
(විමුක්ති එස් රුද්‍රිගු)
කටාරයේ පිහිටි ලොව විශාලතම එල්.එන්.ජී බලාගාරය ලෙස සැලකෙන රාස් ලෆාන් වෙත ඉරානය පසුගියදා එල්ල කළ ප්‍රහාරයෙන් සිදුවූ හානියෙන් එම බලාගාරයට සියයට 17 ක අපනයන ධාරිතාවක් අහිමි වී ඇතැයි කටාර් එනර්ජි සමාගම ප්‍රකාශ කළේය.
ඉන් වැඩිම බලපෑම එල්ල වන්නේ ආසියාව සහ යුරෝපයට බවද එම සමාගම පෙන්වා දුන්නේය.
ඉරානය එල්ල කළ ප්‍රහාරයෙන් සිදුවූ පාඩුව වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 20 ක් බවද එම සමාගම ප්‍රකාශ කළේය.
ඒ හේතුවෙන් වසර පහක් යනතුරු ගිවිසුම් ප්‍රකාරව නියමිත වේලාවට ගෑස් ඇනවුම් ලබාදීමට නොහැකි වීමේ අවදානමක් මතුව තිබෙන බවද කටාර් එනර්ජි සමාගම පැවසුවේය.
සිදුවූ හානිය අලුත් වැඩියා කිරීමට වසර තුනත් පහත් අතර කාලයක් ගතවනු ඇති බවත් එතෙක් වසරකට ගෑස් ටොන් මිලියන 12.8 ලෝක ගෑස් සැපයුමට අහිමි වනු ඇති බවත් එම සමාගම ප්‍රකාශ කළේය.
ඉරානය සහ කටාරය බෙදාගන්නා ලොව විශාලතම ස්වභාවික ගෑස් නිධිය වන සවුත් පර්ස් වෙත ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පසුගියදා එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරානය රාස් ලෆාන් වෙත ප්‍රහාර එල්ල කළේය.
ඇමරිකාවේ දැනුවත්භාවයකින් තොරව ඊශ්‍රායලය මෙම ප්‍රහාරය එල්ලකළළ තිබුණේය.
පසුව නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර සිටියේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා නැවත ඉරානයේ ගෑස් නිධි වෙත ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි ප්‍රහාර එල්ල නොකරනු ඇති බවයි.
එහිදී ජනාධිපති ට්‍රම්ප් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ ඉරානය නැවතත් කටාරයේ ගෑස් නිධි වෙත ප්‍රහාර එල්ල කළහොත් සවුත් පර්ස් විනාශ කර දමනා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd