
(මනීෂා වීරසිංහ විදෙස් මාධ්‍ය ඇසුරිනි)
ඉරානය සිය අසල්වැසි පර්සියානු ගල්ෆ් කලාපීය රටවලට එල්ල කරන ප්‍රතිප්‍රහාර අලුත් කිරීමත් සමඟ ඊශ්‍රායලය සහ ඇමරිකානු එක්සත් ජනපදය එක්ව ඉරානයට එරෙහිව නව ප්‍රහාර මාලාවක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තම රටේ විදුලි බලාගාර ඉලක්ක කළහොත්, ඊශ්‍රායලයේ මෙන්ම කලාපයේ සෙසු රටවල ද විදුලි බලාගාර වෙත ප්‍රහාර එල්ල කරන බවට ඉරානය මෙහිදී අනතුරු අඟවා ඇත.
ඉරානයේ තෙහෙරාන් අගනුවර පිහිටි යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් තමන් මහා පරිමාණ ප්‍රහාර මාලාවක් ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව සඳුදා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, එම ප්‍රහාර පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය කර නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd