙක් නිරෝධායනයට ලක්කළ බවත් පැවසුවේය.
ක්‍ෂේත‍්‍ර රාජකාරිවල නිරත වනජීවී නිලධාරින්ට කෝවිඞ් මර්දන එන්නත ලබාදී නැද්ද යන්න විමසූ විට ඔහු පැවසුවේ මෙතෙක් එන්නත් කර නැති බවයි. ඉදිරියේ දී එන්නත් කිරිමට නියමිත බව ද ඔහු කීවේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.