(හෙන්රි ලයනල්)

හිඟුරක්ගොඩ ගල්අමුණ ප්‍රධාන මාර්ගයේ හතේ කනුව ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ත්‍රිවිල් රථයක් මුහුණට මුහුණ ගැටීම හේතුවෙන් සිදුවූ අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත් වීඇතැයි හිඟුරක්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හිඟුරක්දමන හතේ කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි උල්විස් හේවගේ චාමික සංජීව නැමැති තිස්තුන් හැවිරිදි එක් දරු පියෙකි.

මොහු ජෝදාන් රාජ්‍යයේ රැකියාවක නිරතව සිටි අයකු වන අතර ආපසු ලංකාවට පැමිණ ඇත්තේ මෑතකදීය.