(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක සතුටු දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීමට අනුව ආසියාවේ අඩුවෙන්ම සතුටින් සිටින රට ශ්‍රී ලංකාවේ පසුගිය ශ්‍රේණිගත කිරීමේ 133 වැනි ස්ථානය හිමි කරගෙන සිටි ශ්‍රී ලංකාව මෙවර ශ්‍රේණිගත කිරීමේදී ස්ථානයක් පහළට ගමන් කරමින් 134 වැනි ස්ථානය හිමි කරගෙන ඇත.
ශ්‍රී ලංකාවට ලැබී ඇති ලකුණු සංඛ්‍යාව 10න් 4කි.
ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට ස්ථානයක් ඉහළින් සැමීබියාව සිටින අතර ස්ථානයක් පහළින් ඉතියෝපියාව සිටි.
එහිදී මියන්මාරයට 129, බංගලාදේශයට 127, ඉන්දියාවට 116, පාකිස්තානයට 104, නේපාලයට 99 සහ ජපානය ට 61 වැනි ස්ථානය හිමිව ඇත.
ආසියාවේ සතුටින්ම සිටින රට තායිවානය වන අතර තායිවානයට ශ්‍රේණිගත කිරීමේ 26 වෙනි ස්ථානය හිමිව තිබේ.
ලොව සතුටින්ම සිටින රට ෆින්ලන්තය වන අතර ශ්‍රේණිගත කිරීමේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් අයිස්ලන්තයට සහ ඩෙන්මාර්කයට හිමිව ඇත.
කරුණු හයක් මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරන අතර එම කරුණු අතර ඒක පුද්ගල ආදායම, ආයු අපේක්ෂාව, නිදහස, දූෂණයෙන් තොර බව සහ ත්‍යාගශීලී බව තිබේ.
රටවල් එකසිය හතලිස් හතක් මෙම ශ්‍රේණිගත කිරීමට ඇතුළත්වන අතර අද(20) ට යෙදී තිබෙන ලෝක සතුටු දිනය වෙනුවෙන් සෑම වසරකම නිකුත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා, අනුරයියා ආවාම සතුට අඩුම රටවෙලා. ලැබූ ජය සාමකාමීව සමරමු...!