(අංජුල මහික වීරරත්න)
මාර්තු 24 සහ 25 දිනවල ලංකාවට පැමිණීමට නියමිතව තිබූ මෙට්‍රික් ටොන් 90000ක බොරතෙල් නැව පැමිණෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවකදී අද (22) පැවසීය.
අප්‍රේල් 12-13 පැමිණීමට නියමිතව තිබූ මෙට්‍රික් ටොන් 90000 බොරතෙල් නැවේ පැමිණීම පිළිබඳවත් යම් අවදානමක් තිබෙන බව අමාත්‍යවරයා එහිදී කීය.
මෙම බොරතෙල් නෞකා නොපැමිණීම නිසා මෙරට පිරිපහදුවෙන් වෙළෙඳ පොළට නිකුත් කරන ඩීසල් සහ පෙට්‍රල් ද නියමිත ප්‍රමාණයට ලබා දීමට නොහැකි වීමේ අවදානමක් තිබෙන්නේ යැයි අමාත්‍ය ජයතිස්ස මහතා සඳහන් කළේය.
එය අනුව පිරිපහදුවෙන් වෙළඳපොළට සපයන ඩීසල් සියයට 30ක ප්‍රමානය සහ පෙට්‍රල් සියයට 20-25 ක ප්‍රමාණය සපයා ගන්නට නොහැකි වීමේ අවදානමක් ඇතැයි ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd