(සුජිත් හේවාජුලිගේ)

ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් විද්‍යුත් වාහන වලට සහ පාපැදියට මේදිනවල ලොකු ඉල්ලුමක් පවතින බව වාර්තාවේ.

එසේම පාපැදි මිලදී ගැනීමද සාපේක්ෂව වැඩි වී ඇතැයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේය.

මීට අමතරව අඩු ඉන්ධන වැයවීමක් සහිත යතුරු පැදි පාවිච්චියද වැඩිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

තවද පෞද්ගලිකව වාහන පාවිච්චිය වෙනුවට පොදු ප්‍රවාහනය පාවිච්චි කිරීමද සැලකිය යුතු ලෙස වැඩි වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.