(අංජුල මහික වීරරත්න)

යුද්ධය හෙට අවසන් වුණත් තෙල් නිෂ්පාදන යටිතල පහසුකම් වලට එල්ල වී තිබෙන බලපෑම් අනුව ලංකා  ආර්ථිකයට සිදුවන බලපෑම එක රැයින් අවසන් වන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවේදී  කීය.

අර්බුද සමය පහව යන තෙක් විදුලිය හා ඉන්ධන පරිභෝජනය අඩු කරන්නැයි  ජනතාවගෙන් ඉල්ලා සිටින බවද නලින්ද ජයතිස්ස මහතා කීය.

තෙල් මිල වැඩිවීම මෙන්ම භාණ්ඩ හා සේවා මිල වැඩිවීම නිසා වැඩි පුරම බලපෑමට ලක්වන  ක්ෂේත්‍ර තෝරා ගෙන සහන ලබාදීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරමින් සිටින්නේ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

විදුලි කප්පාදුවක් කිරීමට දැනට කිසිම අදහසක් නැතැයි ද මිල ගණන් ඉහළ ගියත් විදුලිය මෙන්ම තෙල් අඛණ්ඩව සැපයීම රජයේ අරමුණ බව අමාත්‍ය නලින් නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අවධාරණය කළේය.

බස් ගාස්තු සහ ත්‍රී රෝද රථ ගාස්තු යම් නියාමනයකට ලක්විය යුතුව ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් අදාළ ආයතන ක්‍රියා කරන බව නලින්ද ජයතිස්ස මහතා කීය.