
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉරානයේ සතුරන් වන ඇමෙරිකාවට සහ ඊශ්‍රායලයට ලෝකය පුරා තිබෙන ප්‍රසිද්ධ සංචාරක ගමනාන්ත තවදුරටත් ආරක්ෂිත නොවනු ඇතැයි ඉරාන හමුදා ප්‍රකාශක ජෙනරාල් අබොල්ෆාස්ල් ෂෙකර්චි පසුගියදා අනතුරු ඇඟවූවේය.
ඇමෙරිකානු සහ ඊශ්‍රායල වැසියන් ගමන් කරන සංචාරක ස්ථාන පිළිබඳව ඉරානය සතුව තොරතුරු තිබෙන බවත් ලෝකය පුරා තිබෙන උද්‍යාන, විනෝදාත්මක ප්‍රදේශ සහ සංචාරක ගමනාන්ත තවදුරටත් ඇමෙරිකානු සහ ඊශ්‍රායල නිලධාරීන්ට ආරක්ෂිත නොවනු ඇති බවත් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය. ඇමෙරිකානුවන් වැඩි වශයෙන් සංචාරය කරන වසන්ත නිවාඩුව ආරම්භවීමත් සමග මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බැවින් ඇමෙරිකානුවන් තුල බියක් ඇතිකර තිබෙන බවද පැවැසෙයි.
තම සතුරන්ට පීඩනයක් එල්ල කිරීමට මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට ඉරානයට හැකියාව තිබෙන බවද ආරක්ෂක විශ්ලේෂකයෝ ප්‍රකාශ කළහ. තවත් යුද නෞකා තුනක් සහ මැරීන් භටයින් 2500 ක පමණ බළකායක් ගල්ෆ් කලාපයට පැමිණෙන බවට ඇමෙරිකාව නිවේදනයක කර තිබෙන පසුබිමක ඉරානය මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.
ඉරාන හමුදා ප්‍රකාශක ජෙනරාල් අලි මොහොමඩ් නෙයිනි ප්‍රකාශ කර සිටියේ ඉරානයේ මිසයිල නිෂ්පාදන කර්මාන්තශාලා සම්පූර්ණයෙන් විනාශ කර ඇති බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළත් යුද වදින අතරතුර ඉරානය තවමත් මිසයිල නිපදවන බවය. එසේම ඉරානයට අවශ්‍ය ප්‍රමාණයට මිසයිල තිබෙන බවත් මිසයිල තොග පිළිබඳව ගැටළුවක් නොමැති බවත් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේය.
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට හති වැටෙනතුරු පහර දීමට අදහස් කර සිටින බවත් ඉරානයටද යුද්ධය ඉතා ඉක්මණින් අවසන් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත් ජෙනරාල් අලි මොහොමඩ් නෙයිනි පැවැසුවේය.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත වාර්තාවලට අනුව පසුගිය 1 සිට 18 වැනිදා දක්වා කාලයේදී මෙරටට ඇමෙරිකාවෙන් සංචාරකයන් 3,624 ක් මෙරටට පැමිණ ඇත.
එසේම මෙම වසර ආරම්භයේ සිට පසුගිය මාර්තු 18 වැනිදා දක්වා ගෙවුණු කාලය තුල ඇමෙරිකාවෙන් මෙරටට සංචාරකයන් 19,225 ක් පැමිණ ඇති අතර ඊශ්‍රායලයෙන් සංචාරකයන් 7,137 ක් මෙරටට පැමිණ තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd