(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන රවිඳු වර්ණ රංග නොහොත් බුරු මුණාට කොන්ත්‍රාත්තුවක් දී ද්විත්ව ඝාතනයක් සිදුකළ බව කියන කාන්තාවක් හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හික්කඩුව පොලීසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිඟිති නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට සැකකාරිය ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් අතින් ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධකරුවකු වූ කටා රොෂාන් නැමැත්තාගේ නැගණිය බව පොලීසිය සඳහන් කරයි.
ඉකුත් ඔක්තෝම්බර් 31 මෙම දිවිත්ව ඝාතනය සිදුකර තිබුණේ හික්කඩුව ප්‍රදේශයේ දී ය.
සැකකාරිය එම දිවිත්ව ඝාතනය සිදු කිරීම සඳහා බුරු මුනා ට රුපියල් ලක්ෂ විස්සක් මෙන්ම ගිනි අවියක් ත්‍රීරෝද රථයක් යතුරු පැදියක් ලබාදී ඇති බවට අනාවරණය වී ඇත.
සැකකාරිය ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 2 ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
428
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1029
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බූරු මුණාට ඝාතන කොන්ත්‍රාත්තුවක් දුන් කතක් මාට්ටු
Kamal Koyrala Tuesday, 21 March 2023 02:05 PM
නියමයි සිගිති පොලීසියෙන් සාධාරනය නැතිනම් පිලි ගත යුතුමයි පොලිසියත් සිගිති කුඩුජාවාරම් කරනව කියල දාන්න ගත්තෙ බූරුමුනගෙන්ම වෙන්න අති මොකද දැන් පොලොසියෙ උකුසු ඇස් නැහැ බලු මූනල ඉන්නෙ දේශපාලන අසුචි කන.