(සුජිත් හේවාජුලිගේ)

ජනතාව අසීරුතාවයට පත්ව සිටින මේ මොහොතේදී සෑම පවුලකටම කොව්ඩ් පැතිරුණු සමයේදී ගෝඨාභය රජය දුන්නාසේ රුපියල් දස දහසක සහනාධාර මුදලක් දෙන ලෙස හිටපු අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

එසේම රජයේ සේවකයන්ටද සහනාධාරයක් දෙන ලෙස ඉල්ලීම් කරන බව ඔහු ප්‍රකාශ කළේය.

මාස දෙකකට ඉන්ධන ප්‍රමාණවත්ව ඇති බවටත් භාණ්ඩාගාරයේ සල්ලි ඉතිරී පවතින බවටත් ප්‍රකාශ කර ඇති හෙයින් ජනතාවට සහනාධාර මුදලක් ලබාදීමට කිසිදු ගැටලුවක් නැතැයි ඔහු පෙන්වා දුන්නේය.

ගෝඨාභය රාජපක්ෂ සමයේදී කුමන දුෂ්කරතා තිබුණද ජනතාව පැත්තෙන් සිතා එවැනි සහනාධාරයක් දුන් බව චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.