කොරෝනා උවදුර වගේම කුඩු උවදුරත් අමතක නොකරමු
පිටරටින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබූ පාර්සල් 4ක රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා ගංජා මිශ්‍ර ‘කුෂ්’ නැමැති මත්ද්‍රව්‍ය සහ කොකේන් අත්අඩංගුවට ගත් බව සඳහන් පුවතක් අප පුවත්පත ඊයේ වාර්තා කළේය. ඇමරිකාව, නෙදර්ලන්තය, එංගලන්තය යන රටවලින් මෙම පාර්සල් කොළඹ, නාවල, අහංගම, වාද්දුව යන ලිපිනවලට එවා ඇති බවත් අප ප්‍රවෘත්තියෙහි සඳහන්ය.