(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතිය අධ්‍යක්ෂක වරයකු වු ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික බිගේඩියර්වයකු  අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

අඩු පහසුකම් යටතේ ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව කොළඹ නගරය තුළ නිවාස සංකීර්ණ ඉදිකර නිවාස ලබාදීම වෙනුවෙන් ආරම්භ කරන ලද නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය කොළඹ නගරය මගින් ඉදිකරන ලද සිරි සඳ සෙවන නිවාස සංකීර්ණයේ නිවාස 22 ක් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය අනුමත කරන ලද නිවාස කීපයක් සඳහා පොදු ප්‍රතිපත්තියෙන් බැහැරව සුදුසුකම් සපුරා නොමැති පුද්ගලයන් 22 ක් සඳහා 2014 වර්ෂයේදී වෙන්කර දීමේ දූෂණ චෝදනා මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.