
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් අලි මොහොමඩ් නෙයිනි ඇමෙරිකා - ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් මියගිය බව එම බළකාය නිල නිවේදනයක් නිකුත් කරමින් ඊයේ(20) ප්‍රකාශ කළේය.
මාධ්‍ය ප්‍රකාශකවරයා ඝාතනයට ලක් වූ ප්‍රහාරය බියගුලු එකක් බවද එම නිවේදනයේ සඳහන්වේ.
හැකිනම් ගල්ෆ් කලාපය අත්පත් කරගන්නා ලෙස ඇමෙරිකානු හමුදාවට අභියෝගයක් එල්ල කර පැය කීපයක් යන්නටත් මත්තෙන් ඇමෙරිකා - ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් මාධ්‍ය ප්‍රකාශකවරයා ඝාතනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නෙයිනි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ විහිළුවට ලක්කළ අයෙක් බවත් අවසාන වශයෙන් ඔහු ප්‍රකාශ කර තිබුණේ "ට්‍රම්ප් කියලා තිබුණා ඉරාන නාවික හමුදාව සම්පූර්ණයෙන්ම විනාශ කළා කියලා. මම අභියෝග කරනවා ඇමෙරිකානු නාවික හමුදාවට ගල් කලාපයට එන්න කියලා" යැයි බවත් විදෙස් මාධ්‍ය පවසා තිබිණි.
මාධ්‍ය ප්‍රකාශකයාගේ මරණයත් සමඟ ඉරාන හමුදාවේ සහ රජයේ ඇමෙරිකාවට තොරතුරු ලබාගැනීමට අවශ්‍ය කර තිබූ ප්‍රධානීන් බොහෝමයක් ඝාතනයට ලක් වී අවසන් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd