( තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකාර්මික හා අධි තාක්ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට සහය ලබා දීමට චීනය එකඟ වූ බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
මෙම එකඟතාව පල වී ඇත්තේ චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ඉකුත් 19 වැනිදා චීනයේ හුබෙයි පළාතේ වුහාන් විශ්ව විද්‍යාලයට ගිය අවස්ථාවේදීය.
වූහාන්, විශ්වවිද්‍යාලයේ උප සභාපතිවරයාගේ සහ චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රියල් කෝපරේෂන් ආයතනයේ ආරාධනයකට අනුව, තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා වුහාන් විශ්වවිද්‍යාලයට ගිය අතර එහිදී උප සභාපති යෙකින් ෂු මහතාගේ නායකත්වයෙන් යුත් අන්තර්ක්ෂේත්‍ර විශ්වවිද්‍යාල කණ්ඩායම ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකාර්මික හා අධි තාක්ෂණික විශ්වවිද්‍යාලයක් පිහිටුවීම සදහා පූර්ණ සහය ලබා දීමට එකග වර් බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
පසුව හුබෙයි පළාතේ ආණ්ඩුකාර ෂොංලින් වැන්ග් සමඟ පැවති විධිමත් රැස්වීමක දී ද මේ සඳහා ඒ මහතාගේ අනුමැතිය ලබාදෙනු ලැබූ බවද චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපිට එපා අපේ උන්දැලාට චීන් නමත් එපා වෙලා... ඒ නිසා ඔය සහාය බංගලිදේශයට දෙන්න. මොකද ජෙප්පන් කියයි.. දෑකැත්තෙන් මිටියෙන් කරන අපේම තාක්ෂණ තිබෙනවා... කියලා..
හෙට උද්ඝෝෂණයක් පටන් ගන්න පුළුවන්.. ඕක නවත්තන්න. මහාචාර්යවරු ජවිපයේ සරසවියේ සිසුන් අනිවාර්යයෙන් පාරට බහියි... ඕක නවත්වන්න.
රට දියුණු වෙනවාට අප කැමතියි. ඒත්, චීනාට ලෝක ප්‍රජාව හමුවේ දැඩි ලෙස ප්‍රශ්න තිබෙනවා. වෙනදා මෙන් නොව ඉන්දියාව විසින් අපගේ ගුවන් හා දේශ සීමා තරණය කරනවා. ඒ චීනා ගැන ඇති අවිශ්වාසය නිසා වෙන්නට පුළුවන්... ඇමරිකාවත් එහෙමයි. කොයිවෙලේ ගිණි ඇවිලේ දැයි කියන්නට බැහැ. හදිසියේ හෝ එසේ ගිණි ඇවිලුණහොත්, තල්මසුන් අතර වන යුද්ධයේදී හාල්මැස්සන්ගේ ඉරණම පිළිබඳව කුමන ආකාරයේ දෙයක් වේදැයි සැක සහිතයි. අදූර්දර්ශී දේශපාලකයින් මේ සම්බන්ධව බීරි අලින් මෙන් තම වාසිය ගැන පමණක් සිතා නිහඬව සිටියද, බුද්ධිමත්ව සිතනා අයගේ සිතට දැනෙනුයේ දැඩි බියකි...
රාජ්‍ය නායකයා දැන් රසායනික පොහොර භාවිතය නවතා කාබනික පොහොර භාවිතය හුරු කරන්න යනවා. මෙයාල අධි තාක්ෂණික විශ්ව විද්‍යාලයක් පිහිටුවන්න යනවා. අන්තිමේ දී ආයිත් රසායනික පොහොරවලට යමු කියාවි. බල්ල කරන දේ වලිගේ දන්නෑ, වලිගෙ කරන දේ බල්ලා දන්නෑ. මේවාට අවශ්‍ය උපකරණ හා සම්පත් ආනයනය කරන්න වෙන්නේ මොන රටෙන් ද කියලාවත් අඩුගානේ හෙව්වොත් හොඳයි.
අනුන්ගෙන්ම කන්නයි... අනුන්ගෙන්ම හිඟාකන්නයි දැන් අපේ පාලකයින් ඇබ්බැහි වෙලා.. ඒ ගොල්ලන් මේවා කරන්නේ අපේ යහපතට නෙමේ කියලා තේරුම් ගන්න මේ රට පාලනය කරපු... පාලනය කරන ගොන් පාලකයින්ට තවමත් බැරිව ගිහිල්ල...
කෘෂිකාර්මික සහ අධිතාක්ෂණික සරසවියක් චීනෙන්..? ඒවායේ කරන්නේ කුමක්ද..? අධිතාක්ෂණය යොදවන්නේ කුමකටද..? යොදාගන්නා අමු ද්‍රව්‍යය මොනවද? අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නේ කෙසේද..? විකිරණශීලි සමස්ථානික යොදාගන්නවද..? ජෛව විද්‍යාත්මක පරීක්ෂණ කරනවද? අධිතාක්ෂණය යොදාගන්නේ වෙනත් රටවල ඔත්තු බැලීමටද? කෘෂිකාර්මික අංශයෙන් ජාන විකෘති කිරීමේ, සංස්කරණය කිරීමේ ක්‍රියාවලින් කරන්නේද? එහෙනම් ස්තුතියි, එ්ත් අපිට එපා ඔය "මරාල"..!!! අපි අපේ වැඩක් කර ගන්නම්... එහෙම කියන්න තරම් කොන්දක් තියෙන "මිනිසෙක්" අපේ පාලකයා වෙන්නේ කවදාද..? ජනාධිපති වෙන්නට පෙර මාස 3 ක් චීනෙට අරගෙන ගොස් චීනා විසින් "බ්‍රේන් වොෂ් " කරපු ගෝඨාභය වැන්නෙකුගෙන් බලාපොරොත්තු විය හැක්කේ මෙන්න මෙහෙම පිළිතුරකි.." හරි හරි ගේන්න ගේන්න ඕන දෙයක් මෙහෙ හදන්න. නිෂ්පාදනය කරන්න. පරීක්ෂණ කරන්න.. ඔයගොල්ලන්ට ඕන දවසක් මෙහෙ ඉන්න. අපේ ඔවුන්ගේ කටවල් වහලා, ඇස් වහලා ගිවිසුම අත්සන් කරමු. ඇමෙරිකාවට ගහන්න බෝම්බ වුණත් හදන්න. ප්‍රශ්නයක් නැහැ. ඇමෙරිකන් කාරයෙක් වුණත් මම වවුලෙක්...!!! ".... මේ ලැබ් එක බළල් අතක්ද..? තවත් එකක්ද..?
ඉතා වැදගත් වැඩක්... ලංකාවේ කෘෂිකර්මාන්තය දියුණු කරන්න නම් ඒ සඳහා විශේෂ වැඩ පිළිවෙලක් තියෙන්න ඕනෑ. අපිට තායිලන්තය වගේ රටවල පිහිට පැතිය යුතු නැහැ... ඊශ්‍රායලය අධ්‍යයනය කරන්න...