60 පැන්න බිත්තරය වෙළඳපොලේ බිත්තරයක මිළ රුපියල් 60 කට ආසන්න වී ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 10 August 2022
පක්ෂ පහක් ජනපති හමුවේ සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සැකසීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 10 August 2022
‘‘22 රටේ යහපත වෙනුවෙන් ගන්න පියවරක්‘‘ 22 වැනි සංශෝධනය රටේ අනාගත යහපත වෙනුවෙන් තබන ඉදිරිගාමී පියවරක් බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා සඳහන් කරයි. 10 August 2022
පළාත් සභා වියදම් කළමනාකරණය ආණ්ඩුකාරවරුන්ට පවරයි මේ වන විට පළාත් සභා ක්‍රියාත්මක නොවන හෙයින් පළාත් පරිපාලන හා සංවර්ධන ක්‍රියාවලිය ක්‍රමවත්ව පවත්වාගෙන යාම මෙන්ම පළාත් සභාවේ වියදම් කළමනාකරණය පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන් වෙත පවරා තිබේ. 10 August 2022
ජනපතිගෙන් අනුරට ලිපියක් ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් සඳහන් කරයි. 10 August 2022
බස් හිමියන්ගෙන් ගමනා ගමන කොමිසමට තගක් බස් ගාස්තු සංශෝධනය කිරීමට විරෝධය පළකරමින් බස් රථ හිමියන් පිරිසක් ජාතික ගමනා ගමන කොමිසමේ (එන්.ටී.සී.) නිලධාරීන්ට තර්ජනය කළ බවට නාරාහෙන්පිට පොලිසියට පැමිණිල්ලක් කළ බව එම කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය. 10 August 2022
ජනපති නිල පුටුවේ වාඩි වූ කතුන් දෙකක් අල්ලයි කොටුව ජනාධිපති මන්දිරයට බලහත්කාරයෙන් ඇතුළු වී ජනාධිපතිවරයාගේ නිල පුටුවේ අසුන්ගෙන සිටි කාන්තාවන් දෙදෙනකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. 10 August 2022
කොවිඩ් මරණ 9 ක් වාර්තා වෙයි ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් නවදෙනකු ඊයේ (9) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (10) පස්වරුවේ තහවුරු කළේය. 10 August 2022
ඛනිජ තෙල් බෙදා හැරීමේ කැබිනට් තීරණයට එරෙහිව පෙත්සමක් ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවලින් ඛනිජතෙල් ආනයනය කර ලංකා ඛනිජ තෙල් සංස්ථාව හරහා බෙදා හැරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතියදීම බලරහිත කරන්නැයි ඉල්ලා ඛනිජතෙල් සංස්ථාවට අනුයුක්ත ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 10 August 2022
හෙට විදුලි කප්පාදුව නෑ විදුලි කප්පාදුව හෙට (11) සහ මේ මස 14 වැනිදා දෙදින නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (10) පස්වරුවේ පැවසීය. 10 August 2022
පේරාදෙණියේ පාලමක් යටින් උණ්ඩ 24ක් මතු වෙයි පේරාදෙණිය ගන්නොරුව පාලම අසල සඟවා තිබූ බව කියන උණ්ඩ 24 ක් සහ හිස් පතරොම් ගැබක් නාවික හමුදාවේ බුද්ධි අංශ මඟින් සොයාගෙන පේරාදෙණිය පොලිසියට බාර දුන් බව නාවික හමුදාව කියයි . 10 August 2022
විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් කුඩා කර්මාන්ත මකර කටේ විදුලි ගාස්තු සියයට 75 කින් ඉහළ දැමීමත් සමඟ ඉතිරි වී තිබෙන කුඩා කර්මාන්ත වැසීයෑමේ දැඩි අවධානමකට පත්ව ඇති බවත් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි කර්මාන්තවල විදුලි ගාස්තු වැඩිවූයේ කෙසේදැයි පැහැදිළි කළ යුතු බවත් සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා පැවසීය. 10 August 2022
ආපනශාලා ආහාර රැසක මිල ඉහළ යයි විදුලි ගාස්තු ඉහළ දැමීමත් සමඟ ආපනශාලාවලට අවශ්‍ය සහ අළෙවි කරන ආහාර වර්ග රැසක මිල ඉහළ යෑමට ප්‍රතිචාර ලෙස දැඩි තීරණ ගැනීමට සිදුවන බවත් මිල අඩුවූ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සැබෑ ලෙස අඩුකිරීමට පාරිභෝගික අධිකාරිය මැදිහත් විය යුතු බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (10) පැවසීය. 10 August 2022
පොටෝකොපියකුත් රුපියල් 5 කින් ඉහළට විදුලි ගාස්තු ඉහළ දැමීමට සාපේක්ෂව ඡායාපිටපතක සහ මුද්‍රිත පිටපතක ගාස්තුව අවම වශයෙන් රුපියල් 5 කින් ඉහළ දැමීමට සිදුවන බවත් අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළකරමින් සෑම නිවසකම සහ ව්‍යාපාරික ස්ථානයකම කළු කොඩියක් ඔසවන ලෙස ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා කොමිනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා අද (10) පැවසීය. 10 August 2022
ජනාධිපති කතාව ගැන ඩලස් අලුත් කතාවක් කියයි යහපත් වචන වලින් පිරුණු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති කතාව යථාර්තයක් කර ගැනීම සඳහා මොනතරම් අභියෝගයක් තිබේදැයි හැම දෙනාටම වඩා ’’එතුමාට’’ පුළුල් අවබෝධයක් තිබෙන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා:-(පොපෙ) පැවසීය. 10 August 2022
මිල ඉහළ ගිය පාන්ගෙඩියේ බරත් රසත් අඩු වෙලා පාන් මිල වැඩි කළ පසු පාන් ගෙඩියේ බර හා රසය බෙහෙවින් අඩු වී ඇතැයි පාරිභෝගිකයෝ මැසිවිලි නගති . 10 August 2022
බිත්තර මිල පාලනයට ඉන්දියාවෙන් බිත්තර ගේන්න බිත්තර මිල වැඩි කිරීම පාලනය කිරීම සඳහාත් අඩු මිලට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට වහා මැදිහත් වන ලෙස සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්රමුඛ රජයෙන් ඉල්ලා සිටී. 10 August 2022
මහින්ද-බැසිල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කරයි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයකින් අවසරයකින් තොරව විදෙස්ගත වීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන සැප්තැම්බර් මස 04 වැනිද දක්වා තවදුරටත් දීර්ඝ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) දැනුම් දුන්නේය. 10 August 2022
ගෝඨා ගෝ ගම අනවසර ඉදිකිරීම්: පෙත්සම්කරුවෝ පෙත්සම් 4 ක් ඉල්ලා අස්කරගනිති ’’ගෝඨා ගෝ ගම’’ අරගල භූමියේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4 ඉල්ලා අස් කරගන්නා බව එහි පෙත්සම්කරුවෝ අභියාචනාධිකරණයට අද (05) දැනුම් දුන්හ. 10 August 2022
ඉන්ධන රැස්කළ පුද්ගලයන් 1,321 ක් අත්අඩංගුවට ගනී නීති විරෝධීව ඉන්ධන රැස්කළ පුද්ගලයන් 1,321 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 10 August 2022
ඡන්දයක් තිව්වොත් බහුතර පිළිගැනීම රනිල්ට ජනමත විචාරණයක් හෝ ඡන්දයක් තිබුනොත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය, විශිෂ්ට නායකත්වය රටේ බහුතර ජනතාව කිසිම පැකිලීමකින් තොරව පිළිගන්නා බව වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 10 August 2022
ගෝඨාභය තායිලන්තයට සිංගප්පූරුවේ රැඳී සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) තායිලන්තය බලා යෑමට නියමිත බව රොයිටර් පුවත් සේවය පවසයි. 10 August 2022
පාර්ලිමේන්තුවේ අලුත් මුදල් කමිටුව පිහිටුවයි පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමත් සමඟම අහෝසි වූ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අද (10) පිහිටුවනු ලැබීය. 10 August 2022
තවත් බිහිසුණු වයිරසයක් චීනයෙන් හමුවෙලා නැගෙනහිර චීනයේ ‘ලංග්‍යා’ වයිරසය ව්‍යාප්ත වෙමින් පවතින බවත්, අද (10) වනවිට ආසාදිතයන් ගණන 53 දෙනකු වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි. 10 August 2022
විදුලිබල මණ්ඩලයේ සියලු වියදම් ජනතාව මත පැටවීම යුක්තිසහගත නෑ විදුලිබල මණ්ඩලයේ අකාර්යක්ෂමතාවය, දූෂණය වැනි දේ සම්බන්ධයෙන් මූලික ඇගයීම් නොකර එහි දුර්වලතා සහ සියලු වියදම් ජනතාව මත පැටවීම යුක්ති සහගත නැතැයි, 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 10 August 2022
පොළොන්නරුවේ අතඇරදා තිබූ කෘෂි උපකරණ කන්දකාඩුවේදී වැඩට ගන්න යයි පොලොන්නරුව ගල්ලෑල්ල ජාතික පශු සම්පත් ගොවිපොළේ වසර කිහිපයක් තිස්සේ භාවිතයට නොගත් වටිනා කෘෂි උපකරණ රැසක් කන්දකාඩු බඩඉරිඟු වගාව සඳහා යෙදවීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 10 August 2022
තෙල් පිරිපහදු දීමනා කෝටි 300යි තෙල් පිරිපහදුවේ සේවකයන් සඳහා පසුගිය මාස කිහිපයේදී අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙවා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 10 August 2022
පාර්ලිමේන්තුව සැසිය පටන් ගත්දා තේ බිල ජනපති ගෙවයි පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ සමස්ත වියදම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික මුදලින් ගෙවූ බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා පැවසීය. 10 August 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුව 15 වැනිදා නැවත විවෘත කරයි සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස 15 වනදා නැවත විවෘත කරන බවත් ඉන්පසුව ඉන්ධන වර්ග බොහොමයක් නිෂ්පාදනය ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 10 August 2022
අරගලකරුවෝ ගාලු මුවදොර අරගලභූමියෙන් ඉවත් වෙති ගාලුමුවදොර අරගල භූමියෙන් ඉවත්වීමට එම අරගලකරුවෝ ඊයේ (9) රාත්‍රියේ ඒකාබද්ධව තීරණය කළහ. 10 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025