පා.මන්ත්‍රී ජගත් විතාන ගේ පුත් රසික විතාන රිමාන්ඩ් කොටස් එකලස් කළ සකස් කරන ලද බව කියන ජිප් රථයක් පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ පුතකු ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටිවත්ත මහත්මිය අද නියෝග කළාය. 20 July 2025
පොළොන්නරුව රෝහලට ජපානෙන් රුධිර කාන්දුකරණ යන්ත්‍ර දෙකක් උතුරු මැද පළාතේ ප්‍රධානතම රෝහලක් වන පොළොන්නරුව ශික්ෂණ රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිරීක්ෂණයට ලක්විය. 20 July 2025
දයාසිරිගෙන් නාහිමිවරුන් තිදෙනෙකුට ලිපියක් රටේ බෞද්ධාගම ආරක්ෂා කිරීම සඳහා මෙතෙක් පවත්වාගෙන ගිය බෞද්ධ කටයුතු අමාත්‍යාංශය ඉවත් කිරීම ඇතුළු රටේ බරපතළ ගැටලු කිහිපයක් විසඳීමට මැදිහත් වන්නැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා තිබ්බොටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහනාහිමියන්ට සහ නියංගොඩ විජිතසිරි සහ දිඹුල්කුඹුරේ විමලධම්ම මල්වතු අනු නාහිමිවරුන්ට ඊයේ (19) ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය. 20 July 2025
කෝටියක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් මාට්ටු රුපියල් කෝටියකට ආසන්න වටිනා වර්ග හතරකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 20 July 2025
අම්පාරෙන් අ‘පුර යුගයට අයත් පුරාවස්තු රැසක් මතුවෙයි අම්පාර, එරගම මානික්මඩු පුරාණ රජමහා විහාරයේ ඓතිහාසික චෛත්‍යෙය් කැණිම් කටයුතුවලදී අනුරාධපුර මුල් යුගයට අයත් පුරා වස්තු රාශියක් හමුව ඇතැයි පුරා විද්‍යා දෙපාතමේන්තුව කියයි. 20 July 2025
නීති විරෝධිව ගෙන ආ ඉඟුරු සමඟ අයෙක් අල්ලයි ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධීව මෙරට ගෙන්වන ලද වියළි ඉඟුරු උර 70 ක් නොරොච්චෝල , සංජීකා වත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයාගෙන තිබේ. 20 July 2025
’’යූත් ක්ලබ්’’ වල කාන්තා නියෝජනය වැඩි කරයි දිවයින පුරා ’’යූත් ක්ලබ්’’ වල කාන්තා නියෝජනය වැඩි කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. 20 July 2025
බහින්බස් වීම මරණයෙන් කෙළවර වෙයි සීගිරිය , ඉනාමලුව රජයේ තේක්ක රක්ෂිතයේ මහා වන මැද කම්කරුවන් රැඳී සිටි වාඩියක ඊයේ(19 ) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් පහර කෑමකට ලක්ව එක් අයෙකු මියගොස් තවත් අයකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සීගිරිය පොලිසිය කියයි. 20 July 2025
කෝප් කෝපා කමිටුවලට දඩුවම් කිරීමේ බලය ? පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝපා කමිටුව) වැනි පාර්ලිමේන්තුවේ වැදගත් විමර්ශන ආයතනවලට දූෂණ වංචා චෝදනාවලට ලක් වූවන්ට එරෙහිව නීතිපතිවරයා හා සම්බන්ධවී සෘජුවම නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලය ලැබෙන නීති ප්‍රතිසංස්කරණ වහා ඇති කරන්නැයි මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. 20 July 2025
’’ධීවර වැඩට මූද පළාතේ යන්න එපා’’ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මුහුදු යාමෙන් සම්පුර්ණයෙන්ම වලකින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සියලුම ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී. 20 July 2025
‘ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය‘ ශ්‍රී ලංකාවට ලෝකයේ පළමු වැනි තට්ටු දෙකේ සුහුරු කාණුව ( Smart Drain ) නැමති නවෝත්පාදන නිර්මාණය කරමින් ’’ 2025 ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය ’’ හිමි කර ගත් ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය . 20 July 2025
දියවන්නාවම කළු වෙයි පාර්ලිමේන්තුව අවට දියවන්නා ඔය කළු පැහැවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වෙයි. 20 July 2025
නාරම්මල අනතුරකින් සිඟිත්තියෝ දෙකක් ඇතුළු තුනක් මරුට කතරගම ගොස් ආපසු මෝටර් රථයක හා පෞද්ගලික බස් රථයක් එකිනෙකට ගැටීමෙන් මෝටර් ගමන් ගත් රියදුරා හා සිඟිති දියණියන් දෙදෙනකු මිය ගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි නාරම්මල පොලිසිය සඳහන් කරයි. 20 July 2025
විපක්ෂ නායක පුටුවට අලුත් කෙනකු ගන්න රහස් සාකච්ඡා විපක්ෂ නායක ධූරය විපක්ෂයේ වෙනත් මන්ත්‍රීවරයකුට ලබා ගැනීමට රහසිගත සාකච්ඡා ආරම්භවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. 20 July 2025
අලි පැටව් හයක් ’’ගෙදර’’ යති වනජීවී නිලධාරීන්ගේ සෙනෙහස රැකවරණය ලබමින් උඩවළව ඇත්අතුරු සෙවණේ සිටි අලි පැටවුන් 06 දෙනෙකු උඩවලව මව්ආර ප්‍රදේශෙය්දී වනාන්තරයට මුදා හැරියේය. 20 July 2025
පන්ති කාමරයක ශිෂ්‍ය සංඛ්‍යාව 25- 30 අතරට පාසල් පන්ති කාමරයක සිසුන් ප්‍රමාණය 25ක් - 30ක් බවට පත්කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 20 July 2025
අද කාලගුණය බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 20 July 2025
අත්අඩංගුවට ගන්න ගිය මන්ත්‍රී රෝහිතගේ දුව ගෙදර නෑ? කොටස් එකලස් කරන ලද ජීප් රථයක් සම්බන්ධව සිදු කරන විමර්ශනයකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියව අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර නුගගොඩ නිවසට ගියද එම සැකකාරිය සහ ඇයගේ සැමියා නිවසේ නොසිටි බව පානදුර වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. 19 July 2025
උඩුදුම්බරදි වෑන් රියක් පෙරළී තුනක් මරුට:හයක් රෝහලට උඩදුම්බර මීමුරේ හබරකැටිය පටු මාර්ගයදී වෑන් රථ අනතුරකින් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත්හය දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 19 July 2025
බිය කරන්න වෙඩි තැබූ ව්‍යාපාරිකයා - සුරාබදු පරීකෂක රිමාන්ඩ් තලවතුගොඩ සමාජ ශාලාවකදී අද (19) දින අලුයම පුද්ගලයාන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක දී බලපත්‍ර සහිත ගිනි අවියකින් වෙඩි තබා සාපරාදි බිය ගැන්වීම සහ බලපත්‍ර කොන්දේසි අනිසි ලෙස භාවිතා කළ බව කියන සුරාබදු පරීක්ෂකවරයකු සහ ව්‍යාපාරිකයකු ලබන 30 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය. 19 July 2025
සජබ මන්ත්‍රී පුතා සැකපිට සමගි ජනබල වේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තුමන්ත්රී ජගත් විතානගේ මහතාගේ පුත්‍රය සැකකටයුතු ජීප් රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි 19 July 2025
පදිකයන් අතරට මෝටර් රථයක් කඩා වදී ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර, ඊස්ට් හොලිවුඩ් පළාතේ, සැන්ටා මොනිකා බුලවාඩ් හි සංගීත ප්‍රසංග ශාලාවක් ඉදිරියේ සිටි පිරිසක් මැදට මෝටර් රථයක් කඩා වැදුණි. 19 July 2025
කැමරාවේ සටහන් වුණු අනියම් පෙම බොස්ටන් නුවර කෝල්ඩ්ප්ලේ ප්‍රසංගයක් අතරතුරේ, එම ප්‍රසංගය නැරඹීමට ආ යුවළකගේ වීඩියෝ දසුන් එම ප්‍රසංගයේ දැවැන්ත තිරයේ දිස් විය. මෙය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත. 19 July 2025
හිටපු ඇමති සාලින්දගේ ඉඩම් හුටපටය අල්ලස් කොමිසමට හිටපු ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අක්කර 76ක ගොඩ මඩ ඉඩමක් සිය බිරිඳ සභාපති ධූරය දරූ හිරියාල ගොවි සමාගමට බදු දීමෙන් පසු අදාල බදු මුදල් නොගෙවා රජයට පාඩු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබන සතියේදී පැමිණිලි කරන බව ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ලංකාදීපයට පැවසීය. 19 July 2025
ෂාරුක්ට අකරතැබ්බක් බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ට අකරතැබ්බක් සිදුවිය. ඒ, ෂාරුක් ඔහුගේ නවතම ’කිංග්’ චිත්‍රපටයේ ක්‍රියාදාම දසුනක් රූගත කරන අතරතුරේය. 19 July 2025
ජාතික ක්‍රීඩා උළෙල මහ ඉහලින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සමඟ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන 49 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ගාල්ල දඩැල්ල ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති වොලිබෝල් තරඟ ඉසව්වෙන් ආරම්භ කෙරිණි. 19 July 2025
සෝමාවතියට හදිසි ප්‍රතිකාර ඒකකයක් පොළොන්නරුව ශික්ෂණ රෝහලට අනුබද්ධිතව ඓතිහාසික සෝමාවතිය පුදබිමේ ඉදිකිරීමට යෝජිත හදිසි ප්‍රතිකාර ඒකකය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් සහ ස්ථානගත පරීක්ෂාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 19 July 2025
ධීවරයා මුහුදට වැටී අතුරුදන් ධීවර කටයුතු සදහා මුහුදු ගිය ධීවරයකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බව කළුතර ධීවර පරීක්ෂක කාර්යාලය සදහන් කරයි . 19 July 2025
දේශබන්දු කමිටුවේ වාර්තාව එන සතියේ කතානායකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ මැතිසභා කමිටුවේ වාර්තාව ඉදිරි සතියේදී කතානායකවරයාට භාර දීමට නියමිතව ඇතැයි වාර්තාවේ. 19 July 2025
සුළඟ තිදරුපියා බිල්ලට ගනී මස්කෙළිය බ්‍රවුන්සික් වතුයායේ මොටින්හැම් කොටස ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් තිදරු පියකු ජීවිතක්ෂයට පත් වි ඇති බව මස්කෙළිය පොලිසිය පැවසීය. 19 July 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025