හිටපු ජනපති ගෝඨා තායිලන්තයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11)සිංගප්පූරුවේ සිට තායිලන්තයේ දොන් මුවාන්ග් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට බැංකොක් වේලාවෙන් රාත්‍රී 8 ට පමණ පැමිණි බව තායිලන්ත බලධාරීහු තහවුරු කළහ. 11 August 2022
සිසුන් අපයෝජනය කළ කපුවා 23 තෙක් රිමාන්ඩ් බාල වයස්කාර සිසුන් අපයොජනය කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද උණවටුන ප්‍ර දේශයේ දේවාලයක හිමිකාර කපුවා මෙම මස 23 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය අද (11) නියෝග කළාය. 11 August 2022
චීන යුවාන් වැන්ග් 5 ශ්‍රී ලංකාවට කිලෝ මීටර් 600ක් ඈතින් චීන යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණියත් අද දින හම්බන්තොට වරායට ඇතුළු නොවන බව හම්බන්තොට වරාය ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 11 August 2022
නිහාල් වෙදආරච්චි හෙට තෙක් රිමාන්ඩ් තංගල්ල කාල්ටන් නිවසට ගල් ප්‍රහාර ඒල්ල කිරීම සහ තංගල්ල බෙලිඅත්ත පාරේ පිහිටි කාල්ටන් පෙර පාසලේ පරිපාලන ගොඩනැගිල්ලට ඉකුත් මැයි 9 වැනි දා ගිනී තැබීම යන චෝදනා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රී (ඒජාප) නිහාල් වෙදආරච්චි හෙට දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි තංගල්ල වැඩබලන මහෙස්ත්‍රාත් රංජිත් ගුණසේකර මහතා නියෝග කළේය. 11 August 2022
සිසුන් අපයෝජනය කළැයි කෝටිපති පූජකවරයෙක් අත්අඩංගුවේ පාසල් සිසුන් රවටාගෙන ගොස් ලිංගික අපයෝජන සඳහා යොදාගත් බව කියන ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක පූජකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 11 August 2022
මහනුවර ඇසළ මහා මංගල්‍ය භාෂා 10කින් ලොවම දකී මහනුවර ඓතිහාසික ඇසල පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර භාෂා 10 කින් ලොව පුරා සජීවීව විකාශනයට සියලු කටයුතු සූදානම් බව දළදා මාලිගාවේ මාළිගාවේ මාධ්‍ය ඒකකය පවසයි . 11 August 2022
වසර 39 කට පසු මොස්කව් සිනමා උළෙලට ලාංකික චිත්‍රපටයක් වසර 39 කට පසු මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේ ( MIFF) තරඟකාරී අංශ නියෝජනය කිරීම සඳහා ලාංකීය චිත්‍රපටියක් සුදුසුකම් ලබා ඇත. 11 August 2022
කසිප්පු බිව් හතරක් හිටිහැටියේ මරුට ඉපලෝගම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක කසිප්පු පානය කරන සිව් දෙනකු හිටි හැටියේ දෙදිනක් තුළ මියගොස් ඇතැයි ඉපලෝගම පොලිසිය කියයි. 11 August 2022
ප්‍රභූ පංතිය කුමන්ත්රණයකින් ‘අරගලය’ ගෙදර යැව්වා අරගලය තුළ ද ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පත්තියට නැවත බලය ඒම වලක්වමින් අගෝස්තු 9 වැනිදා අරගලයට ගෙදර යෑමට සිදුවූ බවත් රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු ප්‍රභූ පංතිය ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණය නිසා නිර්ප්‍රභූ පංතිය පරාජය වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායමේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද (11) පැවසීය. 11 August 2022
පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක් අද එයි පෙට්‍රල් මෙට්‍රික්ටොන් 35,000 ක් රැගත් නෞකාවක් කොළඹට අද (11) රාත්‍රී ළගා වීමට නියමිත බවත් එහි පෙට්‍රල් තොගය හෙට (12) ගොඩබෑමට නියමිත බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 11 August 2022
බඩ ඉරිඟු ගොවීන් ඔන්ලයින් ලියාපදිංචි කරයි ඉදිරි මහ කන්නයේ බඩ ඉරිඟු ගොවීන් ඔන්ලයින් ලියාපදිංචි කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 11 August 2022
වන අලි ඉන්න තැන් සංවර්ධන වැඩට නොදෙන්න තීරණයක් වන අලින්ගේ වාස භූමි ලෙස හඳුනාගෙන තිබෙන ප්‍රදේශ මින් ඉදිරියට ඉඩම් සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා නොදීමට දැඩි තීරණයක් ගන්නා බව වනජීවී සහ වන සංරක්ෂණ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 11 August 2022
ඩෙංගු දරුවන් 25 දක්වා ඉහළට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගී දරුවන් සංඛ්‍යාව 25 දක්වා ඉහළ නැග ඇතැයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය. 11 August 2022
කිව්.ආර්. කේතයට පමණක් ඉන්ධන දීම ගැටලුවක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව වරකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සහ කිව්.ආර්. කේතයට ලබාදුන් ඉන්ධන ප්‍රමාණය සමාන වියයුතු යැයි නියමක් පනවා ඇති බවත් රාජ්‍ය ආයතනවල වාහනවල කිව්.ආර්. කේතයට ඇතුළත් නොකර ඉන්ධන ලබාගැනීම නිසා පිරවුම්හල් කළමනාකාරිත්වය ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බවත් ඉන්ධන පිරවුමහල් හිමියෝ කියති. 11 August 2022
ආසියානු කුසලානයේ සත්කාරත්වය ගැන තීරණයක් ගන්න පැය 24 ක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී මේ මස 27 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරත්වය භාරගැනීමට සූදානම් බවත් ඒ වෙනුවෙන් 2023 ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරත්වය ශ්‍රී ලංකාවට දීමට සූදානම් බවත් ආසියානු ක්‍රිකට් සභාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම්දී ඇතැයි ඉතාම විශ්වාසදායක ආරංචි මාර්ගයකින් දැනගන්නට තිබේ. 11 August 2022
මෙහෙම ගියොත චීනයත් නැති වෙයි ආණ්ඩුව මේ අවස්ථාවේ ඔලුව පාවිච්චි කර වැඩනොකළොත් ශ්‍රී ලංකාවට චීනයත් නැතිවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 11 August 2022
සිපෙට්කෝ පිරවුම්හල්වලට නව බද්දක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන (සිපෙට්කෝ) ඉන්ධන පිරවුම්හල් මත රජය පසුගිය ජූලි මස 1 වැනිදා සිට පනවා ඇති නව බද්ද පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ආදායමෙන් සියයට 45 ක බද්ධක් ගෙවීමට සිදුවුවහොත් සිය ව්‍යාපාරය කඩා වැටෙන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසති. 11 August 2022
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයෝ ඩොලර් 45,000ක් පරිත්‍යාග කරති ශ්‍රී ලංකාවේ පසුගියදා තරග සංචාරයකට සහභාගි වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට සහනයක් ලෙස ඇමරිකානු ඩොලර් 45,000 ක් පරිත්‍යාග කර ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි. 11 August 2022
ගෝඨාභයගේ පැමිණීම ගැන තායිලන්ත අගමැතිගෙන් ප්‍රකාශයක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දින 90 ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට තායිලන්ත රජය අවසර ලබා දුන් නමුත් එම කාලය තුලදී ගෝඨාභය රාජපක්ෂ මහතා, තමන් හට ස්ථිර රැකවරණය ලබා දීමට කැමති රටක් සොයනු ඇතැයි තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඕ චා මහතා ප්‍රකාශ කළේය. 11 August 2022
අයවැය විවාදයට දින නියම වෙයි ඉදිරි මාස හතරේ වියදම් සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 30,31, සැප්තැම්බර් 1 වැනිදා සහ 2 වැනි දා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 11 August 2022
ඇසළ පෙරහැර බලන්න යන්න දුම්රියවල මහ සෙනඟක් මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා දුම්රියවලින් මහනුවර බලා ගමන් කිරීමට අතිවිශාල ජනකායක් පැමිණීම හේතුවෙන් එම දුම්රියවල දැඩි තදබදයක් පැවතිණි. 11 August 2022
විදුලි බිල වැඩි කිරීම ගැන විවාදය ලබන 29 වැනිදා විදුලි බිල සියයට 75කින් වැඩි කිරීම සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදය ලබන 29 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ තීරණය කළේය. 11 August 2022
සංචාරක හෝටල්වල මෘදු මත්පැන් අළෙවිට අවසර සංචාරකයන්ට නවාතැන් ඇතුළු සේවා සපයන සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සහ ආපනශාලාවලට වයින් සහ බියර් අළෙවි කිරීමට අවසර දීමට තීරණය කළ බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි. 11 August 2022
අරගලයට සහාය දැක් වූ සුදු තරුණියගේ විසා අවලංගුයි ගාලුමුවදොර අරගලයට සහයෝගය දැක්වූ බවට චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ විසා අවලංගු කිරිමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 11 August 2022
වැස්සෙ අඩුවක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (11) දිනයේදී ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 11 August 2022
සති අන්තයේ බදුල්ලට අලුතින් සැප දුම්රියක් කොළඹ සහ බදුල්ල අතර නගරාන්තර අධි සුඛෝපභෝගී දුම්රියක් එළඹෙන සති අන්තයේ සිට සෑම සෙනසුරාදාවකම ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. 11 August 2022
රංජන් එළියට එන හැටි විජයදාස කියයි රන්ජන් රාමනායක මහතා අධිකරණය සම්බන්ධව කළ ප්‍රකාශය පිළිබඳ කණගාටුව පළකර දිවුරුම් ප්‍රකාශයක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපති සමාව ලබා දීම සුදුසු යැයි නිර්දේශ කල බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 11 August 2022
කාදිනල්තුමාටත් කොරෝනා මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොවිඩ් ආසාදනයවීමෙන් රෝහල් ගත කරනු ලැබ සිටිති. 10 August 2022
දෛනික ආසාදිතයෝ 200 පනිති ‘කොවිඩ්’ ආසාදිත රෝගීන් 227 දෙනකු අද (10) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. 10 August 2022
ගෝඨාගේ පැමිණිම තායිලන්තය තහවුරු කරයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට තායිලන්තයට ඇතුළු වීමට අවසර ලබා දෙන්නැයි ශ්‍රී ලංකාවේ වත්මන් රජය තායිලන්ත රජයෙන් ඉල්ලා ඇතැයි තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක ටනී සංග්‍රාත් මහතා ප්‍රකාශ කළේය. 10 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025