ඝාතන රැසක වෙඩික්කරුවෙක් බක්කිඇල්ලෙදී මාට්ටු බක්කිඇල්ල රජගලතැන්න ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ ඊයේ(16) අත්අඩංගුවට ගත් සැකකරු මිනිස් ඝාතන තුනක් සිදු කළ වෙඩික්කරු බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි. 17 July 2025
අයථා මුදල් රැස් කළැයි කෙහෙළිය පවුලටම අධි චෝදනා රුපියල් මිලියන 97කට අධික වත්කම් අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණ අද අධිචෝදනා භාරදුන්නේය. 17 July 2025
සුදු වෑන් රියකින් පැහැර ගත් සිසුවා රියෙන් පැන දිවි බේරා ගනී කහතුඩුව ප්‍රදේශයේදී පැහැරගත්බව කියන පහළොස් හැවිරිදි පිරිමි ළමයෙකු සුදු පැහැති වෑන් රියකින් රැගෙන යමින් සිටියදී එම රත්නපුර ප්‍රදේශයේදී වෑන් රථයෙන් පැන සිය දිවි බේරාගෙන ඇතැයි කහතුඩුව පොලිසිය කියයි. 17 July 2025
බොරැල්ලේ වෙඩි තැබීමට උදව් කළ දෙන්නෙක් අල්ලයි බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී වෙළඳසැලක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලායාම සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි. 17 July 2025
‘කුෂ්‘සමඟ විදෙස් කත ගුවන්තොටේදී මාට්ටු රුපියල් පන් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් තම ගමන් මල්ලෙහි සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටි විදේශීය ගුවන් මගී කාන්තාවක් ඊයේ (16 ) රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 17 July 2025
අදත් තැනින් තැනට වැසි සබරගමුව පළාත, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 July 2025
ඇමැති 19ක් දෙපැත්තෙන්ම තෙල් දීමනා අරන් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 19 දෙනෙකු සිය අමාත්‍යාංශවලින් මෙන්ම පාර්ලිමේන්තුවෙන්ද ඉන්ධන දීමනා ගන්නා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 17 July 2025
පාදුක්කේ අනතුරකින් දෙදෙනෙක් මරුට පාදුක්ක හල්පෙවත්ත ප්‍රදේශයේදී ට්‍රැක්ටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක මුහුණට මුහුණ ගැටීමෙන් වූ අනතුරකින් යතුරුපැදියෙහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි. 16 July 2025
ඇමෙරිකා බද්දෙන් රබර් නිෂ්පාදන අපනයනයට ලොකු පහරක් ඇමෙරිකාව ’’අන්‍යෝන්‍ය බදු’’ ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30ක තීරු බද්දෙන් රබර් අපනයන ක්ෂේත්රයට විශාල තර්ජනයක් එල්ල වන බවත් විශේෂයෙන් ටයර්, අත් වැසුම් සහ කර්මාන්ත සඳහා අවශ්‍ය රබර් නිෂ්පාදනවලට ඉන් වැඩිම තර්ජනයක් එල්ල වන බවත් කොළඹ රබර් වෙළඳුන්ගේ සංගමයේ සභාපති හරින් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. 16 July 2025
අධ්‍යාපනය ඩිජිටල්කරණයට ’’ටික් ටොක්’’ සහය ටික් ටොක් සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක් සහ අග්‍රාමත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය. විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ආර්ථික අවස්ථා පුළුල් කර ගැනීමට සහ අධ්‍යාපන කටයුතු සඳහා TikTok සමාජ මාධ්‍ය ඩිජිටල් මෙවලමක් ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ. 16 July 2025
ශානි එක්නැලිගොඩ නඩුවේ පැමිනිල්ලේ සාක්කිකරුවකු කරයි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට යුද හමුදා ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුලු හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ සාක්කිකරුවකු වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂක ශානී අබේසේකර මහතා නම් කළ බව නීතීපතිවරයා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට අද දැනුම් දුන්නේය. 16 July 2025
මත්ද්‍රව්‍ය-ව්‍යාජ හැඳුනුම්පත් සමඟ බක්කිඇල්ලේදී අයෙක් අල්ලයි අම්පාර බක්කිඇල්ල කන්නි ඇබේ ඇල අසලදි අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි. 16 July 2025
මැතිසබේ ඩ්‍රෝනා මෙහෙයුමක් පාර්ලිමේන්තු පරිශ්‍රයේ අද(16) පැය කිහිපයක් පුරා ඩ්‍රෝන මෙහෙයුමක් කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 16 July 2025
2026 පූර්ව අයවැය සාකච්ඡා ඇරැඹේ 2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 16 July 2025
ජනපති- තරුණ කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රගතිය විමසයි ක්‍රීඩාව දියුණු කිරීමට දායක වන ක්‍රීඩා සංගම් සමඟ ඒකාබද්ධවී ක්‍රීඩාව ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය. 16 July 2025
විදුලි බල සංශෝධන පනත ගැන බලන්න කාරක සභාව රැස්වේ ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බැලිණි. එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් විය. 16 July 2025
සුවඳ විලවුන් ඉව කර රෝහලේ නවතියි සුවද විලවුන් වර්ගයක් ආග්‍රහණය කළ පාසල් සිසුන් තිදෙනෙකු ක්ලාන්තය, වමනය සහ ශ්වසන අපහසුතා හේතුවෙන් අද (16) ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළු කළ බව දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි අසේල මල්ලවආරච්චි මහතා පැවසීය. 16 July 2025
අධ්‍යාපන සුදුසුකම්වලට දැන් ඉඩක් තියෙනවා වර්තමානයේ දී අධ්‍යාපන සුදුසුකම්- කුසලතාවයට හා නිපුණතාවයට රැකියා ක්ෂේත්රයේ ඉඩක් නිර්මාණය වී ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 16 July 2025
කණ්ඩලමේ හැඩකාරයාගේ ජීවිතය අවදානමක පාදයට එල්ල වූ වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් එක්තැන්ව සිටින ‘කණ්ඩලමේ හැඩකාරයා’ නමින් හඳුන්වන අලියා හට ආහාර දීම නොකරන්නැයි වනජීවී නිලධාරීන් දැනුම්දීම හේතුවෙන් එම සතා ආහාර හිඟයකට මුහුණ දී සිටින්නේ යැයි ජනතාව පවසති. 16 July 2025
‘‘රජයේ තීරණය වෙනස් නොකළහොත් දැඩි තීරණයක් ගන්නවා‘‘ දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන 14 පුද්ගලික සමාගමක් යටතට පත් කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් නොකරන්නේ නම් ඉදිරියේදී ආර්ථික මධ්‍යස්ථාන වසා දමන බව සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනීන් වෙළඳ සංගමයේ සභාපති රෝහණ බණ්ඩාර මහතා අද පැවසීය. 16 July 2025
‘‘ආර්ථික මධ්‍යස්ථාන 18 රාජ්‍ය සමාගමක් කරනවා‘‘ ආර්ථික මධ්‍යස්ථාන 18 ඒකාබද්ධ කර සම්පූර්ණ කොටස් අයිතිය මහ භාණ්ඩාගාරයට ඇති රාජ්‍ය සමාගමක් පිහිටුවන බවත් ආර්ථික මධ්‍යස්ථාන කිසිඳු ආකාරයකින් පෞද්ගලීකරණය නොකරන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (16) ‘ලංකාදීප’යට පැවසීය. 16 July 2025
වලස්මුල්ලේ නිවෙසක් පිටුපසින් මිනිස් පාදයක කොටස් හමුවේ වලස්මුල්ල,රම්මල වරාපිටිය හල්දොලකන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස වල දමා තිබූ මිනිස් පාදයක කොටසක් අද (16) සොයාගත් බව වලස්මුල්ල පොලිසිය පවසයි. 16 July 2025
සමාගම් සංශෝධන කෙටුම්පතට කාරක සභා අනුමැතිය පාර්ලිමේන්තුවේදී ලබන ජූලි 23 වැනිදා දෙවන වර කියවීමේ විවාදයට ගැනීමට නියමිත සමාගම්(සංශෝධන) පනත් කෙටුම්පත පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව අනුමැතිය හිමිවිය. 16 July 2025
බඹර ප්‍රහාරයකින් 13ක් රෝහලට තලවකැලේ, ආගරපතන ප්‍රදේශයේ පිහිටි වතු දෙකක සිදු වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 13කු තුවාල ලබා අද (16) රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇතැයි වතු සේවකයෝ පවසති. 16 July 2025
සූර්ය බලශක්තිය මත පදනම්ව සහයෝගීතාව ඉහළ නංවනවා සූර්ය බලශක්තිය මත පදනම් වූ අනාගතයක් සඳහා කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීමට ශ්‍රී ලංකාව කැප වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 16 July 2025
වැලිගේපොළ හිටපු ප්‍රා.මන්ත්‍රීට මරණ දඬුවම පුද්ගලයකු පැහැරගෙන ගොස් ඝාතනයක් සිදු කළැයි කියන චෝදනාවකට වැරදිකරු කළ වැලිගෙපොළ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන හිටපු මන්ත්‍රි කොඩිතුවක්කු ආරච්චිලාගේ වසන්ත නොහොත් අලිබේබිට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු බුද්ධික එස් රාගල මහතා ෙ මරණ දඬුවම් නියම කළේය. 16 July 2025
මාතරට විදෙස් රැකියා පොළක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පළාත් මට්ටමින් සංවිධානය කරනු ලබන රැකියා පොළ වැඩසටහන දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය තීරණය කර තිබේ. 16 July 2025
වැඩි ගුරුවරුන් ගැන වාර්තා ඉල්ලයි පාසල්වල අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇත. 16 July 2025
වනාන්තර 16ක් රක්ෂිත ලැයිස්තුවට වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් ඊයේ සිට රක්ෂිත ලෙස ගැසට් කෙරිණ. 16 July 2025
මූල්‍ය වංචාවකට රාජ්‍ය බැංකුවක හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට රාජ්‍ය බැංකුවක ප්‍රධාන කාර්යාලය වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් 188,825,000/= මුදලක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් එම බැංකුවේ හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි 16 July 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025