
(ලක්මි කුඩලිගම)
බුලත්සිංහල කොබවක කිරිමැටිවලකඩ ප්රදේශයේ නිවසක රහසිගතව සඟවා තිබූ පෙට්රල් සහ ඩීසල් තොගයක් සමග නිවෙස් හිමියා අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
බුලත්සිංහල පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී පෙට්රල් ලීටර් 185 ක් සහ ඩීසල් ලීටර් 860ක් සමග නිවසේ හිමිකරුවන (63) හැවිරිදි පුද්ගලයකු අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු මතුගම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර බුලත්සිංහල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක අයි.එස්.එන්.කස්තුරිආරච්චි මහතාගේ උපදෙස් මත බුලත්සිංහල පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලපත්ර නොමැතිව පෙට්රල් ලීටර 65 ක් සන්තකයේ තබා ගනිමින් ලොරි රථයකින් ඉන්ධන ප්රවාහනය සිදු කළ පුද්ගලයකුට රුපියල් දෙදහස් පන්සියයක දඩයක් සහ මාස දෙකක අනිවාර්යය සිර දඬුවම් නියම කිරීමට ගල්කිස්ස මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අද (19) දින නියෝග කළේය. මෙලෙස අනිවාර්ය සිර දඬුවම් නියමව ඇත්තේ ගල්කිස්ස බඩෝවිට ප්රදේශයේ පදිංචිකරුවෙකුටය. වැල්ලවත්ත ප්රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන තොඟයක් ලබා ගත් බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (18 ) වන දින රාත්රීයේදී අදාළ ඉන්ධන පිරවුම් හල අසලදී මෙම පුද්ගලයා වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී රුපියල් විසිදහසක් පමණ වටිනා පෙට්රල් සහිත කෑන් හතරක් ලොරි රථයේ තිබී පොලිසිය විසින් සොයා ගෙන තිබිණි.