(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් සැපයුම අත්හිටුව හොත් ලංකා ඛනිජ සංස්ථාවේ සම්පූර්ණ ගෑස් නිෂ්පාදනය ලිට්‍රෝ ගෑස් සමාගමට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥා සුමිත් විජේසිංහ මහතා පවැසීය.
ලාෆ් ගෑස් සමාගම ගෑස් ආනයන අත්හිටුවීමේ සූදානමක් පවතින බවට විවිධ මාධ්‍යවල පළවී තිබීම පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ අවදානය යොමු වී ඇති බවත් එවැනි තත්වයක් ඇති වුවහොත් සිය ආයතනයට කිසිඳු පාඩුවක් නොවන බවත් සුමිත් විජේසිංහ මහතා කීය.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සැළකිය යුතු ගෑස් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බව කී සභාපතිවරයා පැවසුවේ එම නිෂ්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යන බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වලිගයට, බල්ලා නැටවීමට නොහැකි බව පෙන්වා දිය යුතුයි.
පාරිභෝගික සේවා අධිකාරිය බුදිද? මේවා හොයා බලන්නේ නැද්ද? මිනිස්සු අමාරුවේ වටෙන කල්ද බලන් ඉන්නේ?
ගෑස් අලෙවියෙන් පාඩුයි කියමින් අලුතින් ලීටර ක්‍රමයට ගෑස් සිලින්ඩර වර්ගයක් නිෂ්පාදනය කර තිබෙන්නේ විෂයය බාර ඇමැතිතුමාගේ අනුදැනුම ඇතිවද?
ඒ වුනාට කහපාට මුදලාලි ඡන්දෙදි ගෑස් හිඟයක් ඇතිකරලා ගොඩක් උදව් කළා නේද?