(ටී.කේ.ජී.කපිල )

රුපියල් පන් කෝටි දහ හතර ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු සමග අද(20) ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීහු පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු මූතූර් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .

මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන , ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත පැමිණ , එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6. ඊ. - 1183 දරන ගුවන් යානයෙන් අද අලුයම 12.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 02 ක , ව්‍යාජ පතුළ් සකස් කර , ඒවා තුළ පැකැට් 04 ක් ලෙස අසුරා සකස් කර , මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 140 ක ප්‍රමාණය රැගෙන විත් තිබුණි .