ජනාධිපතිට අමතක වූ දෙයක් මුජුබුර් මතක් කරයි රජයේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ දී ජනාධිපතිවරයාට ප්‍රධාන කාරණයක් අමතක වූ බව සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 August 2022
කිරිඇල්ල ජනාධිපති ගැන ආඩම්බර වෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුයේ අරගලය නිසා බැවින් බුදුන් වහන්සේ ඉගැන්වූ ප්‍රථම පාඩම වන කළගුණ සැලකීම ගැන එතුමා අවධානය යොමු කළ යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 09 August 2022
පාර්ලිමේන්තුවේ සිදුවීම් ගැන සාමාන්‍ය නීතිය අනුව පියවර ගන්න බෑ පාර්ලිමේන්තුව තුළ සිදුවන දේපල විනාශ කිරීම් හෝ වෙනත් කටයුතු සම්බන්ධයෙන් රටේ පවතින සාමාන්‍ය නීති යටතේ කටයුතු කළ නොහැකි බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 09 August 2022
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කෙරේ නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තේරීම් කාරක සභාව (committee of selection) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (9) පත් කරනු ලැබීය. 09 August 2022
අයවැය විසර්ජන පනත් කෙටුම්පත මැතිසබයට ඉදිරි මාස හතරේ රජයේ වියදම් සඳහා වන අයවැය විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද පස්වරුවේ ඉදිරිපත් කරනු ලැබිය. 09 August 2022
ප්රජාතන්ත්රවාදය රැක්ක හමුදාවට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි ප්‍රචණ්ඩකාරීන්ගෙන් පාර්ලිමේන්තුව රැක ගනිමින් ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කළ හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 09 August 2022
පාර්ලිමේන්තුවට යන්න කලින් සජබ මන්ත්‍රීවරු උද්ඝෝෂණයක ආණ්ඩුව මහජන විරෝධතා මර්ධනය කරන බව කියමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු පිරිසක් බත්තරමුල්ල ජයන්තිපුර පාර්ලිමේන්තු පිවිසුම අසල අද විරෝධතාවයක් කළහ. 09 August 2022
රට ගොඩනැගීමට ඕනෑකමින් කැපවිය යුතුයි බලවත් ශක්තිමත් විධායක කමිටු ක්‍රමයක් පාර්ලිමේන්තුව හරහා ගොඩ නගමින් රට මේ ව්‍යසනයෙන් ගලවා ගැනීමට කැපවිය යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 09 August 2022
දුක්ගැනවිලි කියන ජනතා විරෝධතා මර්දනයට හදිසි නිතිය දැමීම හෙළා දකිනවා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් දුෂ්කරතාවලට මුහුණදී සිටින ජනතාවගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමෙන් වළක්වාලමින් විරෝධතා මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය හදිසි නිතිය දීර්ඝ කිරීම සහ නැවත නැවත භාවිතා කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 09 August 2022
ගම්මුලාදෑනීගෙ මල්ලි ඩීසල් එක්ක මාට්ටු මීගොඩ දහම් මාවත ප්‍රදේශයේ ග්‍රාම නිළධාරියකුට අයත් බව කියන නිවසක වැඩි මිලට විකිණිම සදහා සඟවා ගෙන සිටි ඩිසල් ලීටර් දහසක් සමගින් ග්‍රාම නිලධාරියාගේ සහෝදරයෙකු අද (09) දින සැකපිට අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි. 09 August 2022
අමරකීර්ති අතුකෝරල වෙනුවෙන් ත්‍රිපුද්ගල විනිශ්ච සභාවක්? ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා වෙනුවෙන් ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීම සඳහා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඊයේ ඉල්ලීමක් කර ඇත. 09 August 2022
ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනිම වලකාලනවාට නීතිපති විරුද්ධ වෙයි ජීවන්ත පීරිස් පියතුමා අත්අඩංගුවට ගැනීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කිරීමට තමන් විරුද්ධ වන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (09) දැනුම් දුන්නේය. 09 August 2022
කාන්තා පනතක් සංශෝධනයට ඇමැති මණ්ඩල අවසර කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීම සම්බන්ධයෙන් දැනට පවතින සීමාකාරී නෛතික ප්‍රතිපාදන සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 09 August 2022
විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහලට විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළ දැමීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 09 August 2022
අනාගතයේ අභාග්‍යයට වැළළුණු සම්පත් කැබිතිගොල්ලෑව අංක 26 කුංචුට්ටු තුලානේ දුටුවැව ගම්මානයේ මහා රූස්ස වනාන්තරයක් මැද ඩොලර් බිලියන ගණන් උපයා ගත හැකි ජාතික සම්පතක් වූ මිනිරම්පතල ප්‍රයෝජනයට නොගැනීම මහා අපරාධයක් බව දුටුවැව ගම්වාසීහු පවසති. 09 August 2022
බත් පැකට් එකක-තේ කෝප්පයක මිල පහළට ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත වැටීම පිළිබඳ අවධානය යොමු කරමින් බත් පැකට් එකක මිල සියයට 10 කින් ද, තේ කෝප්පයක මිල රුපියල් 30 ක් දක්වා ද, අඩු කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා පැවසීය. 09 August 2022
අරගලයට දින 123යි 74 වසරක දේශපාලන සාපය නිමා කරන ලෙසත් ජනතාවාදී පාලනයක් ගොඩනගන ලෙස ඉල්ලමින් කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවයක නිරත වෙන තරුණ තරුණියන්ගේ අරගලයට අදට දින 123 වේ . 09 August 2022
තානාපතිවරයෙක් අමාත්‍යාංශ ලේකම්වරු සිවුදෙනෙක් උසස් නිලතල කමිටුවට ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරු සිවු දෙනෙක් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට කැඳවනු ලැබ සිටිති. 09 August 2022
ගෑස් සඳහාත් මිල සූත්‍රයක් ගෘහස්ථ ගෑස් සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 09 August 2022
පාවී ආ යකඩ බටය මෝටර් රථය සිදුරු කරයි කොළඹ පුරහල ආසන්නයේ ඉදි කෙරෙමින් පවතින මහල් 20 කින් පමණ වූ ගොඩනැගිල්ලකින් මාර්ගයට ඇදවැටුණු යකඩ බම්බුවක් කාර් රථයක ඉදිරියට පතිතවීමෙන් කාර් රථයට හානි සිදුවී ඇති අතර පුද්ගලයකුගේ පාදයකට සුළු තුවාල සිදු වී තිබේ. 09 August 2022
බ්‍රිතාන්‍යයේ පෝලියෝ බියක් පෝලියෝ වයිරසයේ ව්‍යාප්තිය ගැන බියක් හටගැනීමත් සමඟ ලන්ඩන් නුවර අවුරුදු 10 ට අඩු පොඩිත්තන්ට පෝලියෝ මර්දන බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ. 09 August 2022
ධූරයේදී ලැබුණු තෑගි ඉම්රාන් ගෙදර අරන් ගිහින් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, සිය ධුර කාලය අතරතුරේ විදෙස් දූතයන්ගෙන් ලැබුණු ත්‍යාගවලින් වැඩි ප්‍රමාණයක් ධුරයෙන් පිටව යද්දී රැගෙන ගොස් ඇති බවත්, ‘ටොෂඛානා’ දෙපාර්තමේන්තුවට ගෙවා ඇත්තේ භාණ්ඩ කීපයක් සඳහා ඒවායේ වටිනාකම පමණක් බවත් ෂෙහ්බාස් ෂරීෆ්ගේ වත්මන් රජය චෝදනා කරයි. 09 August 2022
ආයුධ පෙන්වන්න ගිය අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගල්වළකින් වැටී මරුට ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයකු බව කියන කඩවත ඉහල බියන්විල ප්‍රදේශයේ පදිංචි සැකකරුවකු සඟවා ඇති ආයුද තොගයක් පෙන්නිමට ගිය අවස්ථාවේ ගල්වලකින් පහළට වැටී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි නවගමුව පොලිසිය කියයි. 09 August 2022
සංචාරක කර්මාන්තයට නව ඉන්ධන කාඩ් පතක් සංචාරක කර්මාන්තයේ ඉන්ධන අවශ්‍යතාව සම්පුර්ණ කිරීමට නව ඉන්ධන කාඩ් පතක් එළඹෙන සතියේ හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 09 August 2022
දිස්ත්‍රික්ක කීපයකට වැසි වාර කිපයක් ඇති වෙයි බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (9) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 August 2022
කතරගම 400ක් ගිනි පාගති කතරගම ඇසළ පෙරහරට සමගාමිව සිදුකරන ගිනි පෑගිමේ උත්සවයට බැතිමත්හු 400ක් පමණ එක්වී සිටියහ. 09 August 2022
මහ දවල් කොටහේනේ කොල්ලය කොටහේන බෙනඩික් මාවතේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසකට මහ දවාලේ අත් මාංචු යුගලක් රැගෙන ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනකු නිවෙස් හිමියන් බිය ගන්වා රුපියල් කෝටි ගණනක රන් භාණ්ඩ සහ මුදල් තොගයක් පැහැර ගෙන ගොස් ඇතැයි කොටහේන පොලීසිය කියයි. 09 August 2022
ගිවිසුම කඩකරත් බලධාරීන් නිහඬයි ලංකා ධීවර සංස්ථාවට අයත් ගාල්ල ශීතාගාර සංකීර්ණයේ මසුන් සැකසුම් ඒකකයේ අධිශීතාගාර සහ ශීතාගාර බදු පදනම මත ලබාගෙන තිබෙන ප්‍රධාන පෙළේ ටින්මාළු සමාගමක් ගිවිසුම් කඩකරමින් රුපියල් මිලියන 6ක බැංකු ඇපකරය තැන්පත් කිරීම වසරකට වැඩි කාලයක් පැහැර හැර ඇති බව වාර්තා වේ. 09 August 2022
මන්ත්‍රීවරු පහකට ගමන් පහසුව අගමැති කාර්යාලයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු සඳහා මාස දෙකක කාලයකට අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ප්‍රවාහන පහසුකම් ලබාදීමට අග්‍රමාත්‍ය කාර්යාලය තීරණය කර ඇතැයි වාර්තා වේ. 09 August 2022
හික්කඩුවේ හෝටලයක ගින්නක් හික්කඩුව වවුලගොඩ ප්‍රදේශයේ හෝටලයක් අද (08) රාත්‍රියේ ගිණි ගැනිමට ලක්ව ඇති බැව හික්කඩුව පොලිසිය පවසයි. 08 August 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025