
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයට පවතින ආණ්ඩුවට වඩා රට ගොඩදාන්න මොකක් හෝ විශිෂ්ට සැලසුමක් තිබෙනවාදැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළාය.
"අප මේ වෙලාවේ මුහුණ දෙන තත්ත්වය කුමක්ද කියා සැමට හොඳ අදහසක් තිබිය යුතුයි. ආර්ථික මෙන්ම දේශපාලන අර්බුදයකට මුහුණ දී නැවත වතාවක් හුස්ම ගන්න උත්සාහ කරන අවස්ථාවක විපක්ෂය කටයුතු කළ යුතු ආකාරය ගැන මීට වඩා ගැඹුරින් සිතිව යුතුයි.රටේ අවාසනාවකට විපක්ෂයේ උදවිය උත්සාහ කරන්නේ මොකක් හෝ ගේමක් ගසා බලයට පැමිණීමයි.ඒ නිසා අවුරුදු පහට පෙර මොන හෝ විදියකින් ආණ්ඩුව වැට්ටවිය යුතු යැයි ඔවුන් සිතනවා.ඒ සඳහා තමයි ඔවුන් මුළු උත්සාහයම ගන්නේ. ඒ නිසා ආණ්ඩුවේ නොහැකියාව රාජ තාන්ත්‍රික දුර්වලතා ආදී කතා කියමින් ජනතාව බිය වද්දමින් කටයුතු කරනවා යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයට එහෙම සැලැස්මක් නැහැ. ඔවුන්ට එහෙම එකක් වැඩකුත් නැහැ... හැබැයි ඔවුන්ට ඕනේ ආපහු බලේට එන්න විතරයි. ඔවුන් ආවොත් ආයෙත් පරණ පුරුදු වැඩ පටන් ගන්නවා.
විපක්ෂයේ අයට තියෙන්නේ, වෙන කිසිම දෙයක් නොවෙයි.., බලය නැතුව හොරා කන්න විදියක් නැතුව හිතේ අමාරුවක්...
ශූර චෞරයින්ට නැවත රට ගියොත් බංග්ලාදේශයනුත් ණය ගන්නවා. එම රටින් ණය ගන්න මොනතරම් පහත් තත්ත්වයට අපේ ආර්ථිකය කඩා වැට්ටුවාද?සෝමාලියාවත් වඩා පහත් තත්ත්වයට ඇද දැම්මා...
රනිල්ගෙ අයි.එම්.එෆ් වැඩ පිළිවෙලයි, කාංචනගේ කිව් ආර් කෝඩ් එකයි ඊට අමතරව රනිල් යනකොට ගොඩනගලා ගිය ඩො.බි. 6.2 සංචිත ටිකට අමතරව ඔයාලාම කරපු දෙයක් කියන්න පුළුවන් ද නෝනේ...?