IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නීති උපාධියට කඩ්ඩ ඕන යෝජනාව පරාදයි

(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න )

නීතිය අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් පැවැත්වීමට අදාල ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී අද වැඩි ජන්දයෙන් පරාජයට පත්විය.

ගැසට් නිවේදනයට විරුද්ධව ඡන්ද  113ක්  ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම නිවේදනයට ඡන්දයක් අවශ්‍ය බව ප්‍රකාශ කළේය.

ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා  පමණක් යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

 



අදහස් (9)

නීති උපාධියට කඩ්ඩ ඕන යෝජනාව පරාදයි

pakeer Tuesday, 21 March 2023 11:15 AM

මෙලෝ වැඩක් නැහැ ඉතින් උපාධියෙන් .මේකේ ඉන්න ගෙම්බෝ තල තල ඉන්න පුළුවන්

:       3       13

පිටිගල මිලානෝ Tuesday, 21 March 2023 11:19 AM

පාර්ලිමේන්තුවේ බහුතරයකට ඉංග්‍රීසි කියන්නේ නයාට භූමිතෙල් වගේ. මෝඩ දූපතේම හිරවෙලා හිටපල්ලා. අපි සන්ග්ලාස් දාගෙන නිවාඩුවට ඇවිල්ලා උඹලාට කඩ්ඩ දාලා යුරෝ ටිකක් වනලා විනෝදවෙලා යන්නම්. පුදුම රටක්……!

:       10       21

sujeewarWednesday, 22 March 2023 10:26 AM

කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා ඔබ නම් නීතිය ගැන මෙලෝ හසරක් නොදන්න කෙනෙක්. ඉංජිනේරු, වෛද්‍ය වගේ ඇතැම් වෘත්තීන් ලෝකෙ කොහේ ගියත් එකම න්‍යායන් බැවින් ඕන රටක ලෙඩෙකුට ප්‍රතිකාර කල හැකි වුනාට නීතියේම මූලධර්මවලට අනුව නීතිය බිහි විය යුත්තේ ස්ව භූමියෙන්මය. එනම් රටේ ජනතාවගේ අවශ්‍යතා හා සංස්කෘතීන් අනුවය. එබැවින් අපේ රටේ නීතිය ඉගෙන ගත් අයකු සේවය කරන්නේ මේ රටේ මිනිසුන්ටය. කලාතුරකින් අතිදක්ෂ නීතීවේදීන් ජාත්‍යන්තරය ජයගෙන ඇත. මේ රටේ මිනිසුන් සියල්ල ඉංග්‍රීසියෙන් අදහස් ප්‍රකාශකිරීමට හුරු වීමෙන් පසුව මෙම නීතිය රැගෙන ඒම සුදුසුය. මා මෙය දකින්නේ මූලික අයිතිවාසිකම් රැකිය යුතුම ස්ථානයකින් නොරැකුණු අයිතිවාසිකමක් පාර්ලිමේන්තුව විසින් රැකදීමක් ලෙසය. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන නමුත් අදටත් නඩු තීක්දු සාමාන්‍ය ජනතාවට තම භාෂාවෙන් දැනගැනීමට හැකියාවක් නැත. ස්වභාෂාවෙන් හදාරන නීතීඥයන් පහල අධිකරණවලදී සාමාන්‍ය ජනතාවට සේවය කරනු ඇත. ඉංග්‍රීසි දන්නා ස්වදේශිකයන් ඉහල අධිකරණ වලදී ජනතාවට සේවය සලසනු ඇත. ඉංග්‍රීසි පමණක් වුවහොත් හැඟීම්වලින් ස්වදේශි නොවන එහෙත් ඉංග්‍රීසි දන්නා පැලැන්තියක් ජනතාවගේ නීතිය තීරණය කරනු ඇත

:       0       0

නන්දන පනා-මිලානෝ Tuesday, 21 March 2023 12:13 PM

ලෝකෙන් උතුම් රට ලංකාවයි…සිරි ලංකාවයි සිංදව කියකියා දූපතේම හිටපල්ලා.

:       4       15

Dharmatileke Tuesday, 21 March 2023 12:18 PM

භාෂා දෙකක් බැරි කිඉසීම කෙනෙක් පාර්ලිමෙන්තුවේ හෝ වෙනත් තැනකට සුදුස්සෙක් නොවේ

:       2       15

ලංකාපුත්‍ර Tuesday, 21 March 2023 01:19 PM

සහතික ඇත්ත 1956 පචමහා බලවේගය ගෙනාවෙ නැත්නම් මේ වනවිටත් සිංහල මිනිසුන්ට ඉංග්‍රීසි අපහසු වෙන්නෙ නැහැ බණ්ඩයියා ඔහුගේ වරිග පරම්පරාව රැකීමට සිංහල පමණක් කලා. මෝඩයෝ පැනගෙන ගොස් උඩින්ම පත්කිරීම අවුරුදු තිහක යුද්ධය සමග සිංහලයෝ නූගතුන් පිරිසක් වුනා. මෙදා කරල තියෙන්නෙ ඒකම නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්. .ඇත්තටම අපේ සහෝදර ජනතාව වන දෙමළ හා මුස්ලිම් ජනතාව තමන්ගෙ භාෂාවට අමතරව සිංහල හා ඉංග්‍රීසි හොදින්ම දන්නවා. අනේ 113 ක් වූ මෝඩයිනේ අපිට ඔහොම නොකරපල්ලා.

:       1       1

Supun Tuesday, 21 March 2023 01:34 PM

ගොඩක් හොඳයි. රටේ නීතිය රටේ භාෂාවෙන් ඉගෙන ගන්න ඕනි. ගොඩක් දුප්පත් ළමයින්ට ලෝයර් කෙනෙක් වෙන්න බැහැ නැත්නම්.

:       2       5

nimal Tuesday, 21 March 2023 02:27 PM

ඕකේ ඉන්න උන්ට ඉංග්‍රීසි බෑ.අනික ඉන්න ගොඩක් උන් ලංකාවේ ඩිග්රි කරපු අය .ඉංග්‍රීසි බැරි උනොත් ඔය ගන්න පුළුවන් එකත් නැති වෙනවා

:       0       0

Lal Tuesday, 21 March 2023 05:37 PM

ගොන් වැඩක්.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site