
(සමිපත් ප්‍රියනන්දන)
බලංගොඩ පින්නවල ඉන්ධන පිරවුම් හලේ රාත්‍රියේ රාජකාරි කර නිවස බලා යමින් සිටි පින්නවල පොලිසියට අනියුක්තව සේවය කළ කොස්තාපල් වරයෙකු කණතිරියන්වෙල ප්‍රදේශයේ දි අද (22) මියගොස් සිටියදී සොයාගත් බව පොලිසිය පැවැසීය.
කොස්තාපල් ගමන් කල යතුරු පැදියද ඇළකට පෙරලි තිබුණ බව පොලිසිය පවසයි.
පින්නවල පොලිසියට අනියුක්තව සේවය කල ලේකම්ලාගේ සේනක කිර්ති නැමැති හතලිස් තුන් හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකු මෙලෙස මියගොස් තිබෙි.
මෙම කොස්තාපල් වරයා පින්නවල ඉන්ධන පිරවුම් හලේ රාත්‍රි රාජකාරි සිදුකර බලංගොඩ ගුරැබැවිල ,පල්ලෙවෙල පදිංචි නිවස වෙත ගමන් කරමින් සිටියදී පින්නවල මාර්ගයේ කණතිරියන්වෙල ප්‍රදේශයේ දි මෙලෙස මියගොස් ඇත.
නිළධාරියා මෙම ස්ථානයේ වැටි සිටි අයුරු ප්‍රදේශවාසීන් දැක පින්නවල පොලිස් ස්ථානය වෙත දැනුම් දිමක් කර තිබෙි.
යතුරු පැදිය පෙරලීම හේතුවෙන් මියගොස් තිබෙිද නැතහොත් වෙනත් හේතුවකින් මියගොස් තිබෙිද යන්න පිළිබඳව පින්නවල පොලිසිය පරික්ෂණ සිදු කරමින් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd