(ඥානසිරි හෙට්ටිආරච්චි)

උහන  කෝමාරිය, නැගෙනහිර සහ බටහිර තිස්සපුර, ගම්මාන හරහා අද සවස පැවති වැසි සමග හමාගිය තද සුළඟක් හේතුවෙන් නිවාස 15 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බව, ගම්වාසීහු පවසති.

ගෙවතුවල වගාකර තිබූ කොස්, පොල්, කෙසෙල්, වැනි වගාවන්ට දැඩිලෙස හානි සිදුවී ඇත. 

වැසි සමග අයිස් කැට ඇදවැටුන බවත්, එයින් සමහර නිවාසවල සවිකර තිබූ ඇලුමිනියම් තහඩු පවා ඇදවී ඇති බවත්, ඔව්හු ප්‍රකාශ කරති.

සමහර ස්ථානවල විදුලිය සැපයුම් මාර්ගවලට හානි සිදුවීම නිසා ප්‍රදේශයේ විදුලිය බිදවැටීමෙන් ගම්වාසිහු අපහසුවටට පත්ව සිටිති.