බැංකු ගිණුමකින් හොරෙන් මුදල් ඇද්ද සරසවි සිසුවා මාට්ටු අන්තර්ජාලය ඔස්සේ බැංකු ගිණුමකට අනවසරයෙන් ඇතුළු වී රුපියල් ලක්ෂ පහක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ඊයේ (17) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 18 July 2025
පළාත් කිපයකට විටින් විට වැසි සබරමුව, පළතෙත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 18 July 2025
ට්‍රම්ප් ලෙඩ වෙලා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිදන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව, ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලීවිට් පවසා ඇත. 18 July 2025
දෙමස්සිනෝ බරටම ගිනි අවි නිපදවලා කටාන කටියල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අනවසර ගිනිඅවි නිෂ්පාදන කම්හලක් වැටලු මිගමුව කොට්ටාශයේ අපරාධ විමර්ශන කාර්යාංශය එම කම්හල පවත්වාගෙන ගිය සැකකරුවන් දෙදෙනකු ඔවුන් නිෂ්පාදනය කළ බව කියන ගිනි අවිතුනක් විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ රිවෝල්වරයක කොටසක් සමග අද 17 දින අත්අඩංගුවට ගෙන ඇත. 17 July 2025
‘‘රජයේ වැඩවලට මහ සඟරුවනේ අනුශාසනා දිගටම ගන්නවා‘‘ රජයේ කටයුතු වලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවර දී පැවැසීය. ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබටව කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. 17 July 2025
චෝදනාවට ලක්වූ වෘත්තීය සමිති 59ක තටු කපයි වෘත්තීය සමිති 59ක් විවිධ චෝදනා හේතුවෙන් පසුගිය කාලයේදී අවලංගු කර ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 17 July 2025
ගුවන් අනතුරට හේතුව ප්‍රධාන නියමුවාද? ඉන්දියාවේ සිට ලන්ඩන් නුවර බලා පියාසර කිරීමට ගුවන්ගත වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් ඒ.අයි. 171 බෝයිං 787 ඩ්‍රීම්ලයිනර් මගී ගුවන් යානය අනතුරට පත් වූයේ, එහි ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ සුමිත් සබර්වාල් යානයේ ඇන්ජින්වලට ඉන්ධන සැපයීම සිදු කරන ස්විච වසන්ධි කිරීම නිසා යැයි විමර්ශනවලින් අනාවරණය වී ඇති බව, ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනාවරණය කර ඇත. 17 July 2025
හැරී පොටර් නිළියට රිය පැදවීම තහනම් “හැරී පොටර්” චිත්‍රපට මාලාවේ හර්මයිනිගේ චරිතය නිරූපණය කරමින්, ලොව කාගේත් ආදරය දිනූබ්රිතාන්ය නිළි එමා වොට්සන්ට මාස හයකට රිය පැදවීම තහනමක් නිකුත් කර ඇත. 17 July 2025
යතුරු පැදි ඉස්සූ පාසල් සිසුවා මාට්ටු දඹදෙණිය කර්මාන්ත පුරය මාර්ගයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනා කමැති යතුරුපැදියක් සොරකම් කළ 16 හැවිරිදි පාසල් සිසුවකු නිවසේ සඟවා තිබූ යතුරු පැදිය ද සමඟ අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය පවසයි. 17 July 2025
දරුපැටියා කාගෙදෝ පුස්සැල්ල කැලෙන් ඇහින්දෝ දින දෙකක් පමණ වයසැති බිළිඳියක් පරගහදෙණිය පුස්සැල්ල මර්ගයේ වෙල්යායක් අසල කුඹුක්ගහක් යට තණකොළ ගොල්ලේ දමා ගොස් තිබියදී ගොවියකු දැක දැනුම් දීමෙන් පසු මාවතගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව මාවතගම පොලිසිය පවසයි. 17 July 2025
ඩයනාගේ නඩු විභාගය අගෝස්තු 21ට කල් යයි ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි චෝදනා ළද හිටපු අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව ජූලි 31 විභාගයට ගැනීමට නියමිතව තිබු නඩුව අගෝස්තු 21 වැනිදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද නියම කළාය. 17 July 2025
හෙද නිලධාරින් 60න් ගෙදර යැවීම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි රජයේ රෝහල්වල සේවය කරන හෙද නිලධාරීන් අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබූ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අද තහවුරු කළේය. 17 July 2025
මිදිගම රුවන්ගේ පෙත්සමට දින දෙයි බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු යැයි කියන් මිදිගම රුවන් නමැත්තා ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය සැප්තැම්බර් පළමුවැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද (17) දැනුම් දුන්නේය. 17 July 2025
ෂාරුක් ඛාන්ට වෙනත් වැඩක් නොවැළැක්විය හේතුවක් නිසාවෙන් පෙර සැලැසුම් කළ පරිද්දෙන් එළැඹෙන 2 වැනිදා පැවැත්වෙන කොළඹ සිටි ඔෆ් ඩ්‍රීම්ස් විවෘත කිරීමේ උත්සවයට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් සහභාගී නොවන බව සංවිධායකයෝ අද (17) ප්‍රකාශ කළහ. 17 July 2025
තීරු බදු සාකච්ඡාවට විශේෂඥ කණ්ඩායමක් ඇමරිකාවට ඇමරිකානු තීරු බදු ප්‍රතිශතය අඩු කර ගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට මෙරට නියෝජිත කණ්ඩායමක් හෙට (18) ඇමරිකාව බලා පිටත්ව යයි. 17 July 2025
නීති විරෝධී යතුරුපැදිවලට කුරුලු උයනේ හිමිකරු අත්අඩංගුවට නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා නවීන පන්නයේ යතුරුපැදි සඟවා තිබූ හම්බන්තොට නාගර වැව කුරුලු උයනේ හිමිකරු නාරහේන්පිට පුද්ගලික රෝහලකදී අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ කොට්ඨාසය කියයි 17 July 2025
ඇහැලේපොළ වලව්වට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුත් සැපත් වෙයි මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද (17) පෙරවරුවේ විවෘත කෙරිණි. 17 July 2025
කහවත්ත තරුණයා ඝාතනයට තවත් තරුණයන් දෙකක් රිමාන්ඩ් කහවත්ත තරුණයන් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් එක් තරුණයකු වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල සිදු කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් තරුණයන් දෙදෙනකු ලබන 28 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා අද නියෝග කළේය. 17 July 2025
අල්ලස් ගත් ග්‍රාම නිලධාරී කත මාට්ටු සම්මන්තුරේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ සේවය කරන ග්‍රාම නිලධාරිවරියක උප්පැන්න සහතිකය වෙනස් කිරීම සඳහා රුපියල් 5,000ක අල්ලසක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිසන් සභාව කියයි. 17 July 2025
පාර්ලිමේන්තුවේ වැඩ ගැන පූජක සිසුන්ට උගන්වයි පාර්ලිමේන්තු ක්‍රියාදාමය සහ සම්ප්‍රදායන් පිළිබඳව කලුතර “දහම් සෙවණ” දෙව් සත්හලේ පූජක සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. 17 July 2025
ජාතික ක්‍රීඩා උළෙල අදියර පහකින් පැවැත්වෙයි මෙවර ජාතික ක්‍රීඩා උළෙල අදියර පහක් යටතේ පවත්වන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය. 17 July 2025
දැන් භාණ්ඩාගාරෙන් යැපෙන තැපෑල ලාභ ලබන තැනක් කරනවා මෙරට ඉතිහාසය සහ අනාගතය එක් කරන ප්‍රධාන මාධ්‍ය ලෙස මෙන් ම ආරක්ෂිත හා අඩුම වියදමකින් සේවා සපයන ස්ථානයක් බවට ශ්‍රී ලංකා තැපැල් සේවාව පත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 17 July 2025
LTTE යට සහාය දුන් බවට ගැරී ආනන්දසංගරීට චෝදනා එල්.ටී.ටී.ඊ සාමාජිකයකුට කැනඩාවේ පුරවැසිභාවය ලබාගැනීමට සහාය දුන්නේ යැයි ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩා මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී ඇත. 17 July 2025
ඉරාක ගින්නට බිලි වූ ගණන 60 ක් ඉරාකයේ සාප්පු සංකීර්ණ ගොඩනැගිල්ලක ගින්නක් හටගත් අතර, ගින්නට හසුවීමෙන් 60 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ 100 දෙනකු රෝහල්ගත කළ බව පැවැසෙයි. 17 July 2025
කඩින් කඩ වාරික ගෙවා සම්පූර්ණ කළ අයටත් ගොවි විශ්‍රාම වැටුප දෙයි ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායකත්වය ලබා කඩින් කඩ සම්පූර්ණ වාරික ප්‍රමාණය ගෙවන ලද ගොවීන් වෙත විශ්‍රාම වැටුප් හිමිකම් ලබාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩල අධ්යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇතැයි එහි සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා නිවේදනය කරයි. 17 July 2025
හිරේ ගිහින් වැඩ පෙන්නූ අයගේ පොළ අදත් බන්ධනාගාර රැඳවුවන්ගේ කුසලතා නිර්මාණ ඇතුළත් “ සිරසර ශිල්ප 2025 ’’ ප්‍රදර්ශනයේ අවසන් දින විවෘත කිරීම බන්ධනාගාර වෘත්තිය උපදේශකවරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල දියත පරිශ්‍රයේදී අද(17) සිදු කෙරිණි. 17 July 2025
සජබ නායකයා වෙනස් වෙන්න ඕන සමග ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය. 17 July 2025
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඉතිහාසය-සෞන්දර්ය අනිවාර්යයි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වල ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. ෙනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17) බස්නාහිර පළාත්සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය. 17 July 2025
කාදිනල්තුමා ලේකම්වරුන් පත් කරනවා නම් රටට දෙයියන්ගේම පිහිටයි කාදිනල් තුමා ආණ්ඩුවේ එක එක්කෙනාට කියා අමාත්‍යාංශ වල ලේකම්වරුන් පත් කරනවනම් රටට දෙවියන්ගේම පිහිට බව සමග ජන බලවේගයේ කුණ්ණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 17 July 2025
’’මම නීතියට පිටින් වැඩ කළේ නෑ’’ තමා නිවාස සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස සිටි කාලයේදී සියලු කටයුතු කළේ මුදල් වැය කළේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 17 July 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025