(සුජිත් හේවාජුලිගේ)
ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳීම සඳහා අධ්‍යාපන ඇමැතිවරයා සහ ගුරු සංගම් නියෝජිතයන් අතර තවත් සාකච්ඡා වටයක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අනිද්දා (26) සඳුදා පෙරවරුවේ පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවැසීය.
මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරීමෙන් ගන්නා තීරණ මෙහිදී ගුරු සංගම් නියෝජිතයන්ට දැනුම් දීමට නියමිතව ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මේ අතර ගුරුවරුන් ප්‍රායෝගික පරීක්ෂණවලින් ඉවත් වුවහොත් ඔවුනට සමාජයෙන් විවිධ අපවාදයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවත් සියලු ගුරුවරුන් මේ අවස්ථාවේදී දරුවන්ගේ අධ්‍යාපනය ගැන සංවේදී විය යුතු බවත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් කීවේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරුන්ට වඩා අමාත්‍යංශ ලේකම් අපවාදයට ලක්ව ඇත. තවත් අධ්‍යාපනය නොකා ගෙදර යනු මැනවි.. ගම සමග පිළිසඳරේ අධ්‍යාපන කෝලමක් වී ඇත...