(අංජුල මහික වීරරත්න)

ගෝලීය යුදමය වාතාවරණයේ බලපෑම හේතුවෙන් රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආහාර බෙදාහැරීමේ ක්ෂේත්‍රයේ නියුතු ප්‍රවාහන සේවා සපයන්නන්ගේ ඉන්ධන අවශ්‍යතා නිවැරදිව හඳුනා ගැනීම සහ එම අංශයේ සැලසුම්කරණය විධිමත් කිරීම අරමුණු කරගනිමින් විශේෂ දත්ත රැස්කිරීමේ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර ඇත.

ආහාර බෙදාහැරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීමටත්, ඉන්ධන බෙදාහැරීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේදී වඩාත් නිවැරදි දත්ත භාවිත කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන මගින් විශේෂයෙන් ඉලක්ක කරනු ලබන්නේ ප්‍රවාහන හෝ සැපයුම් මෙහෙයුම්වලට අදාළව වෙනත් කිසිදු අමාත්‍යාංශයක හෝ රජයේ නිල ලේඛනයක මේ දක්වා ලියාපදිංචි වී නොමැති ප්‍රවාහන සේවා සපයන්නන් පමණක් බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.