
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ගෝලීය අර්බුදකාරී තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම සහ ඒ වෙනුවෙන් ගතහැකි පියවර පිළිබඳ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡා කෙරිණ.
මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය
මෙම කාරක සභා රැස්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, බලශක්ති අමාත්‍යාංශය, කර්මාන්ත හා ව්‍යාවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, වෙළඳ, වානිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සහ එකී අමාත්‍යාංශවලට අනුබද්ධ ආයතනවල නිලධාරීහුද සහභාගී වූහ.
මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීහු මේ වන විට ඇති වෙමින් පවතින ගෝලීය අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන්ම බලපෑම් එල්ලවිය හැකි අංශ පිළිබඳව සහ ඒ වෙනුවෙන් ගතහැකි පියවර සහ සැලසුම් සම්බන්ධයෙන් කාරක සභාවට කරුණු පැහැදිලි කළහ. එසේම අමාත්‍යාංශ නියෝජනය කරමින් පැමිණි නිලධාරීහුද මෙම සාකච්ඡාවට සම්බන්ධවෙමින් සිය සැලසුම් සහ යෝජනා කාරක සභාව හමුවේ ඉදිරිපත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd