
(කුෂාන් ජයවර්ධන)
මරදන්කඩවල හිණුක්කිරියාව වැවේ කිඹුලකු, දිය නාමින් සිටි 09 හැවිරිදි දැරියක ඩැහැගෙන ගොස් සිටියදී ප්රදේශවාසීන්ගේ ද සහය ඇතිව පැය හතරක මෙහෙයුමකින් පසු සොයා ගෙන රෝහල් ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
සිද්දියට මුහුණ පෑ දියණිය සිය මිත්තනිය සමඟ දින නෑම සඳහා මරදන්කඩවල හීණුක්කිරියාව වැවට ගොස් තිබිණ. වැවෙහි නානන මංකඩකදී මිත්තනිය සමග දියනාමින් සිටයදී එම වැවේ සිටි කිඹුලකු මෙම දැරිය ඩැහැගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
මෙලෙස කිඹුල් ප්රහාරයකට ලක්ව ඇත්තේ ගනේවල්පොල හීණුක්කිරියාව ප්රදේශයේ පදිංචිව සිටි 09 හැවිරිදි දැරියකි.
සිද්දිය සැලවීමත් සමග එම ස්ථානයට ප්රදේශවාසීන් විශාල පිරිසක් ද එක්ව තිබිණ. එලෙස එක්රොක් වූ පිරිස ඒ බව පොලිසියට හා ගනේවල්පොල වනජීවී කාර්යාලයට ද දැන්වීමට ද කටයුතු කර තිබිණ.
ඒ සමඟ කඩිනමින් එම ස්ථානයට එක්වූ ප්රදේශවාසීන් හා පොලිසිය ඇතුළු පිරිස් එක්ව සිදුකල පැය 04ක පමණ සෝදිසි මෙහෙයුමකින් පසුව කිඹුලාගෙන් බේරාගත් එම දැරිය කඩිනමින් මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරිමට කටයුතු කර තිබිණ.
කිඹුල් ප්රහාරයට ලක්ව සිටි දැරිය රෝහල් ගතකරන අවස්ථාවේ දි අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සෑම ජලාශයකම වාගේ කිඹුලන් ඉන්නවා . මිනිසුන් භාවිතා කරන නාන තොටුපොළවල් ආවරණය වන පරිදි මීටර 50 - 200 ආරක්ෂිත දැල් සහිත වැටක් දමා මිනිසුන්ට බොහෝම නිදහසේ කිසිම භය සැකයක් නැතිව නාන්ට, පිහිනන්ට සහ බල්ටියක් ගහන්නට ඉඩ සලසා දෙන්න