(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අලුත් පාලනය  යටතේ ආයෝජනයට හිතකර පරිසරය ඉතා වේගයෙන් ඉදිරියට ගමන් කරමින් තිබෙන බව  විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

පසුගිය කාලයේ ආයෝජකයන්ට පක්ෂපාතී බිමක් ලංකාවේ තිබුණේ නැතැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ ගැන ආයෝජකයන්ද විවිධ අවස්ථාවලදී අදහස් දක්වා තිබෙන බව සඳහන් කළේය.

ආයෝජන ඇරඹීමේදී  මැති ඇමතිවරුන්ගෙන් වූ බලපෑම් ගැනද ඔවුන් පවසා තිබෙන්නේ යැයි හේමචන්ද්‍ර මහතා කීය.

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියෝග  අනුමත කිරීමේ විවාදය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.