
(අංජුල මහික වීරරත්න)
වියට්නාම් තානාපති ට්‍රින් ති ටම් (Trinh Thi Tam) මහත්මිය සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් සිල්වා මහතා අතර හමුවක් පැලවත්ත පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.
වියට්නාමයේ හැනොයි නුවර දී පැවැත්වුණ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ 14වන ජාතික සමුළුවේදී ලබාගත් තීරණ සහ ඉදිරි ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙහිදී වියට්නාම් තානාපතිවරිය ජනතා විමුක්ති පෙරමුණ දැනුවත් කළාය.
මැද පෙරදිග ගැටුම් සහ ගෝලීය අර්බුදය හමුවේ වියට්නාමය සහ ශ්‍රී ලංකාව එම තත්වයන්ට මුහුණ දීමට සූදානම් වන ආකාරය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු විය.
මෙම අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි මධ්‍යම කාරක සභික, ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස, අන්තර් සමාගම් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරී, ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර කමිටුවේ සාමාජිකා නීතිඥ කල්පනා මධුභාශිනී මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd