කෝටි තුනක තහනම් යතුරු පැදි කල්පිටියෙන් අල්ලයි මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බව කියන රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් අධි බලැති යතුරු පැදි පහක් තලවිල හා නාවක්කාඩු ප්‍රදේශවලින් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ වැටලීමකදි සැකකරුවන් ද සමග අත් අඩංගුවට ගෙන ඇත. 19 July 2025
ගුවන්තොට අවට සරුංගල් තහනම් කටුනායක ගුවන්තොටුපළ කලාපයේ සරුංගල් යැවීමෙන් වළකින්නැයි ගුවන්තොටුපොළ කළමනාකරන අංශ ප්‍රධානී අරුණ රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි 19 July 2025
වෑන් රථ අනතුරින් 10ක් රෝහලට තිරප්පනය ප්‍රදේශයේදී වෑන් රථයක් අද(19) උදෑසන අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 10 දෙනෙකු තුවාල ලබා මේ වනවිට රෝහල් ගත කර තිබේ. 19 July 2025
වැස්සත් සමග කන්දක් නිවෙසකට වැටේ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන් සමනළගම ජනපදයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදු වී ඇති බව හැටන් පොලිසිය පැවසීය. 19 July 2025
පළාත් කීපයකට විටින් විට වැසි බස්නාහිර, සබරගමුව, සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 July 2025
ඔන්ලයින් ප්‍රේමය උඩු දුවලා පාසල් සිසුවියක රවටා ගෙන රැගෙන ගොස් හපුතලේ ප්‍රදේශයේ නිවසක රදවා සිටි තරුණයකු අත්අඩංගුවට ගත් බව ලිදුල පොලිසිය කියයි. 18 July 2025
අ‘පුර වැව් 22ක රක්ෂිතවල දේශපාලකයන් සැප හෝටල් හදලා දේශපාලනඥයන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 22ක රක්ෂිත තුළ නාන තටාක සහිත හෝටල් ඉදි කර ඇති බවට හඳුනාගෙන ඇතැයි වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය. 18 July 2025
සබරගමු නවක වද සිද්ධියට උපකුලපති වෙනුවෙන් නීතිපති නෑ සබරගමුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදයට ලක්වීම හේතුවෙන් සියදිවි නසාගැනීමේ සිද්ධියට අදාළව විමර්ශනයක් කර සිද්ධියට සම්බන්ධ සිසුන්ට එරෙහිව සුදුසු පියවර ගන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඇතුළු සනාතන සභාව වෙනුවෙන් නීතීපතිවරයා පෙනී නොසිටින බව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය. 18 July 2025
කහතුඩුව දරුවා පැහැර ගැනීම හිතළුවක් ? සුදු පාටට හුරු වෑන් රථයකින් 15 හැවිරිදි තුන් කුළුඳුල් පිරිමි ළමයකු කහතුඩුව ප්‍රදේශයේදී පැහැරගෙන ගිය බව කියන සිද්ධිය නිර්මාණය කරන ලද එකක් බවට දුරට සැක කරන බව කහතුඩුව පොලිසිය කියයි. 18 July 2025
දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දලින් හමුවෙයි දෙහිවල වෙඩි තැබීමට යොදා ගත් යතුරුපැදිය පිළියන්දල විකල්ප මාර්ගයේ විහාරස්ථානයක් ඉදිරිපිට මාර්ගයේ දමා ගොස් තිබියදී අද (18) හමු වූ බව දෙහිවල පොලිසිය කියයි 18 July 2025
නීතිවිරෝධීව මෙරට සිටි ඉන්දියානුවන් 21ක් අත් අඩංගුවට සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ, ඒවා කල් ඉකුත් වූ පසුත්, නීතිවිරෝධී ලෙස කිරුලපන ප්‍රදේශයේ නිවෙසක රැදී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ සූදු ඔට්ටු ඇල්ලීමේ ජාවාරමක නිරත වී සිටි ඉන්දීය ජාතිකයන් 21 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ . 18 July 2025
ඉන්ධන බවුසර් උස්සපු අය නිදහස් කරන සූදානමක් මෙරට ආර්ථික අර්බුදයකට පත්ව තිබූ 2022 සහ 2023 වසරවලදී ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන බවුසර් අස්ථානගතවීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ නිලධාරීන් එම චෝදනාවලින් නිදහස් කිරීමට වර්තමාන ආණ්ඩුව සූදානම් වන බවත් එම ඉන්ධන බවුසර් අස්ථානගතවීම සහ චෝදනා එල්ල වී ඇති නිලධාරීන් නිදහස් කිරීමේ සූදානම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) පෙවරුවේ පැමිණ පැමිණිල්ලක් කළේය. 18 July 2025
බලශක්තිය දියුණු කරන්න පාර්ලිමේන්තු අනුකාරක සභාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුතු බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවක් යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ පත්කිරීමට ඊයේ (17) තීරණය විය. 18 July 2025
පාසල් තුනක සිසුසිසුවියෝ ජනපති මන්දිරයට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කෙරෙන Vision වැඩසටහනට සහභාගී වීමට මහනුවර විද්‍යාලෝක විද්‍යාලය, අම්පාර වෙරන්කැටගොඩ විද්‍යාලෝක විද්‍යාලය සහ දිගම්පතහ කනිෂ්ඨ විද්‍යාලය යන පාසල් වල සිසුසිසුවියන් හට අද (18) අවස්ථාව උදා විය. 18 July 2025
තීරු බද්ද තවත් අඩු කර ගන්න අඛණ්ඩව සාකච්ඡා ඇමෙරිකාව ’’අන්‍යෝන්‍ය බදු’’ ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද අඩු කරවා ගැනීම සඳහා ඇමෙරිකාව සමග අඛණ්ඩව සාකච්ඡා කිරීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය අද (18) ප්‍රකාශ කළේය. 18 July 2025
රාජිතගේ අපේක්ෂිත ඇපැල විසිවෙයි අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි පරිදි පූර්ව ඇපයක් නියම කරන්නැයි හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය. 18 July 2025
හිටපු කාන්තා - ළමා කටයුතු අමාත්‍යවරියට එරෙහි නඩුවට දින දෙයි නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව වියළි කළාප සංවර්ධන ව්‍යාපෘතියේ අධ්යක්ෂ ජනරාල්ධුරයට පුද්ගලයකු පත් කිරීම සහ නීතීයානුකූල නොවන ආකාරයට එහි ව්‍යාපෘති වලට සිය හිතවතුන් පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පෙළඹවීම මඟින් දඬුවම් ලැබිය යුතු වැරදි කළ බවට චෝදනා කරමින් හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්දාණී බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ලබන 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ වි 18 July 2025
තේ ප්‍රවර්ධන පනතට මුදල් සභාවේ අනුමැතිය තේ කර්මාන්තයේ සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා ශ්‍රී ලංකා තේ අපනයන බදු සහ පාලන පනත යටතේ වන නියෝගයකට සහ විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය ලැබිණ 18 July 2025
ෆීලික්ස් බෝම්ගාට්නර් උඩු ගුවනේ දී මරුට අභ්‍යවකාශය අද්දර සිට පෘථිවියට පැනීමෙන් 2012 වසරේ දී ලෝක වාර්තාවක් තැබූ 56 හැවිරිදි ඔස්ට්‍රියානු ජාතික ෆීලික්ස් බෝම්ගාට්නර් ඉතාලියේ පැරා ග්ලයිඩින් ත්‍රාසජනක ක්‍රීඩාවේ නිරත වෙමින් සිටිය දී උඩු ගුවනේ දී හෘදයාබාධයක් වැළඳී ඊයේ(17) මියගොස් ඇතැයි එරට පොලිසිය තහවුරු කළේය. 18 July 2025
තවත් සද්ධන්තයෙක් මීනගයාට බිලි කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ මීන ගයා දුම්රියට කදුරුවෙල ගල්ලෑල්ල ප්‍රදේශයේදී අද(18 ) අලුයම වන අලියෙකු ගැටීමෙන් එම වන අලියා මියගොස් ඇති බව පොළොන්නරුව වනජීවී නිලධාරීන් පවසයි. 18 July 2025
හැටන් පාවහන් වෙළඳසැලක ගින්නක් හැටන් නගරයේ පැති වීදියේ පාවහන් වෙළදසැලක (18) දින පස්වරු 1:00ට පමණ ගින්නක් හටගෙන ඇතැයි හැටන් පොලිසිය පවසයි. 18 July 2025
ඖෂධ අලෙවියේ අසාධාරණ ලාභ ගැන අල්ලස් කොමිසමේ පරීක්ෂණ ඖෂධ නිෂ්පාදන සමාගමටත් වඩා ඉහළ ලාභ ලබමින් සිදුකරන ඖෂධ අලෙවිය සම්බන්ධව අල්ලස් කොමිසම නිසි පරීක්ෂණ සිදු කරනු ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 18 July 2025
තේ ප්‍රමිතිය බාල කරන අය ගැන දැඩි පියවර ගන්නැයි රජයට ඉල්ලීමක් තේ නිෂ්පාදනයේ දී ප්‍රමිතිය බාල කරන කර්මාන්තශාලාවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස තේ කර්මාන්තකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියේ ය. 18 July 2025
හිටපු මන්ත්‍රීලාගේ නෝනලා 174 කටත් ’’පැන්ෂන්’’ හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 174 දෙනකු සහ දරුවන් හත් දෙනෙකු වෙනුවෙන්ද කාලයක සිට රජයෙන් විශ්‍රාම වැටුප් ගෙවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 18 July 2025
දෝව කන්ද ඇවිලෙයි දෝව ඓතිහාසික රජමහා විහාරස්ථානයට නුදුරින් පිහිටි පරෙයියන්ගල කන්දේ ඊෙය්(18) දහවල් හටගත් හදිසි ගින්නකින් අක්කර දහයක පමණ කොටසක් විනාශ වී ගොස් සුළඟත් සමඟ ගින්න තවදුරටත් කදුමුදුනේ පැතිරයමින් පවතින බව ඇල්ල පොලිසිය පවසයි. 18 July 2025
වව්නියාව ගුවන් හමුදා කඳවුර ඉවත් කිරීමේ සූදානමක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වව්නියාව ගුවන් හමුදා කදවුර ඉවත් කිරීමේ සූදානමක පවතින බැවින් ඒ පිළිබද තොරතුරු කඩිනමින් දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරිවරයාට ලිපියක් යොමු කළ බව ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය පැවසීය. 18 July 2025
රාජිත ගැන තීරණය සවස 2ට හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතාට පූර්ව ඇපයක් නියම කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය අද පස්වරු 2.00 ලබා දෙන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (18) නියෝග කළාය.ෙකිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට පත් වුවහොත් පූර්ව ඇපයක් නියම කරන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න මහතා විසින් අල්ලස් කොම්ෂමේ අධ්යක්ෂ ජනරාල්වරයාට 18 July 2025
දෙහිවල වෙඩි තැබිමක් දෙහිවල දුම්රියපොළ අසලදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි. 18 July 2025
ගිනි අවියක් සමඟ පහක් පොලිස් දැලේ තුර්කියේ නිෂ්පාදිත නවීන පන්නයේ පිස්ටල් එකක් සමඟ පුද්ගලයින් පස්දෙනෙක් අම්බලන්තොට පොලිසිය මගින් පෙරේදා (17) අත්අඩංගුවට ගෙන ඇත. 18 July 2025
එස් එම් චන්ද්‍රසේන යළි රිමාන්ඩ් අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවි ජනතාවට බෙදාදීම සඳහා නිර්දේශ කළ රුපියල් කෝටි දෙකහමාරක් වටිනා බඩ ඉරිඟු කිලෝ 36000ක් 2015 ජනාධිපතිවරණයේදී වාසි ලබාගැනීමට දේශපාලන ආධාරකරුවන්ට බෙදා දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු විශේෂ ව්‍යාපෘති අමාත්‍ය හා ආර්ථික සංවර්ධන හිටපු නියෝජ්‍ය අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන සැකකරු අගෝස්තු 01 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද (18) නියෝග කළාය. 18 July 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025