(ප්රසාද් රුක්මල් )
බොරලන්ද වැලිඅරාව ප්රදේශයේ නිවසක බැරල් 8ක් තුල සගවා තබා තිබු ඩීසල් ලීටර් 1500ක් සමග සැකපිට පෞද්ගලික මගී ප්රවාහන බස් රථ ව්යාපාරික කාන්තාවක් ඊයේ (23) පස්වරුවේ අත් අඩංගුවට ගත් බව බෝගහකුබුර පොලිසිය පවසයි .
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බොරලන්ද වැලිඅරාව ප්රදේශයේ පදිංචි 57 හැවිරිදි පෞද්ගලික මගී ප්රවාහන බස් රථ හිමි කාන්තාවක යැයි පොලිසිය කීය .
බෝගහකුබුර පොලිසියේ නිළධාරින් ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අතර , මෙහිදී සැකකාර කාන්තාවගෙ නිවසේ බැරල් 8ක් තුල දමා සගවා තිබූ මෙම ඩීසල් ලීටර් 1500 තොගය අත් අඩංගුවට ගනු ලැබිනැයි පොලිසිය සදහන් කලේය .
මැය විසින් වැලිමඩ බොරලන්ද අතර පෞද්ගලික මගී ප්රවාහන බස් රථ දෙකක් ධාවනය සදහා යොදවා ඇති බවත් එම බස් රථ ව්යාපාරික කටයුතු සදහා යොදා ගැනීමට මෙසේ ඩීසල් තොගය හොරරහසේ ගබඩා කර සගවා තබා ගෙන සිට ඇති බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd