රෙගේ සංගීතඥ ඇල්ෆා බ්ලොන්ඩි මෙරටට ලෝකයේ ජනප්‍රිය ’’රෙගේ ’’ සම්ප්රදායේ සංගීතඥයෙකු වන ඇල්ෆා බ්ලොන්ඩි ප්‍රසංගයක් පැවැත්වීම සදහා ශ්‍රී ලංකාවට අද (16) අලුයම පැමිණියේය . 16 July 2025
පොලිසියට නව රූපලාවන්‍යාගාරයක් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නවීන රූපලාවණ්‍යාගාරය ’රූ සිරි’ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) විවෘත කෙරිණි. 16 July 2025
උපන් ඇඳුමෙන් ගිය තායි කතට වසර පහක අත්හිටවූ සිරදඬුවමක් පොතුවිල් සංචාරක කලාපයක් වන ආරුගම්බේ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක උඩුකය නිරුවත්ව, අඩනිරුවතින් ගමන්ගත් තායි ජාතික කාන්තාවට මාස එක හමාරක සිරදඬුවමක් නියම කළ පොතුවිල් මහේස්ත්‍රාත් ඒ. එල්. එම්. හිල්මි මහතා වසර පහකට අත්හිටවන ලෙස නියම කළේය. 16 July 2025
පුංචි සභා පනහක වැඩ කොටඋඩ පළාත් පාලන මැතිවරණය පවත්වා අදට මාස දෙකකට වැඩි කාලයක් ගොස් ඇතත් පළාත් පාලන ආයතන පනහක පමණ බලය විවිධ හේතු මත තවමත් පිහිටුවීමට හැකිවී නැතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය. 16 July 2025
කහවත්තේ ඝාතනයකට ආධාර අනුබල දුන් හතරක් අත්අඩංගුවට පොලිස් නිලධාරීන් යැයිපවසා නිවසක සිටි සහෝදරයන් දෙදෙනකු අත් විලංගු දමා ජීප් රථයකින් පැහැරගෙන ගොස් එක අයකු දණගස්වා වෙඩි තබා අනෙක් අයට තුවාල සිදුකර ජීප් රථයෙන් පලා යාමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය කියයි. 16 July 2025
දමයන්ති ෆොන්සේකාගේ පොකැට්ටුවට ජාතික රෝහලේදී විදලා ප්‍රවීණ රංගනවේදිනී දමයන්ති ෆොන්සේකා මහත්මියගේ අත් බෑගය ගැට කපන්නන් විසින් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී සූක්ෂම අයුරින් විවෘත කොට එහි තිබූ මුදල් සහ බැංකු කාඩ් පත් අද (15) සොරා ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. 16 July 2025
අද කාලගුණය සබරගමුව පළාතේ, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 July 2025
වැලිගම ප්‍රා.ස මාලිමා මන්ත්‍රීගේ නිවසට වෙඩි වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කර මහතාගේ නිවස ඉලක්කක කර අද(16) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලීසිය කියයි. 16 July 2025
දේශීය සීනි මිල අඩු කරන්න එතනෝල් මිල වැඩි කරයි පිටරටින් ආනයනය කරන සුදු සීනි මෙරට වෙළෙඳපොළේ අලෙවි කරන මිලටම දේශීයව නිෂ්පාදනය කරන සුදු සීනිද අලෙවි කිරීම සඳහා දේශීය සීනි නිෂ්පාදන සමාගම් නිෂ්පාදන පිරිවැයට අඩුවෙන් දේශීය වෙළෙඳපොළට සුදු සීනි නිකුත් කරන බවත් ඉන් සිදුවන පාඩුව පියවා ගැනීම සඳහා දේශීය සීනි නිෂ්පාදන කර්මාන්තශාලා එතනෝල් ලීටරයක මිල රුපියල් 300 කින් පමණ ඉහළ දමා ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 15 July 2025
ඇමෙරිකා බදු අඩු නොවුණොත් ඇගළුම් කරුවෝ අවදානමක ඇමෙරිකාවේ ’’අන්‍යෝන්‍ය බදු’’ ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද අඩුකර ගැනීමට ශ්‍රී ලංකාව අසමත් වුවහොත්, ඇමරිකානු ඇඟලුම් ගැනුම්කරුවන් සිය අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකාවට වඩා අඩු තීරුබදු සහන ලබා ගත් රටවල් වෙත යොමු වීමේ අවදානමක් තිබෙන බව ඇඟලුම්කරුවෝ පවසති. 15 July 2025
‘‘භාතිය‘‘ අවසන් ගමනේ දින ගණනාවක් රෝගීව සිට අද උදෑසන මියගිය භාතිය හස්තියාගේ අවසන් කටයුතු මහව මානින්ගමුව පොල්පිතිගම ප්‍රදේශයේ හස්තියා මිය ගිය ස්ථානයේ දී සිදු කිරීමට කටයුතු කළේය. 15 July 2025
තීරු බදු අඩුකර ගනන පිරිසක් යළි ඇමෙරිකාවට ඇමෙරිකාවේ අන්‍යෝන්‍ය තීරු බදු ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද අඩු කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ඉහළ පෙලේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් අනිද්දා (18) ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද ප්‍රකාශ කළේය. 15 July 2025
සංචාරකයින්ගේ පැමිණීම හැත්තෑ නවදාහ ඉක්මවයි මෙම මස පළමු දින 13 තුළ දී මෙරටට සංචාරකයන් 79,771 ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. 15 July 2025
ඔලුවිල් සරසවිය යලිත් කැළඹෙයි අම්පාර ඔලුවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන් පිරිසකට එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලැබූ පළමු වසරේ සිසුන් සිව් දෙනකු සහ ගිලන් රථයේ රියදුරකු ඔලුවිල් රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය පවසයි. 15 July 2025
වන අලි රකින්න දැඩි නීති වන අලින්ට වෙඩි තැබීම් සහ අනවසර විදුලි වැට ඉදිකිරීම්වලට විරුද්ධව නීති දැඩි කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳි මහතා කොළඹදී පැවසීය. 15 July 2025
රන් සමඟ ගුවන් මගියා මාට්ටු ගුවන් මගියෙකු විසින් ශ්‍රී ලංකාව තුළට ගෙන ඒමට තැත් කළ විශාලතම රන් තොගය අද(15 ) කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවය කළ තම නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 15 July 2025
ලොක්කො රොත්තක් මානව කොමිසමට පයින් ගහලා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය කාලයේදී වරින්වර දී ඇති විවිධ නිර්දේශ බොහෝ ආයතන ප්‍රධානීන් ක්‍රියාත්මක කර නැතැයි වාර්තා වේ. 15 July 2025
අපේ තරුණියන් පිරිසකට ජපන් හෙද සත්කාර රැකියා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ ජාත්‍යන්තර මානව සම්පත් සංවර්ධන සංවිධානය (International Manpower Development Organization - IM Japan) අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව තවත් ශ්‍රී ලාංකික තරුණියන් පිරිසකට ජපානයේ හෙද සත්කාර ක්ෂේත්රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 15 July 2025
වරදකරුවන් බන්ධනාගාරයේදී හොඳ මිනිසුන් කළ යුතුයි නීතියෙන් දඬුවම් ලැබ වරදකරුවන් වු පුද්ගලයින් බන්ධනාගාරගත කරනු ලබන්නේ සමාජයට යහපත් පුද්ගලයින් බිහි කිරීමේ අරමුණින් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. 15 July 2025
අශ්වගන්ධ තෙලේ පිහිට පැතූ උතුරු මැද හිටපු දේශපාලන ලොක්කා උතුරු මැද පළාත් ආයුර්වේද රෝහලේ ඖෂධ හිඟයක් තිබියදී , හිටපු අධ්‍යක්ෂකවරිය නිත්‍යානුකූල නොවන ආකාරයට දේශපාලන අධිකාරියට හා ප්‍රදේශයේ ප්රභූන්ට හිතුමනාපේ ඖෂධ නිකුත් කර ඇතැයි එහි කාර්ය මණ්ඩලය චෝදනා කරයි. 15 July 2025
නව රසායනාගාරයක් හදන්න ඇමරිකාව එක්ක ගිවිසුමක් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ප්‍රතීතනය (Accreditation) සහිත රසායනාගාරයක් පිහිටුවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ STEMedical සහ ශ්‍රී ලංකාවේ Sri Lanka Institute of Biotechnology (SLIBTEC) ආයතන අතර අවබෝධතා ගිවිසුමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (15) අත්සන් තැබිණි. 15 July 2025
හෙද සේවයට අලුතෙන් 3500ක් හෙද සේවයේ පුරප්පාඩු බඳවා ගැනීමට ගැසට් නිවේදන දෙකක් ලබන සිකුරාදා නිකුත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 15 July 2025
ආණමඩුව සභාව යළිත් අද රත් වේ ආණමඩුව ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයකු තෝරාපත් කරගැනීම දින නියමයක් නොමැතිව දෙවැනිවතාවටත් කල් දැමීමට වයඹ පළාත් පාලන කොමසාරිස් සංජීවනි හේරත් මහත්මිය කටයුතු කළාය. 15 July 2025
තීරුබදු තවත් අඩු කරගන්න උත්සහයක් තීරුබදු නැවත සාකච්ඡා කිරීමේ නව උත්සාහයේදී, ශ්‍රී ලංකාව එක්සත් ජනපද වෙළඳපොලේ තරඟකාරී වීමට තම නිෂ්පාදන සඳහා වත්මන් අනුපාතය සියයට 30 සිට සියයට 20 දක්වා අඩු කිරීමට දැඩි උත්සාහයක් දරයි. 15 July 2025
තැපෑලේ සමහර ඉල්ලීම් ක්ෂණිකව විසඳන්න බෑ විධිමත් සාකච්ඡාමය විසඳුමකට එළඹෙන්නේ නැතිව කරන තැපැල් වැඩ වර්ජනය කිසිසේත් අනුමත කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 15 July 2025
මළ අප ජල පිරිපහදුව යාන්ත්‍රික වෙයි පළාත් පාලන ආයතන වලින් සිදු කරන මළ අපජල සහ මළ අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිකර්ම පද්ධති ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 July 2025
සබරගමු සරසවි දූෂණ හොයන්න විමර්ශන කමිටුවක් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන පරිපාලන හා මූල්‍යමය ආක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කරනු ලැබ ඇත 15 July 2025
ඉසුරු සොයා මාස 6ට 144,000ක් එතෙර ගිහින් 2025 වසරේ ජනවාරි සිට ජූනි දක්වා ගතවූ මාස 6ක කාලයේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් 144,379 දෙනකු රැකියා සදහා විදේශ ගතවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 15 July 2025
ඇඟේ වැඩි යකඩ ඉවත් කරන බේත ගේන්න ප්‍රසම්පාදනය දෙයි ඩෙස් පෙරි ඔක්සමින් මෙසිලේට් එන්නත් බීපී මිලිග්‍රෑම් 500 න් වයල් 400,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනිවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 July 2025
සයිබර් ආරක්ෂාවට අලුත් වැඩක් අරඹයි ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මූලෝපාය - 2025-2029 ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 15 July 2025
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025