
(බී ජානක)
බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර 65 ක් සන්තකයේ තබා ගනිමින් ලොරි රථයකින් ඉන්ධන ප්‍රවාහනය සිදු කළ පුද්ගලයකුට රුපියල් දෙදහස් පන්සියයක දඩයක් සහා මාස දෙකක අනිවාර්යය සිර දඬුවම් නියම කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (19) දින නියෝග කළේය.
මෙලෙස අනිවාර්ය සිර දඬුවම් නියමව ඇත්තේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය.
වැල්ලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන තොඟයක් ලබා ගත් බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (18 ) වන දින රාත්‍රීයේදී අදාළ ඉන්ධන පිරවුම් හල අසලදී මෙම පුද්ගලයා වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී රුපියල් විසිදහසක් පමණ වටිනා පෙට්‍රල් සහිත කෑන් හතරක් ලොරි රථයේ තිබී පොලිසිය විසින් සොයා ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd