රට ඉන්න අයට ඔන්ලයින් මගින් පාස්පෝට් ඉල්ලන්න අවසර විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල / කාර්යාල මඟින් මාර්ගගත ක්‍රම වේදය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 July 2025
සීතාවක ප්‍රා.ස.ඡන්ද විමසීම යළි කල් යයි සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයකු සහ උපසභාපතිවරයකු පත්කර ගැනීම සඳහා පැවැත් වූ ඡන්ද විමසීම අද (15) දින දෙවැනි වරටත් නියමයක් නොමැතිව කල්තැබීමට බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය කටයුතු කළාය. 15 July 2025
විද්‍යුත් වාණිජ බද්ධ ගැන හොයන්න නිලධාරී කමිටුවක් දේශ සීමා මායිම් හරහා රටවල් අතර සිදුවන විද්‍යුත් වාණිජ්‍ය කටයුතු (Cross- Broder E-Commerce) මත බදුකරණය ගැන සොයා බැලීමට නිලධාරී කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 July 2025
අලුත් දුම්රිය බලවේග කට්ටල පහක් ලංකාවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා බලවේග කට්ටල 5 ක් ගෙන්වීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 July 2025
සාප්පු-කාර්යාල සේවක පනතේ නියෝග සංශෝධනයට සාප්පු හා කාර්යාල සේවක පනතේ නියෝග සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 July 2025
පුංචි රෝහල් දියුණු කරන්න ආසියා සංවර්ධන බැංකු සහය ද්විතීයික සත්කාර රෝහල් වල ධාරිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 July 2025
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපතිට ඇප ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ දූෂණ ක්‍රියා කිරීමේ සැකයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු සභාපති ඇන්තනී නිශාන්ත වික්‍රමසිංහ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූඡා ලක්මාලී ජයතුංග මහත්මිය අද නියෝග කළාය. 15 July 2025
රුසියාවට සියයට 100 ක් තීරු බදු ! රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරමින් සාමප වැඩ පිළිවෙළකට යෑමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උනන්දුවක් නොදක්වන්නේ නම්, රුසියාවට සියයට සියයක තීරු බදු පැනවීමට කටයුතු තරන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත. 15 July 2025
විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂිට ඇප රුපියල් පනස් දහසේ ශල්‍ය උපකරණය රුපියල් 250000.00 ට රෝගීන්ට විකිණීමට කටයුතු සලසමින් අයුතු ලාභයක් ලබා රෝගීන්ට අලාභයක් කළේ යැයි යැයි රක්ෂිත බන්ධනාගාරගත ව සිටි 15 July 2025
වියානා ඇළට මෝටර් රිය පෙරැළි දෙන්නෙක් මරුට බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ දී අද (15) අලුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වියානා ඇළට පෙරලීයාමෙන් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනකු මියගිය බව මහියංගන පොලිසිය පවසයි . 15 July 2025
විපක්ෂයට බලය අල්ලන්න උදව් කලාට රනිල්ට දොස් ආණ්ඩු පක්ෂයට බහුතරය නැති පළාත් පාලන ආයතන වල බලය අල්ලා ගැනීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධ කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකයන් කිහිප දෙනෙක්ම විරෝධතාවයක් එල්ල කර තිබේ. 15 July 2025
‘භාතිය‘ අවසන් ගමන් යයි පාදයේ තුවාල සහිතව පොල්පිතිගම කැලයක වලක වැටි දින නවයක් තිස්සේ ප්‍රතිකාර ලෑබු ‘භාතිය‘ හස්තියා අද(15) උදෑසන මියගොස් තිබේ. 15 July 2025
පළාත් ඡන්දෙට මැකෝත් පස්ස ගහලා විවිධ නීතිමය ගැටලු හේතුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට තව කාලයක් යනු ඇතැයි වාර්තාවේ. 15 July 2025
ජනපති- සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානී හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ, ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් ඒ. අල්-මර්ෂද් (Sultan A. Al-Marshad) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 15 July 2025
පී.සී අල්ලස් දැලේ රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකර සිටීම සඳහා රුපියල් තුන්දහසක අල්ලස් මුදලක් ලබාගත් බව කියන කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.ෙමෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රද්දොළුගම පොලිසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල් වරයෙකි. 15 July 2025
හොර නොට්ටු සමඟ කාන්තාවක් අත්අඩංගුවට ව්‍යාජ රුපියල් 5,000 මුදල් නෝට්ටු 10 ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසයි. 15 July 2025
සැක ජීප් රියක් හිඹුටානෙන් සොයාගනී මුල්ලේරියාව, හිඹුටාන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නීති විරෝධීව මෙරටට ගෙන්වා එකලස් කරන ලද බවට සැක කරන ලද ජිප් රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි. 15 July 2025
උඩුකය නිරුවත් කර පාරේ ගිය විදෙස් කත පොලිස් බාරයට උඩුකය නිරුවත් වන ආකාරයට පාරේ ගමන් ගත් විදේශිය කාන්තාවක පොතුවිල් පොලිස් ස්ථානයේ කාන්තා කාර්යංශයේ විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 15 July 2025
සබරගමුව ඇතුළු දිසා කිපයකට අදත් වැසි සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 July 2025
සැමට සෙවණ දෙන්න ප්රචාරක වියදම කෝටි ගානක් යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද සැමට සෙවන ආදර්ශ ගම්මාන විවෘත කිරීමේ ප්රචාරක වියදම සඳහා පමණක් රුපියල් 523,664,286 ක මුදලක් වැය කොට ඇතැයි නිවාස සංවර්ධන අධිකාරියේ සම්පත් කළමනාකාරණ ඒකකයේ මුදල් කොට්ඨාසය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 14 July 2025
කොස්තාපල්වරියකට අසැබි වචනයෙන් බැන්නැයි SI අත්අඩංගුවට තංගල්ල පොලිසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කල උප පොලිස් පරීක්ෂකවරයෙකු තංගල්ල කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් අද (14) අත්අඩංගුවට ගනු ලැබීය. 14 July 2025
රාජ්‍ය බැංකුවක නිලධාරිනියක අත්අඩංගුවට අඩු කැරට් සහිත රන් බාන්ඩ වැඩි තක්සේරු වටිනාකමට උගස් ගැනීම සිදුකරමින් රුපියල් 99,370,100/= වංචාවක් සිදු කළ කොළඹ කෙසෙල්වත්ත රාජ්‍ය බැංකුවක නිලධාරිනියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි 14 July 2025
තිළිණි පියුමාලි හෝමාගම පොලිසියේ පෙනී සිටින්න නියෝග හෝමාගම දිසා අධිකරණයෙහි සිතාසි බෙදන්නා සහ ඇස්කිසි ක්‍රියාත්මක කරන්න්නාගේ රාජකාරියට බාධා කරමින් අධිකරණයේ කටයුතු වලට හිතාමතා බාධා කිරීම සහ යුක්තිය ඉෂ්ටවීම වැළැක්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකාවක වන තිළිණි පියුමාලි නැමත්තියට හෙට (15) දින හෝමාගම මූලස්ථාන පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (14) දින නියෝග කළාය 14 July 2025
මීරිගම වෙඩි තැබීමකින් අයෙක් මරුට මීරිගම බෝතලේ පහළගම ප්‍රදේශයේ අද (14) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙ සිද්ධියකින් පුද්ගලයකු මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි. 14 July 2025
හයේෂිකාට අපහස කිරීම වළකමින් වාරණ ආඥා තුනක් මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රාථමික පාසල් දරුවන්ට උපකාරක පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ’’ටීචර් අම්මාට’’ අපහාසාත්මක වන අසත්‍ය කරුණු අන්තර්ජාලය ඔස්සේ පළ කිරීම වළක්වමින් කොන්දේසි සහිත වාරණා ආඥා තුනක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය අන්තර්ජාල ක්‍රියාකාරීන් තිදෙනෙකුට එරෙහිව අද (14) නිකුත් කළාය. 14 July 2025
ප්‍රසන්නට ඇප නොදෙයි:යළි රිමාන්ඩ් රජයට පවරා ගෙන තිබු රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වටිනා කිරිබත්ගොඩ නගරයේ ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධයෙන් දෑනට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු තිදෙනාට අපෙක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය එම සැකකරුවන් තිදෙනා ලබන 28 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි නියෝග කළාය. 14 July 2025
රජය පොරොන්දු එකින් එක කඩ කරනවා මැතිවරණ පොරොන්දු එකින් එක කඩ කර ඇති රජයට ජනජීවිතය සුරක්ෂා කිරීම වෙනුවට ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 14 July 2025
මහපොළ ලොතරැයියකිනුත් කෝටි 75ක් වතුරේ මහපොළ භාරකාර අරමුදල 2023 වසරේදී කොන්ත්‍රාත් පදනම මත වසර දෙකක කාල සීමාවකට නිලධාරීන් පත් කිරීම සහ මාර්ග ගත ලොතරැයියක් සඳහා තෝරාගත් ලොතරැයිකරු ඉන් ඉවත්වීම හේතුවෙන් අරමුදලට රුපියල් කෝටි 75කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 14 July 2025
වෛද්‍යවරියක් රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකගේ පුටුවේ වාඩි වෙලා කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගේ කාර්යාල කාමරයට අද (14) පෙරවරුවේ බලහත්කාරයෙන් පිවිස ඔහුගේ අසුනේ වාඩිවූ කාන්තාවක මානසික ප්‍රතිකාර සඳහා රෝහලේ 59 වාට්ටුවට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. 14 July 2025
‘‘භාතිය‘‘ ඔසවයි භාතිය හස්තියාට පුරා දින නවයක ප්රතිකාරවලින් පසු සිටින ස්ථානයේම අනික් පසට පෙරළීම අද දින සිදු කළේය. 14 July 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025