
(අංජුල මහික වීරරත්න)
අපනයනය ප්රමුඛ ලෙස සලකා ක්ෂේත්රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා රජයක් ලෙස කළ යුතු සියලු මැදිහත්වීම සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ අපනයන ක්ෂේත්රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා ගත යුතු ක්රියාමාර්ග පිළිබඳ සොයා බැලීමට ක්ෂේත්රයේ ප්රධාන අපනයනකරුවන් හා ශ්රී ලංකා වාණිජ මණ්ඩල නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
මෙහිදී විශේෂයෙන් අපනයන ක්ෂේත්රයට මෙන්ම නිෂ්පාදකයන්ට සහ සේවා සපයන්නන්ට ඉන්ධන සපයා ගැනීමේදී මුහුණ දීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.
ජාතික ආර්ථිකයට එල්ල විය හැකි බලපෑම අවම කර ගනිමින් උද්ගතව ඇති තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා අපනයන ක්ෂේත්රයට ප්රමුඛතාව දී කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd