මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ සැකකරු රිමාන්ඩ් බණ්ඩාරගම අටලුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට තර්ජනය කර කෙල ගැසූ කොරෝනා වෛරසය ආසාදිත සැකකරු පානදුර අධිකරණයට ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය. 04 December 2020
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට බණ්ඩාරගම අටුලුගම දී බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට තර්ජනය කර කැබ් රථයේ දොර බලහත්කාරයෙන් විවෘත කර කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කළ බව බණ්ඩාරගම පොලීසිය කියයි. 04 December 2020
අද දිනයේදී කොරෝනා මරණ 5 ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් පස්දෙනකු අද (3) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 03 December 2020
පාස්කු ප්‍රහාරයේ විමර්ශන නිසි ලෙස නොවුණොත් විකල්ප හොයන්න වෙනවා පාස්කු ප්‍රහාරය පිටුපස සිටින බලවේග සොයා දඬුවම් දෙන බවට වත්මන් ජනාධිපතිවරයා සහ රජය දුන් පොරොන්දුව ඉටු නොවුවහොත් ඒ සඳහා විකල්ප සොයන්නට සිදුවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ. 03 December 2020
දඹුල්ල පිල තුන්වැනි ජය ලබයි ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙස සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (03) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී දඹුල්ල වයිකිංස් පිල කඩුලු පහකින් මහනුවර ටස්කර්ස් පිල පරාජය කළේය 03 December 2020
ආරක්ෂක වැය ශීර්ෂය වැඩි ඡන්ද 132 කින් සම්මතයි මෙවර අයවැය විවාදයේ ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් අද (3) දිනයේ ඒ සඳහා ඡන්දයක් අවශ්‍ය බවට දෙමළ සන්ධාන මන්ත්‍රීන් කළ ඉල්ලීමකට අනුව පැවැති ඡන්දයේදී රජයට පක්ෂව ඡන්ද 137 ක්ද විපක්ෂව ඡන්ද 5 ක්ද හිමිවිය. 03 December 2020
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ඉල්ලා අස් වෙයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුභසිංහ මහතා ඒම ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව ඒම මණ්ඩල ආරංචි මාර්ග සදහන් කර සිටී. 03 December 2020
හෙද සංගම් සභාපතිගෙන් අනතුරු ඇඟවීමක් කොවිඞ් 19 රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා ලබාදුන් ප්‍රවාහන පහසුකම් නැවැත්වීමෙන් සෞඛ්‍ය සේවාව බරපතල අනතුරක වැටෙනු ඇතැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමය කියයි. 03 December 2020
දුෂ්කර තීරණ වලට අයිතිකාරයෝ නෑ යුද හමුදාපතිවරයා ලෙස යුද ජයග්‍රහණය සඳහා ගන්නා ලද දුෂ්කර තීරණවලට අයිතිකාරයෝ නැති බවත් ඒවායේ වගකීම ගන්න දේශපාලඥායන් ඉදිරිපත් නොවූ බවත් හිටපු හමුදාපති මෙන්ම සමඟ ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද (03) පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 December 2020
ස්ටැලියන්ස්ට කඩුලු 5 ක ජයක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 9 වැනි තරගය ලෙස ගාල්ල ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව යාපනය ස්ටැලියන්ස් පිල සමග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති තරගය කඩුලු 5 කින් ජයගැනීමට ගාල්ල ග්ලැඩියේටර්ස් පිල සමත්විය. ඒ අනුව ඔවුන් පිට පිට ලබාගත් සිව්වැනි ජයග්‍රහණය ලෙස වාර්තා වන්නේය. 03 December 2020
බුරවි කුණාටුවේ බලපෑමෙන් 12,252 ක් පීඩාවට ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළෙන් ඊයේ (2) රාත්‍රියේ ඇතුළු වූ බුරවි සුළි කුණාටුවේ බලපෑමෙන් උතුරු හා නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක 6 කට අයත් පවුල් 3,575 ක 12,252 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 03 December 2020
728 ක් සුවය ලබා අද ගෙදර යති කොරෝනා වයිරසය ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් 728 දෙනෙකු අද (3) පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 03 December 2020
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණධීර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් ධූරය සඳහා කුෂානි රෝහණධීර මහත්මිය පත්කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද(3) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. 03 December 2020
බිරිඳ ඝාතනය කර සැමියා දිවි නසාගනී මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ නිවසක් තුල දී තියුණු ආයුධයකින් කපා තම බිරිඳ ඝාතනය කර සැමියා ගෙල වැලලාගෙන මිය ගොස් තිබියදී අද (03)අලුයම සිරුරු සොයා ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 03 December 2020
මහර සිද්ධියට 26 දෙනකුගෙන් ප්‍රකාශ ගනී මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිලධාරින් අට දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 26 ගේ ප්‍රකාශ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුව ඊයේ (2) වන විට සටහන් කරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය 03 December 2020
සාමාන්‍යපෙළ විභාගය මාර්තුවේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 03 December 2020
කුරුණෑගල එක් ව්‍යාපාරික ස්ථානයකින් ආසාදිතයින් 12 ක් කුරුණෑගල මහ වීදියේ එක් ව්‍යාපාරික ස්ථානයකින් පමණක් කොරෝනා ආසාදිතයින් 11 දෙනෙකු පිළිබඳව අද (3) වාර්තා වී ඇත. 03 December 2020
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කරයි බුරවි සුළි කුණාටුවේ බලපෑම මධ්‍යම කඳුකරයටද බලපෑම හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අඩි එක හමාර බැගින් විවෘත කිරීමට පියවර ගෙන ඇති බව කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය කියයි 03 December 2020
රාගම රෝහලින් පැන ගිය රැඳවියා අල්ලයි මහර බන්ධනාගාරය පසුගියදා ඇති වූ සිද්ධියෙන් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබා ලබමින් සිටිය දී රෝහලෙන් පැන ගොස් සිටී රැඳවියා අද (3) ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී බන්ධනාගාර බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 03 December 2020
ත්රස්තවාදයේ ගිනි පුපුරු තවමත් අළුයට සීතල පුටවල වාඩිවී උදම් අනමින් සිටියත් ත්රස්තවාදයේ ගිනි පුපුරු තවමත් අළු අතරින් මතුවන බව හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අද(3) පාර්ලිමේන්තුවේදී ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් පැවසීය. 03 December 2020
ඩල්ජිත් අලුවිහාරේ මාතලේ නගරාධිපති ධුරයෙන් ඉවතට මාතලේ නගරාධීපති ඩල්ජිත් අලුවිහාරේ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් එම ධූරයෙන් පහ කරනු ලැබ ඇත. 03 December 2020
රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙක් පලා යයි මහර බන්ධනාගාරය තුළ ඇති ඇතිවූ කැරැල්ලේදී තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු ඊයේ රාත්‍රියේ පලාගොස් ඇතැයි රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසීය. 03 December 2020
යාපනයේ 1589ක් පීඩාවට - නිවාස 156කට හානි උතුරු පළාතට නොකඩවා ඇදහැලෙන අධික වර්ෂාව හා සුළං තත්වය හමුවේ යාපනය දිස්ති‍්‍රක්කයේ පවුල් 459 ට අයත් පුද්ගලයින් 1589 දෙනකු පීඩාවට පත්ව ඇතැයි යාපනය දිස්ති‍්‍රක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 03 December 2020
අද දිනයේදී කොරෝනා මරණ 2 ක් කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් දෙදෙනකු අද (02) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 02 December 2020
මිනුවන්ගොඩ - පෑලියගොඩ කොරෝනා පොකුර 21,000 පනී මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (02) පස්වරු 10.15 වනවිට එක්වූ ආසාදිතයන් 528 දෙනාත් සමග දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 878 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 02 December 2020
සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසීමෙන් අටලුගම පී.සී.ආර්. පරික්ෂණ නවතී බණ්ඩාරගම අටුලුගම කොරෝනා වෛරසය ආසාදිතයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බැණවැදී කෙළ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් හෙට (03) දින අටුලුගමදී සිදුකිරීමට නියමිත පි.සි.ආර්. පරීක්ෂණ නවතා දැමූ බව බණ්ඩාරගම සෞඛ්‍ය නිලධාරීනී වෛද්‍ය නිමේශා රත්නවීර මහත්මිය පැවසුවාය. 02 December 2020
නිරෝධායනයට නිවාඩු දුන්නාට උරණව ලොක්කන්ටත් කොරෝනා බෝ කරන්න යයි දින 14 ක කාලයක් නිවාඩු ලබාදී ඇති බව වටරැක බන්ධනාගාරයේ දොරටු පාලක නිලධාරියා පැවසීමත් සමගම උරණ වූ ජේලර්වරයකු ’’මහ එවුන්ට වගේම උඹලටත් කොරෝනා බෝකරන්න ඕනේ’’ යැයි පවසමින් දොරටු පාලක නිලධාරියා ඇතුළු නිලධාරීන් කීපදෙනකු බදාගැනීම සම්බන්ධයෙන් ඊයේ (01) රාත්‍රියේ මීගොඩ පොලිසිය වෙත පැමිණිලි කර ඇත. 02 December 2020
මුලතිව් - කෝකිලායි පවුල් 300 ක් ආරක්ෂිත ස්ථානවලට බුරවි සුලි කුණාටුව බලපෑම හේතුවෙන් මුලතිව් කෝකිලායිහි සියලුම ධීවර පවුල් කොක්කුතුඩුවායිහි පිහිටි රජයේ පාසල් දෙකක් වෙතට රැගෙන යාමට කටයුතු කල බවට මුලතිව් පොලීසිය පවසයි. 02 December 2020
ස්කූබා සඟරාවෙන් 2020 වසරේ සාගර වීරවරිය ලෙස ආශා ඩී වොස් නම්කරයි සුප්‍රකට ස්කූබා ඩයිවින් නම් සගරාව විසින් “ 2020 වසරේ සාගර වීරවරිය ” ලෙස මෙරටින් බිහිවූ ලෝක ප්‍රකට සාගර විද්‍යඥවරියක වන ආචාර්ය ආශා ඩි වොස් මහත්මිය නම් කරනු ලැබ ඇත. 02 December 2020
පුත්තලමේ පාසල් හෙට වහයි දිවයිනට බලපාන සුළි කුණාටු අවදානම හේතුවෙන් පුත්තලම අධ්‍යාපන කලාපයට අයත් පාසල් පමණක් හෙට (3) දිනයේ වසා තබන බව වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. 02 December 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026