විදුලි සේවක වර්ජනයෙන් කොටුව වැහේ ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් විදුලි බල සේවකයන්ගේ විරෝධයක් හේතුවෙන් ලේක් හවුස් වටරවුම අසල මාර්ගය අවහිර වී ඇතැයි අප වාර්තා කාරුවෝ පවසති 18 September 2025
’’වත්කම් සැඟවූ අය වත්කම් ගැන ප්‍රශ්න කරනවා’’ රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් ප්‍රශ්න මතු කරන බොහෝ දෙනකු වත්කම් සැඟවූ අය බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පැවසීය 18 September 2025
ඇමැති දුම්රිය ලොක්කන්ට මසක් කල් දෙයි කාර්යාල දුම්රිය මගීන්ගෙන් පැමිණිලි එනවා. වැස්සොත් ජනෙල් වහන්න බැහැ. ජනෙල් වැහුවොත් දාඩිය දානවා. ෆෑන් කැඩිලා. වැසිකිලියට යන්න බැහැ. වතුර නැහැ. මේවා හිර ගෙවල් වගේ. මාසයක් ඇතුලත මේවා හදන්න බැරි නම් ගෙදර යන්න. මේ අවසාන අවවාදය ’’ යැයි ප්‍රවාහන ,මහාමාර්ග ,වරාය හා ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් අමතා කියා සිටියේය . 18 September 2025
රුවන්වැලිසෑයට උඩින් ඩ්‍රෝන යැවූ තිදෙනෙක් අල්ලයි රුවන්වැලි මහා සෑයට ඉහළින් අනවසරයෙන් ගුවන්ගත කළ ඩ්‍රෝන කැමරාවක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අංගුවට ගත්බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි. 18 September 2025
බැකෝ සමන්ගේ බිරිඳට ඇති චෝදනා අහන්න නාකොටික් ලොක්කා කැඳවයි ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සිටියදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රක්ෂිතව බන්ධනාගාර ගතකළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික බැකෝ සමන්ගේ බිරිඳට ඇති මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පුද්ගලිකව අධිකරණය පෙනී සිට කරුණු දක්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාට අද නියෝග කළේය. 18 September 2025
තොටළඟට වනාන්තරයක් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර තොටළඟ සිරිමාවෝ බණ්ඩාරනායක මාවත, බස් නැවතුම්පොළ ආරම්භ කෙරිණි. 18 September 2025
ලෙඩ්ඩු ගෙන ගිය ගිලන්රිය අනතුරක බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ සිට දික්ඔය මූළික රෝහල දක්වා රොගීන් දෙදෙනෙකු රැගෙන ගිය ගිලන්රථයක් අද (18) අනතුරට පත් වීමෙන් එම ගිලන්රථයේ රැගෙන ගිය රෝගීන් දෙදෙනා වෙනත් ගිලන්රථයකින් දික්ඔය මූලික රෝහලට යොමු කළ බව නෝර්වුඩ් පොලිසිය පැවසීය. 18 September 2025
තුසිත හල්ඔලුවට ඇප සිය වාහනයට වෙඩි තබා එහි තිබී ලිපිගොනු පැහැර ගත් බවට ව්‍යාජ රංගනයක් ඉදිරිපත් කළේ යැයි කියන ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව ඇප මට මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද(18) නියෝග කළේය. 18 September 2025
ජේ.ආර්ගේ ව්‍යවස්ථාව වෙනස් කිරීමේ විපාක පේනවා හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා නිර්මාණය කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දුර්වල කිරීම නිසා එහි විපාක හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට විඳීමට සිදුව ඇති බව ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ මුණුපුරෙකු වන ප්‍රදීප් ජයවර්ධන මහතා පැවසීය. 18 September 2025
හිටපු නාවික සෙබළාගේ නිවස අසළ උණ්ඩ-ආයුධ-නිළ ඇඳුම් නාවික හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයකුගේ නිවස අසල සඟවා තිබූ නිල ඇඳුම් හා කොටස් පී කැප් පහක් ටී.56 උණ්ඩ 15 සහ තවත් ආයුධ කිහිපයක් සමඟ අද(18 ) සැකකරු අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි. 18 September 2025
නාගරික මන්ත්‍රීනි හර්ෂණි අත්අඩංගුවට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීනි හර්ෂණී සඳරුවනි අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 18 September 2025
සබරගමුවේ හි.පළාත් ඇමැති අත්අඩංගුවට සබරගමු පළාත් සභාවේ හිටපු පළාත් සභා අමාත්‍ය කුමාර රාහු බද්ධ මහතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 18 September 2025
මනම්පේරිගෙන් ප්‍රශ්න කරන්න පොලිස් කණ්ඩායම් කිහිපයක් රැඳවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බාරයේ සිටින සම්පත් මනම්පේරී නැමැත්තාගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් කණ්ඩායක් කීපයකට අවස්ථාව ලබාදී ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි. 18 September 2025
බෝතලයකින් පහරදී මිතුරා අවසන් ගමන් යවලා බෝතලයකින් පහරදී දියේ ගිල්වා මිතුරා ඝාතනය කළ මිතුරෙකු ඊයේ (17) සවස අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසයි. 18 September 2025
බිමල් දුම්රිය ලොක්කන්ට දෙහි කපයි දුම්රිය සේවයේ රාජකාරී කටයුතු නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරීන්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. 18 September 2025
වසන්තගේ කෙසෙල් කැනේ කතාවට නාමල්ගෙන් පිළිතුරක් ජනතා විමුක්ති පෙරමුණේ කෝටිපති මන්ත්‍රීවරුන් මළ ගෙවල් වල ගිහින් ගමේ මිනිහගේ සල්ලි ගත්තු එක වගේම කෙසෙල් කැන කැබ් එකේ දාගෙන ආපු එක ලොකු අපරාධයක් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 18 September 2025
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ තරමක දුම්රිය ප්‍රමාදයක් පවතින බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් කීය. 18 September 2025
ගේට්ටුවේ හැපුණු ගිලන් රියේ බියර් ටින් දෙණියායේ සිට මාතර දක්වා රොගීන් දෙදෙනකු රැගෙන යද්දී අනතුරට පත් ගිලන් රථයේ තිබී බියර් කෑන් දෙකක් සොයාගත් බව මොරවක පොලිසිය කියයි. 18 September 2025
තැනින් තැනට අද තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 18 September 2025
අපරාධ රාජ්‍යයක තිත්ත ඇත්ත ජනපති හෙළි කරයි මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් මාසයක් ගානේ මුදල් එකතු කළ මන්ත්‍රීවරුන් ගැන ඔවුන් හෙළිදරව් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 17 September 2025
ලංකාව කලාපයේ අඩුම විදුලි මිල ඇති රට කරනවා කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට ශ්‍රී ලංකාව පත් කරමින් රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිලකට විදුලිය ලබා දීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවා ය. 17 September 2025
ශ්‍රි.ල.නි.පයෙන් අනුරාධපුරට නියමුවෝ හතරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා නව දිස්ත්‍රික් සංවිධායකවරු සිව් දෙනෙක් පත්වීම් ලැබූහ. 17 September 2025
උපාධිය ඉල්ලා ආබාධිත ශිෂ්‍යයකුගෙන් පෙත්සමක් ආබාධිත සිසුන්ට අධ්‍යයන කටයුතු කිරීමට හැකිවන ආකාරයේ අධ්‍යයන ප්‍රතිපත්තියක් සකස් කිරීමට නියෝග කරන්නැයි ඉල්ලා තාක්ෂණ උපාධිය හැදෑරීමට අවස්ථාව අහිම කළැයි කියන ආබාධිත ශිෂ්‍යයකු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය. 17 September 2025
කීරී සම්බා රටින් ගේන්න යයි කීරී සම්බා ආදේශක සහලක් අවශ්‍ය වුවහොත් ආනයනය කරන බව කෘෂිකර්ම අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා පැවසීය 17 September 2025
ළමයින්ට ආරක්ෂිත සාක්කි කාමර ළමුන් සදහා ආරක්ෂිතව සාක්ෂි දීමේ සාක්ෂි කාමර ස්ථාපිත කිරීම මෙරට අධිකරණ පද්ධතියේ හැරවුම් ලක්ෂයක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (17) පැවැසීය. 17 September 2025
ත්රිවිලරයෙන් මත්පැන් ප්‍රවාහනය කළ කාන්තාවක් අත්අඩංගුවට ත්‍රිරෝද රථයකින් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය කියයි. 17 September 2025
තොරතුරු ඒජන්සියේ ලොක්කා ඉවත් කරයි තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේ (I.CT.A) ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබ ඇත. 17 September 2025
මාලිමා රජය රාජ්‍ය සේවකයා අනාථ කරලා රාජ්‍ය සේවකයන්ගේ කරපිටින් රජ පුටුවලට පැමිණි මාලිමාව අද රාජ්‍ය සේවකයා අනාථ කර ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 17 September 2025
අපේ නිදහස් සෞඛ්‍ය සේවය හරි ඉහලයි මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ රෝගී සුරක්ෂිතතාවය ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. 17 September 2025
විමල්ට එරෙහි නඩුවකට දින දෙයි වසර 10ක කාලයක් තුළ සිය නීතී්‍යානුකූල අදායම් හා වත්කම් වලින් උපයාගත නොහැකි වු රුපියල් මිලියන 75 කට අධික මුදල් හා වත්කම් උපයා ගත් බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝම්බර් 22 වැනිදා සිට පැවැත්වීීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය අද (17) නියම කළාය. 17 September 2025
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන යාමට පියවර ගන්නා බව ඉරාන හමුදාව පවසා ඇත... 11 March 2026