
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධිකරණ අමාත්‍යවරයා තමාට අපහාසාත්මක අභිනයක් කළ බවට සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට අද (20) පැමිණිලි කළේය.
මේ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක දිගට කෑ ගැසීමෙන් සභාවේ උණුසුම් තත්වයක් ඇතිවිය.
මේ සිද්ධිය ඇතිවූයේ මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා" මෙතන දූෂිත ඇමතිවරුන් වගේම වැඩ බැරි ඇමතිවරුත් ඉන්නවා" යැයි ප්‍රකාශයක් කළ අවස්ථාවේදීය.
අජිත් පී පෙරේරා මහතා:
මම ඒ අභිනය පෙන්වන්නේ නැහැ. මොකද ඒක මට ගැලපෙන්නෙ නැහැ. ඒ කරපු වැඩේ මෙතන ඉන්න මන්ත්‍රීවරුන් ඔක්කොම දැක්කා. එතුමා සමාව ගන්න ඕන.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා:
මයික් එක නැති නිසා ඒවා හැන්සාඩ් වෙන්නේ නැහැ. ඔය විදියට හැසිරෙන්න එපා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd