(නිමල කොඩිතුවක්කු)

ඇසේ සුද මතුවීම නිසා පෙනීම අහිමි වූ රෝගීන් 1000 ක් සඳහා ශල්‍ය කර්ම කිරීමේ විශේෂ වැඩසටහනක් එළඹෙන මාර්තු 21 හා 22 (සෙනසුරාදා සහ ඉරිදා) යන දෙදින ක්‍රියාත්මක කරන බව කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

ශ්‍රී ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥ වරුන්ගේ විද්‍යායතනය සමග එක්ව ජාතික අක්ෂි රෝහල ක්‍රියාත්මක කරන මෙම විශේෂ ව්‍යාපෘතියේ දී රෝගීන් වෙනුවෙන් ඉහල ප්‍රමිතිය සහිත අක්ෂි කාච නොමිලේ ලබාදීමද සිදු වන බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

එය එක් ආයතනයකින් ලබාදුන් පරිත්‍යාගයක් බවත් මීට අමතරව වැයවන සියළුම වියදම් ජාතික අක්ෂි රෝහල මඟින් දරනු ලබන බවද බවත් ඔහු පැවසීය.