IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉන්ධන වලට සහනයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ඉන්ධනවලට  ලබන මාසයේදී   ජනතාවට දැනෙන සහනයක් දෙන බව  විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද ( 21) පැවසීය.

ඊට පසුව දෙසැම්බර් මාසයේදී විදුලි  බිලටත් සහනයක් දෙන බව හෙතෙම සඳහන් කළේය. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග පිළිබඳව විවාදයේදීය.

කංචන විජේසේකර මහතා මෙසේද සඳහන් කළේය.

බොරතෙල් මිල අඩු වෙමින් තියෙනවා. ඒ වගේම රුපියලත් ශක්තිමත් වෙනවා. ඉන්ධන මිල සහනයක් දෙන්න කියලා ජනාධිපතිතුමා දැනටමත් මට උපදෙස් දීලා තියෙනවා. අපි ඒ සහන දෙනවා.

"පාරවල්වල උද්ඝෝෂණය කරලා විදුලියේ ස්වීච් ඕෆ් කළාම  රටට ආයෝජකයෝ එන්නේ නැහැ. සමහර දේශපාලන පක්ෂ කරන්නේ
ඒ වැඩේ. දේශපාලන පක්ෂ මෙහෙයවන වෘත්තීය සමිති තියෙනවා. සමහරු පළාත් පාලන මැතිවරණයට පවා ඉදිරිපත් වෙලා තියෙනවා. මූල්‍ය අරමුදලේ මුදල් එනකොට ඒ අයගේ  එක සටන් පාඨයක් නැති වෙනවා. ඉන්ධන මිල අඩු වෙන කොට තවත් සටන් පාඨයක් නැති වෙනවා. බඩු මිල අඩු වෙනකොට තවත්  සටන් පාඨයක් නැති වෙනවා. ඒ නිසා මේ අය දැන් කුලප්පු වෙලා. තර්ජන ගර්ජන කරනවා. රටට කුමක් වුණත් කමක් නෑ තමන්ට බලයට  ගන්න පුලුවන් නම් . වර්ජන තර්ජන කරනවා. විදුලිබල මණ්ඩලය ඛනිජ තෙල් සංස්ථාව ප්‍රති ව්‍යුහගතකරණ  වැඩපිළිවෙළ  ආපස්සට ගන්න සූදානම් නැහැ. ජාත්‍යන්තර සැපයුම්කරුවන්ට ඉන්ධන සැපයුම්  වෙළෙඳපොළ  විවෘත කිරීමට කටයුතු කරනවා. එහෙම කරන්නේ තෙල් පිළිබඳ තරගකාරිත්වයක් ඇති කිරීමට.



 



අදහස් (5)

ඉන්ධන වලට සහනයක්

surnimal Tuesday, 21 March 2023 01:22 PM

සහන දෙන්නේ ගෙදරින් ගෙනල්ලද? සහන නෙමෙයි හරි ගානට දෙනවා. තමුන්ලගේ සහන අපට එපා. අහිංසක මිනිස්සු රවට්ටලා ප්‍රජාතන්ත්‍රවාදය පලපල්ලට යවන තමුන්ලා ගැන අපිට තියෙන්නේ තරහක්. කලකිරීමක්.

:       3       17

de silva Tuesday, 21 March 2023 01:47 PM

අපට සහන හෝ ඔබගේ අනුකම්පාවක් අවශ්‍ය නැහැ. පොරොන්දු වුණු පරිදි වාහාම මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න. ඉන්ධන ගෙන්වනවිට විධිමත් ටෙන්ඩර් පටිපාටියක් අනුව කටයුතු කරන්න. ගසාකෑම නවත්වන්න.

:       3       18

pradeep Tuesday, 21 March 2023 02:17 PM

එතකොට රට බංකොළොත් කලේ කවුද? ඔය හොරු නඩය නෙමේද? ලැජ්ජාවක් නැතුව කියෝන හැටි.

:       4       12

සමල් Tuesday, 21 March 2023 03:57 PM

මේ වතාවේ වත් පසුම්බියට දැනෙන ගණනකින් (රුපියල් 100/- කින් වත්) මිල අඩුකළයුතුයි.

:       4       10

චන්දන Tuesday, 21 March 2023 06:03 PM

ඇත්ත . සියලු ඉන්ධනවල මිල 100 කින් වත් අඩු කල යුතුය .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site