IMG-LOGO

වැටුප් ප්‍රශ්නය විසඳන්න නීතිපතිට පවරයි

(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික විරරත්න)

පලාත් පාලන මැතිවරණයට  නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයන් තුන්දහසට  යළි වැටුප් ලබාදීමේ හැකියාව ගැන නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇතැයි  පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ( 21) පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාව එම මැතිවරණය සඳහා දින නියම කර තිබීම නිසා මේ ගැටලුව මතුව ඇතැයිද  ඔහු සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඩලස් අලහප්පෙරුම සහ විමල් වීරවංශ යන මහත්වරුන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.

ජානක වක්කුඹුර මහතා මෙසේද සඳහන් කළේය.

මැතිවරණ කොමිසම මැතිවරණයට දිනයක් දීලා තියෙනවා. ගැටලුව තියෙන්නේ එතන. අපි ඉන්නෙත් දෙන්න ඕන කියන මතයේ. මොකද ඒ පිරිසේ අපේ අයත් ඉන්නවා. මිනිස්සු අපෙන් ප්‍රශ්න කරනවා. ප්‍රදේශයේ දේශපාලනය කරන්නේ නැහැ කියලා දිවුරුම් ප්‍රකාශයක් අරගෙන වෙනත් ප්‍රදේශයක රාජකාරිවලට මාරු කර යැවීමටත් අවධානය යොමුවී තිබෙනවා. උපදෙස් අරගෙන පියවරක් ගන්නවා.

ඩලස් අලහප්පෙරුම මහතා:

මැතිවරණ දිනය අනන්තය දක්වා දිවෙන එකක්. අපි මූලික වැටුප ගෙවිය යුතුයි කියන තැනට සාමූහික තීන්දුවක් ගනිමු. සිංහල අවුරුද්ද උදා වෙනවා. මේ අය කොහොමද වැටුප් නැතුව ජීවත් වෙන්න.

විමල් වීරවංශ මහතා:

ඒ අය ඡන්දය ඉල්ලන කොට්ඨාසයෙන් පරිබාහිර කොට්ඨාසයකට හරි මාරු කරලා අවුරුද්දට කලින් වැටුප දෙන්න විදියක් හදන්න. නැත්නම් අපි හැමෝම මේකෙ වගඋත්තරකරුවෝ වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා:

මේ අයට පඩි ගෙවන්න කටයුතු කරන්න. ඒක සාධාරණයි. ඡන්දය තියන්න රජය සූදානමක් නැහැ.අපි කොහොමත් ඒකට අධිකරණයට යනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා;
1987 දී නාමයෝජනා දුන්නා. දීපු දීපු  ජනතා විමුක්ති පෙරමුණෙන් මැරුවා. තුන්සිය ගාණක් මැරුවා. අන්තිමට 92 ට ඡන්දය කල් දැම්මා. නමුත් කැබිනට් තීන්දුවක් අරගෙන දිගටම පඩි දුන්නා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නෑ. මේ අයට පඩි දෙන්න පුළුවන්.



 



අදහස් (0)

වැටුප් ප්‍රශ්නය විසඳන්න නීතිපතිට පවරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 796 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1209 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site